නොකඩව යාච්ඤාවේ යෙදෙන්න. සෑම සියල්ලේදී ස්තුති දෙන්න. ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ උදෙසා දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි.
ආත්මයාණන්වහන්සේගේ දැල්වීම නො නිවාලන්න. දිවැස් වැකි පැවසීම සුළු නො කරන්න. ඒ හැම දේ විමසා බලා, හොඳ දේ වැලඳගන්න. හැම අයුරක නපුරෙන් වළකින්න.