2 වංශාවලිය 15:7-8

එහෙත් ඔබ සවිමත් ව සිටින්න. අත් බෙලහීන වන්නට ඉඩ නො දෙන්න. මන්ද ඔබේ වැඩට ඉටු විපාක ලැබෙන්නේ යැ” යි පැවසී ය. ආසා මේ වචන එනම් දිවැසිවර ඕදේද්ගේ පුත් අසරියාගේ දිවැස් වැකිය ඇසූ විගස ධෛර්යවත් වී, මුළු යූදා හා බෙන්යමින් දේශයෙන් ද තමා අල්ලා ගත් එප්‍රායිම් කඳුකරයේ නගරවලින් ද පිළිකුල් සහගත දේවතා පිළිම ඉවත් කර, ස්වාමින්වහන්සේගේ ගෘහයේ පිවිසුම් ශාලාව ඉදිරිපිට තිබූ ස්වාමින්වහන්සේගේ පූජාසනය පිළිසකර කළේ ය.
2 ලේකම් 15:7-8