සෙකරියා 7:8-14

සෙකරියා 7:8-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේගේ වචනය සෙකරියා වෙත පැමිණියේ ය: “සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘සැබෑ යුක්තිය ඉටු කරන්න. එකිනෙකාට දයාවත්, කරුණාවත් දක්වන්න. වැන්දඹුවනට හෝ පියා නැති අනාථයිනට හෝ විජාතීනට හෝ දුගියනට හෝ පීඩා නො කරන්න. එකිනෙකාට එරෙහිව කූට උපා නො යොදන්න.’ “එහෙත් ඔවුහු, ඊට අවධානය යොමු කිරීම ප්‍රතික්ෂේප කළහ. මුරණ්ඩුකමින් ඊට පිටුපා, තමන්ගේ කන්වල ඇඟිලි ගසා ගත්හ. තමන්ගේ හදවත් ගිනි-ගල් මෙන් දැඩි කර ගත් ඔවුහු, ව්‍යවස්ථාවටත්, සේනාංකවල ස්වාමින්වහන්සේ ස්වකීය ආත්මයාණන් මගින් පෙර සිටි දිවැසිවරුන් ලවා පැවසූ වචනවලටත් සවන් දුන්නේ නැත. එබැවින් සේනාංකවල ස්වාමින්වහන්සේ මහත් සේ උරණ වූ සේක. “ ‘මා හඬ ගැසූ කල ඔවුන් සවන් දුන්නේ නැත. එබැවින් ඔවුන් හඬ ගසන කල මමත් සවන් නො දෙන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. ‘ඔවුන් නො දත්, නො හඳුනන සියලු ජාතීන් අතරට සුළී-සුළඟකින් මම ඔවුන් විසුරුවා හළෙමි. ඔවුන් එය හැරගිය පසු, කිසිවකුටත් ආ-ගිය නො හැකි වන සේ දේශය පාළුවට ම ගියේ ය. ප්‍රිය ප්‍රසන්න දේශය ඔවුන් පාළුවට අත්හළේ එලෙසිනි.’ ”

සෙකරියා 7:8-14 Sinhala Revised Old Version (SROV)

තවද ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙතට පැමිණ කියනුයේ: සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: සැබෑලෙස විනිශ්චයකරන්න, එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වන්න. වැන්දඹුවට සහ පියා නැත්තාටත් විදේශියාට සහ අසරණයාටත් පීඩා නොකරන්න; නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුර යෝජනා නොකරල්ලායයි කීසේක. එහෙත් ඔව්හු ඇහුම්කන්දෙන්ට අකැමැතිව, කර ඇරියෝය, නොඅසන පිණිස තමුන්ගේ කන් වසාගත්තෝය. එසේය, ඔව්හු ව්‍යවස්ථාවත් සේනාවල ස්වාමීන්වහන්සේ තමන් ආත්මයෙන් පළමු අනාගතවක්තෘවරුන් අතින් එවූ වචනත් නාසන ලෙස තමුන්ගේ සිත් වජ්‍රයක් මෙන් කරගත්තෝය. එබැවින් මහත් කෝපයක් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණේය. එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන් ඔවුන් අඬගසන කල මමත් නාසා සිට, ඔවුන් නොදන්නාවූ සියලු ජාතීන් අතරට සුළිහුළඟකින් ඔවුන් විසුරුවාදමන්නෙමි. මෙසේ ඔවුන් ගියායින් පසු දේශය මැදින් යන එන කෙනෙක් නැතුව ඒක පාළුවෙන හැටියට ඔව්හු ප්‍රියවූ දේශය පාළුවක් කළෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.

සෙකරියා 7:8-14 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය සෙකරියාට දුන් සේක: “සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘අවංක ලෙස විනිශ්චය කරන්න. එකිනෙකාට කරුණාව ද අනුකම්පාව ද පෙන්වන්න. වැන්දඹුවන්ට හා අනාථයන්ටත් විදේශීන්ටත් පීඩා නොකරන්න. නුඹලා එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න.” “එහෙත්, ඔව්හු එයට සවන් දෙන්න අකමැති වූ හ. ඔව්හු මුරණ්ඩුකම දැක් වූ හ. නොඇසෙන පිණිස කන් වසා ගත්තෝ ය. ඔව්හු ඔවුන්ගේ සිත් ගල් මෙන් දැඩි කරගෙන, සියලු බලැති සමිඳාණන් වහන්සේ සිය ආත්මානුභාවය කරණකොටගෙන ආදියේ සිටි දිවැසිවරුන් මඟින් දෙවා වදාළ ඉගැන්වීම්වලට සහ පණිවුඩවලටත් සවන් නුදුන්හ. ඒ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ අතිශයින් උදහස් වූ සේක. ‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. ‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”

සෙකරියා 7:8-14 Sinhala New Revised Version 2018 (SNRV)