ශෙපනියා 3:15-19
ශෙපනියා 3:15-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ ඔබේ දඬුවම ඉවත් කළ සේක; උන්වහන්සේ ඔබේ සතුරන් ආපසු හැරවූ සේක. ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවන් වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය. යළි කිසි කල කිසි ආපදාවකට ඔබ බිය නො වේ. ඒ දවසේ ඔවුන් යෙරුසලමට මෙසේ කියනු ඇත: “එම්බා සියොන, බිය නො වන්න; ඔබගේ අත් එල්ලා නො වැටේවා. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතරෙහි ය. උන්වහන්සේ ගලවන්නට බලවත් තැනැන්වහන්සේ ය. උන්වහන්සේ ඔබ ගැන ඉමහත් ව ප්‍රමෝද වන සේක; උන්වහන්සේ තම ප්‍රේමයෙන්, ඔබට තවත් තරවටු නො කරන සේක. උන්වහන්සේ ගී ගයමින්, ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වන සේක.” “නියමිත මංගල්‍ය පිළිබඳ ශෝක වන්නන් ඔබ වෙතින් මම ඉවත් කරන්නෙමි. ඒවා ඔබට බරකි; අවලාදයකි. ඔබට පීඩා කළ සියල්ලන් සමඟ ඒ දවසේ මම ගණන් බේරන්නෙමි. මම කොරුන් මුදා ගෙන, විසුරුවනු ලැබූවන් රැස් කරන්නෙමි. ඔවුන් නින්දාවට පත් හැම දේශයකදී ම මම ඔවුන්ට ප්‍රශංසාවත්, ගෞරවයත් ගෙන දෙන්නෙමි.
ශෙපනියා 3:15-19 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ නුඹේ විනිශ්චයන් පහකළසේක, නුඹේ සතුරන් පිටත හෙළූසේක. ඉශ්‍රායෙල් රජවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක. නුඹ තවත් විපත්තියට භය නොවන්නෙහිය. ඒ කාලයේදී යෙරුසලමට කියනුයේ: භයනොවන්න. සියොන්, නුඹේ අත් හෙළාවැටී නොතිබේවා. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ තුළ සිටිනසේක, උන්වහන්සේ ගළවන්ට බලවත්වූ තැනන්වහන්සේය. උන්වහන්සේ සන්තෝෂයෙන් නුඹ කෙරෙහි ප්‍රීතිවී, තමන්ගේ ප්‍රේමයෙහි නිශ්චලව සිටිනසේක, ප්‍රීති ඝෝෂාවෙන් නුඹ කෙරෙහි ප්‍රීතිමත්වනසේක. මංගල්‍ය රැස්වීම ගැන ශෝකවන්නන් රැස්කරන්නෙමි, ඔව්හු නුඹට අයිතිව සිටියෝය. එහි නින්දාව ඔවුන්ට බරක් විය. ඒ කාලයේදී නුඹට පීඩාකරන සියල්ලන්ට මම ප්‍රතිඵල දෙන්නෙමි. කොරගසගසා යන්නන් ගළවා, පන්නාදැමූවන් රැස්කොට, ඔවුන් ලජ්ජාව වින්දාවූ සියලුම දේශවල ඔවුන් ප්‍රශංසාවක්ද නාමයක්ද වෙන්ට සලස්වන්නෙමි.
ශෙපනියා 3:15-19 Sinhala New Revised Version (NRSV)
සමිඳාණෝ ඔබට විරුද්ධ ව තිබුණු නඩු තීන්දු අවලංගු කළ සේක; ඔබේ සතුරන් නෙරපාදැමූ සේක; ඉශ්රායෙල්හි රජ වන සමිඳාණෝ ඔබ සමඟ සිටින සේක. විපතට බිය වීමක් තවත් නැත.” එදින ජෙරුසලම මෙසේ කියනු ඇත. “සියොන් නගරය, බිය නොවන්න; ඔබ අත දුබල වන්නට ඉඩ නාරින්න. ඔබේ දෙවි සමිඳාණෝ ඔබ සමඟ ය; ඔබට ජය අත් කර දෙන සෙබළාණෝ ය. එතුමාණෝ ඔබ ගැන ප්‍රිය මනාප වන සේක; සිය පෙමින් ඔබට නව ජීවනයක් දෙන සේක; ඔබ ගැන සොම්නස් සිතින් ගී ගයන සේක; මංගල දවසක් මෙන් ප්‍රීති වන සේක; ඔබ නින්දාව නොලබන පිණිස ඔබ අතර විනාශය පහකරන සේක. ඒ කාලය පැමිණි විට නුඹට පීඩා කළ අයට මම දඬුවම් දෙන්නෙමි. කොරගසන අය මුදා හරින්නෙමි. වහල්කමට ගෙන ගිය අය රැස් කරන්නෙමි. ඔවුන් නින්දාව ලත් හැම රටවල ඔවුන්ට ප්‍රශංසාව හා කීර්තිය ලැබෙන්නට සලස්වන්නෙමි.
ශෙපනියා 3:15-19 Sinhala New Revised Version 2018 (SNRV)

ශෙපනියා 3:15-19 New International Version (NIV)
The LORD has taken away your punishment, he has turned back your enemy. The LORD, the King of Israel, is with you; never again will you fear any harm. On that day they will say to Jerusalem, “Do not fear, Zion; do not let your hands hang limp. The LORD your God is with you, the Mighty Warrior who saves. He will take great delight in you; in his love he will no longer rebuke you, but will rejoice over you with singing.” “I will remove from you all who mourn over the loss of your appointed festivals, which is a burden and reproach for you. At that time I will deal with all who oppressed you. I will rescue the lame; I will gather the exiles. I will give them praise and honor in every land where they have suffered shame.