1 Samuel 2:2-5

“ස්වාමින්වහන්සේ බඳු ශුද්ධ කෙනකු තවත් නැත; ඔබවහන්සේ හැර වෙනත් කෙනකු නැත; අපේ දෙවියන්වහන්සේ බඳු පර්වතයක් තවත් නැත. “ඔතරම් අහංකාර ලෙස තවත් කතා නො කරන්න; ඔබේ මුවින් උඩඟුව නික්මෙන්නට ඉඩ නො දෙන්න; මන්ද ස්වාමින්වහන්සේ සියල්ල දන්නා දෙවියන්වහන්සේ ය; උන්වහන්සේ විසින් ක්‍රියා තුලනය කරනු ලබන්නේ ය. “ප්‍රබලයින්ගේ දුනු, බිඳිනු ලැබ ඇත; එහෙත් දුබලයෝ ශක්තියෙන් පලඳවනු ලබති. සෑහී, පිරී සිටි අය, අහර පිණිස කුලී වැඩට තමන් ම ඉදිරිපත් වෙති; එහෙත් සාගින්නෙන් සිටි අයට තවත් සාගිනි නො වේ. වඳ ව සිටි ඇත්තී, සත් දෙනකු බිහි කළා ය; එහෙත් දරු කැළක් සිටි ඇත්තී, අනාථ ව සිටින්නී ය.
1 සාමුවෙල් 2:2-5