2 තිමෝති 1:6-8

ඒ හේතුව නිසා මා ඔබට මතක් කරන්නේ, මගේ අත් තැබීම තුළින් ඔබ ලද දෙවියන්වහන්සේගේ දීමනාවේ ගිනි සිළුව, දල්වා තබා ගන්නා ලෙසයි. මන්ද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නො ව, බලයේත්, ප්‍රේමයේත්, සංයමයේත් ආත්මයකි. එබැවින් අප ස්වාමින්වහන්සේගේ සාක්ෂිය ගැනවත්, උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැනවත් ලජ්ජා නො වන්න. එහෙත් දෙවියන්වහන්සේගේ බලයෙන්, ශුභාරංචිය උදෙසා දුක් ඉසිලීමට පංගුකාර වන්න.
2 තිමෝති 1:6-8