1 සාමුවෙල් 2:1-8

1 සාමුවෙල් 2:1-8 - ඉන්පසු හන්නා යාච්ඤා කරමින්, මෙසේ කියන්නට වන්නී ය:
“මගේ හද, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතියෙන් කුල්මත් වෙයි;
මගේ අඟ ස්වාමින්වහන්සේ තුළ ඔසවනු ලැබ ඇත.
මගේ මුව, මගේ සතුරන් හමුවේ උදාරම් වෙයි;
මන්ද මම, ඔබේ ගැලවීම ගැන සොම්නස් වන්නෙමි.

“ස්වාමින්වහන්සේ බඳු ශුද්ධ කෙනකු තවත් නැත;
ඔබවහන්සේ හැර වෙනත් කෙනකු නැත;
අපේ දෙවියන්වහන්සේ බඳු පර්වතයක් තවත් නැත.

“ඔතරම් අහංකාර ලෙස තවත් කතා නො කරන්න;
ඔබේ මුවින් උඩඟුව නික්මෙන්නට ඉඩ නො දෙන්න;
මන්ද ස්වාමින්වහන්සේ සියල්ල දන්නා දෙවියන්වහන්සේ ය;
උන්වහන්සේ විසින් ක්‍රියා තුලනය කරනු ලබන්නේ ය.

“ප්‍රබලයින්ගේ දුනු, බිඳිනු ලැබ ඇත;
එහෙත් දුබලයෝ ශක්තියෙන් පලඳවනු ලබති.
සෑහී, පිරී සිටි අය, අහර පිණිස කුලී වැඩට තමන් ම ඉදිරිපත් වෙති;
එහෙත් සාගින්නෙන් සිටි අයට තවත් සාගිනි නො වේ.
වඳ ව සිටි ඇත්තී, සත් දෙනකු බිහි කළා ය;
එහෙත් දරු කැළක් සිටි ඇත්තී, අනාථ ව සිටින්නී ය.

“ස්වාමින්වහන්සේ මරන සේක; ජීවනයට ගෙනෙන සේක;
උන්වහන්සේ ෂෙයෝලයට බස්සන සේක. ඉහළට ඔසවන සේක.
ස්වාමින්වහන්සේ දුප්පත්කම එවන සේක; ධනවත් කරවන සේක;
උන්වහන්සේ යටහත් කරන සේක; උසස් කරන සේක.
උන්වහන්සේ දූලියෙන් දුප්පතා නැගිටුවන සේක;
අළු ගොඩින් දිළිඳා ඔසවන සේක;
එසේ කරන්නේ උන්වහන්සේ අධිපතීන් සමඟ එකට ඔවුන් හිඳුවන පිණිස හා
ගෞරවයේ අසුනක උරුමය ඔවුන් ලබනු පිණිස ය.

ඉන්පසු හන්නා යාච්ඤා කරමින්, මෙසේ කියන්නට වන්නී ය: “මගේ හද, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතියෙන් කුල්මත් වෙයි; මගේ අඟ ස්වාමින්වහන්සේ තුළ ඔසවනු ලැබ ඇත. මගේ මුව, මගේ සතුරන් හමුවේ උදාරම් වෙයි; මන්ද මම, ඔබේ ගැලවීම ගැන සොම්නස් වන්නෙමි. “ස්වාමින්වහන්සේ බඳු ශුද්ධ කෙනකු තවත් නැත; ඔබවහන්සේ හැර වෙනත් කෙනකු නැත; අපේ දෙවියන්වහන්සේ බඳු පර්වතයක් තවත් නැත. “ඔතරම් අහංකාර ලෙස තවත් කතා නො කරන්න; ඔබේ මුවින් උඩඟුව නික්මෙන්නට ඉඩ නො දෙන්න; මන්ද ස්වාමින්වහන්සේ සියල්ල දන්නා දෙවියන්වහන්සේ ය; උන්වහන්සේ විසින් ක්‍රියා තුලනය කරනු ලබන්නේ ය. “ප්‍රබලයින්ගේ දුනු, බිඳිනු ලැබ ඇත; එහෙත් දුබලයෝ ශක්තියෙන් පලඳවනු ලබති. සෑහී, පිරී සිටි අය, අහර පිණිස කුලී වැඩට තමන් ම ඉදිරිපත් වෙති; එහෙත් සාගින්නෙන් සිටි අයට තවත් සාගිනි නො වේ. වඳ ව සිටි ඇත්තී, සත් දෙනකු බිහි කළා ය; එහෙත් දරු කැළක් සිටි ඇත්තී, අනාථ ව සිටින්නී ය. “ස්වාමින්වහන්සේ මරන සේක; ජීවනයට ගෙනෙන සේක; උන්වහන්සේ ෂෙයෝලයට බස්සන සේක. ඉහළට ඔසවන සේක. ස්වාමින්වහන්සේ දුප්පත්කම එවන සේක; ධනවත් කරවන සේක; උන්වහන්සේ යටහත් කරන සේක; උසස් කරන සේක. උන්වහන්සේ දූලියෙන් දුප්පතා නැගිටුවන සේක; අළු ගොඩින් දිළිඳා ඔසවන සේක; එසේ කරන්නේ උන්වහන්සේ අධිපතීන් සමඟ එකට ඔවුන් හිඳුවන පිණිස හා ගෞරවයේ අසුනක උරුමය ඔවුන් ලබනු පිණිස ය.

1 සාමුවෙල් 2:1-8

1 සාමුවෙල් 2:1-8