1 පේතෘස් 3:8-17

1 පේතෘස් 3:8-17 - අවසන් වශයෙන් ඔබ හැම, එකිනෙකා හා සමඟියෙන්, සානුකම්පිත ව, සහෝදර ප්‍රේමයෙන් යුතු ව, මෘදු හදවතින් හා නිහතමානී සිතින් සිටින්න. නපුරට නපුරවත්, නිග්‍රහයට නිග්‍රහයවත් නො කරන්න. එසේ නො කර, ඔබ කැඳවා ඇත්තේ ආශිර්වාදයක් උරුම කර ගන්නට බැවින් ආශිර්වාද කරන්න. මන්ද,
“ජීවිතයට ප්‍රේම කරන්නට හා
භාග්‍යවත් දවස් දකින්නට ආශා කරන කවරෙක් වුව,
තම දිව නපුරෙන් ද
තම තොල් රැවටිලි කතාවෙන් ද දුරුව තබා ගනිත්වා.
ඔහු නපුරෙන් ඉවත හැරී, යහපත කළා වේ.
ඔහු සාමය සොයා, එය ලුහුබැඳ ගියා වේ;
මන්ද ස්වාමින්වහන්සේගේ ඇස්, ධර්මිෂ්ඨයින් වෙත ය;
උන්වහන්සේගේ කන්, ඔවුන්ගේ යාච්ඤාවට විවෘත ය;
එහෙත් නපුර කරන්නන්ට ස්වාමින්වහන්සේගේ මුහුණ විරුද්ධ ය.”
යහපත කිරීමට ඔබ උද්යෝගී නම්, ඔබට අනතුරු කරන්නේ කවුරු ද? එසේ වුවත් ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නට ඔබට සිදු වුවත්, ඔබ ආශිර්වාද ලබන්නේ ය. “ඔවුනට බය නො වන්න; නො කැලඹෙන්න.” ඔබේ හද තුළ ස්වාමින්වහන්සේ ලෙස ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරමින්, ඔබට ඇති බලාපොරොත්තුව ගැන හේතු විමසන සැමට නිසි පිළිතුරු දීමට හැම විට සූදානමින් සිටින්න. එහෙත් ආචාරශීලී ව හා ගරු සැලකිල්ලෙන් යුතු ව එසේ කළ යුත්තේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබගේ යහ පැවැත්ම ගැන පරිභව කරන්නන් ඔබට අපහාස කරන කල, ඔවුන් ලජ්ජාවට පත් වන පිණිස, පිරිසිදු හෘදය සාක්ෂියක් ඇති ව ය. මන්ද යහපත කර දුක් විඳීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නපුර කර දුක් විඳීමට වඩා එය හොඳ ය.

අවසන් වශයෙන් ඔබ හැම, එකිනෙකා හා සමඟියෙන්, සානුකම්පිත ව, සහෝදර ප්‍රේමයෙන් යුතු ව, මෘදු හදවතින් හා නිහතමානී සිතින් සිටින්න. නපුරට නපුරවත්, නිග්‍රහයට නිග්‍රහයවත් නො කරන්න. එසේ නො කර, ඔබ කැඳවා ඇත්තේ ආශිර්වාදයක් උරුම කර ගන්නට බැවින් ආශිර්වාද කරන්න. මන්ද, “ජීවිතයට ප්‍රේම කරන්නට හා භාග්‍යවත් දවස් දකින්නට ආශා කරන කවරෙක් වුව, තම දිව නපුරෙන් ද තම තොල් රැවටිලි කතාවෙන් ද දුරුව තබා ගනිත්වා. ඔහු නපුරෙන් ඉවත හැරී, යහපත කළා වේ. ඔහු සාමය සොයා, එය ලුහුබැඳ ගියා වේ; මන්ද ස්වාමින්වහන්සේගේ ඇස්, ධර්මිෂ්ඨයින් වෙත ය; උන්වහන්සේගේ කන්, ඔවුන්ගේ යාච්ඤාවට විවෘත ය; එහෙත් නපුර කරන්නන්ට ස්වාමින්වහන්සේගේ මුහුණ විරුද්ධ ය.” යහපත කිරීමට ඔබ උද්යෝගී නම්, ඔබට අනතුරු කරන්නේ කවුරු ද? එසේ වුවත් ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින්නට ඔබට සිදු වුවත්, ඔබ ආශිර්වාද ලබන්නේ ය. “ඔවුනට බය නො වන්න; නො කැලඹෙන්න.” ඔබේ හද තුළ ස්වාමින්වහන්සේ ලෙස ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරමින්, ඔබට ඇති බලාපොරොත්තුව ගැන හේතු විමසන සැමට නිසි පිළිතුරු දීමට හැම විට සූදානමින් සිටින්න. එහෙත් ආචාරශීලී ව හා ගරු සැලකිල්ලෙන් යුතු ව එසේ කළ යුත්තේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබගේ යහ පැවැත්ම ගැන පරිභව කරන්නන් ඔබට අපහාස කරන කල, ඔවුන් ලජ්ජාවට පත් වන පිණිස, පිරිසිදු හෘදය සාක්ෂියක් ඇති ව ය. මන්ද යහපත කර දුක් විඳීම දෙවියන්වහන්සේගේ කැමැත්ත නම්, නපුර කර දුක් විඳීමට වඩා එය හොඳ ය.

1 පේතෘස් 3:8-17

1 පේතෘස් 3:8-17