1 කොරින්ති 2:9-16

1 කොරින්ති 2:9-16 - එහෙත් ලියවී ඇති පරිදි:
“තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පිළියෙල කළ දෑ,
කිසි ඇසකට නො පෙනිණි;
කිසි කනකට නො ඇසිණි;
කිසි සිතකට නො සිතිණි.”
එහෙත් දෙවියන්වහන්සේ මේ දෑ ආත්මයාණන්වහන්සේ මගින් අපට එළිදරවු කළ සේක.
මන්ද, ආත්මයාණන්වහන්සේ සියලු දේ ම, එනම් දෙවියන්වහන්සේගේ ගැඹුරු කරුණු පවා විමසන සේක. මනුෂ්‍යාගේ සිතුවිලි ඔහු තුළ ඇති ඔහුගේ ම ආත්මය මිස අන් කවරෙක් දනිත් ද? එලෙස ම දෙවියන්වහන්සේගේ සිතුවිලි උන්වහන්සේගේ ආත්මයාණන් හැර, අන් කිසිවකු දන්නේ නැත. දැන් අප ලබා ඇත්තේ ලෝකයේ ආත්මය නො වේ. දෙවියන්වහන්සේ ත්‍යාගවත් ව අපට දෙන ලද දෑ වටහා ගන්නා පිණිස, දෙවියන්වහන්සේ වෙතින් වූ ආත්මයාණන් ය. අප මේ දෑ පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උගන්වන ලද වචනවලින් නො ව, ආත්මික වූ දෑ ආත්මික සත්‍යතා හා සසඳමින්, ආත්මයාණන්වහන්සේ විසින් උගන්වන ලද වචනවලිනි. ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වෙතින් එන දෑ පිළිගන්නේ නැත. ඒවා ඔහුට අඥානකම් ය. මන්ද ඒවා ආත්මික ව විමසා බැලිය යුතු වන බැවින්, ඒ දෑ ඔහුට වටහා ගත නො හැක. ආත්මික තැනැත්තා සියලු දේ විනිශ්චය කරයි. එහෙත් කිසිවකු විසින් ඔහු විනිශ්චය කරනු නො ලබයි. මන්ද,
“උන්වහන්සේට උපදෙස් දෙන පිණිස
ස්වාමින්වහන්සේගේ සිත දැනගත්තේ කවුරු ද?”
එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ සිත අපට තිබේ.

එහෙත් ලියවී ඇති පරිදි: “තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පිළියෙල කළ දෑ, කිසි ඇසකට නො පෙනිණි; කිසි කනකට නො ඇසිණි; කිසි සිතකට නො සිතිණි.” එහෙත් දෙවියන්වහන්සේ මේ දෑ ආත්මයාණන්වහන්සේ මගින් අපට එළිදරවු කළ සේක. මන්ද, ආත්මයාණන්වහන්සේ සියලු දේ ම, එනම් දෙවියන්වහන්සේගේ ගැඹුරු කරුණු පවා විමසන සේක. මනුෂ්‍යාගේ සිතුවිලි ඔහු තුළ ඇති ඔහුගේ ම ආත්මය මිස අන් කවරෙක් දනිත් ද? එලෙස ම දෙවියන්වහන්සේගේ සිතුවිලි උන්වහන්සේගේ ආත්මයාණන් හැර, අන් කිසිවකු දන්නේ නැත. දැන් අප ලබා ඇත්තේ ලෝකයේ ආත්මය නො වේ. දෙවියන්වහන්සේ ත්‍යාගවත් ව අපට දෙන ලද දෑ වටහා ගන්නා පිණිස, දෙවියන්වහන්සේ වෙතින් වූ ආත්මයාණන් ය. අප මේ දෑ පවසන්නේ මිනිස් ප්‍රඥාවෙන් උගන්වන ලද වචනවලින් නො ව, ආත්මික වූ දෑ ආත්මික සත්‍යතා හා සසඳමින්, ආත්මයාණන්වහන්සේ විසින් උගන්වන ලද වචනවලිනි. ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වෙතින් එන දෑ පිළිගන්නේ නැත. ඒවා ඔහුට අඥානකම් ය. මන්ද ඒවා ආත්මික ව විමසා බැලිය යුතු වන බැවින්, ඒ දෑ ඔහුට වටහා ගත නො හැක. ආත්මික තැනැත්තා සියලු දේ විනිශ්චය කරයි. එහෙත් කිසිවකු විසින් ඔහු විනිශ්චය කරනු නො ලබයි. මන්ද, “උන්වහන්සේට උපදෙස් දෙන පිණිස ස්වාමින්වහන්සේගේ සිත දැනගත්තේ කවුරු ද?” එහෙත් ක්‍රිස්තුස්වහන්සේගේ සිත අපට තිබේ.

1 කොරින්ති 2:9-16

1 කොරින්ති 2:9-16