1 පේතෘස් 5:7-9

උන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් බැවින්, ඔබගේ හැම තැවුල් උන්වහන්සේ වෙත හෙළා ලන්න. සන්සුන් ව සිටින්න; විමසිල්ලෙන් සිටින්න. ඔබගේ සතුරා වූ යක්ෂයා කවරකු ගොදුරු කර ගනිම්දෝයි මාන බලමින්, ගොරවන සිංහයකු සේ ඔබ මොබ ගැවසෙයි. ලොව පුරා ඔබගේ සහෝදරයින් ද ඔබ මෙන් එක ම විදියේ දුක් පීඩා මැදින් ගමන් ගන්නා බව ඔබ දන්නා බැවින්, ඇදහිල්ලේ ස්ථාවර ව පිහිටා සිට, යක්ෂයාට එරෙහි වන්න.
1 පේතෘස් 5:7-9