සෙකරියා 7:1-14
සෙකරියා 7:1-14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාරෙයාවෙෂ් රජුගේ හතර වන අවුරුද්දේ නව වන මස, කිස්ලේව් මස හතර වන දා ස්වාමින්වහන්සේගේ වචනය සෙකරියා වෙත පැමිණියේ ය. මෙකල බෙතෙල්හි ජනයා, ස්වාමින්වහන්සේට කන්නලව් කරනු පිණිස සරෙසෙර් ද රෙගෙම්-මෙලෙක් ද සමඟ ඔවුන්ගේ මිනිසුන් යවා තිබිණි. ඔවුන් යවා තිබුණේ, “මේ සා අවුරුදු ගණනක් කළ පරිද්දෙන් පස් වන මස මා ශෝක වී, උපවාස කළ යුතු දැ?” යි සේනාංකවල ස්වාමින්වහන්සේගේ ගෘහයේ පූජකයින්ගෙන් හා දිවැසිවරුන්ගෙන් අසන පිණිස ය. එකල සේනාංකවල ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණියේ ය: “දේශයේ සියලු ජනයාගෙන් ද පූජකයින්ගෙන් ද මෙසේ අසන්න: ‘පසුගිය හැත්තෑ වසර පුරා පස් වන හා හත් වන මාසවල ඔබ උපවාස පවත්වා ශෝක වූ කල, සැබවින් ම ඔබ එසේ උපවාස පැවැත් වූයේ මා උදෙසා ද? ඔබ කෑම ගත් කල හා බීම ගත් කල, ඔබ කෑවේත්, බීවේත් ඔබ උදෙසා ම නො වේ ද? යෙරුසලම හා ඒ අවට වූ සෙසු නගර සාමය, සෞභාග්‍ය ඇති ව සිටියදී, දකුණු දිසාව හා බටහිර කඳු බෑවුම් ජනාවාස ව තිබියදී, එකල සිටි දිවැසිවරුන් ලවා ස්වාමින්වහන්සේ ප්‍රකාශ කළ වචනය මෙය ම නො වේ’ ද?” ස්වාමින්වහන්සේගේ වචනය සෙකරියා වෙත පැමිණියේ ය: “සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘සැබෑ යුක්තිය ඉටු කරන්න. එකිනෙකාට දයාවත්, කරුණාවත් දක්වන්න. වැන්දඹුවනට හෝ පියා නැති අනාථයිනට හෝ විජාතීනට හෝ දුගියනට හෝ පීඩා නො කරන්න. එකිනෙකාට එරෙහිව කූට උපා නො යොදන්න.’ “එහෙත් ඔවුහු, ඊට අවධානය යොමු කිරීම ප්‍රතික්ෂේප කළහ. මුරණ්ඩුකමින් ඊට පිටුපා, තමන්ගේ කන්වල ඇඟිලි ගසා ගත්හ. තමන්ගේ හදවත් ගිනි-ගල් මෙන් දැඩි කර ගත් ඔවුහු, ව්‍යවස්ථාවටත්, සේනාංකවල ස්වාමින්වහන්සේ ස්වකීය ආත්මයාණන් මගින් පෙර සිටි දිවැසිවරුන් ලවා පැවසූ වචනවලටත් සවන් දුන්නේ නැත. එබැවින් සේනාංකවල ස්වාමින්වහන්සේ මහත් සේ උරණ වූ සේක. “ ‘මා හඬ ගැසූ කල ඔවුන් සවන් දුන්නේ නැත. එබැවින් ඔවුන් හඬ ගසන කල මමත් සවන් නො දෙන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. ‘ඔවුන් නො දත්, නො හඳුනන සියලු ජාතීන් අතරට සුළී-සුළඟකින් මම ඔවුන් විසුරුවා හළෙමි. ඔවුන් එය හැරගිය පසු, කිසිවකුටත් ආ-ගිය නො හැකි වන සේ දේශය පාළුවට ම ගියේ ය. ප්‍රිය ප්‍රසන්න දේශය ඔවුන් පාළුවට අත්හළේ එලෙසිනි.’ ”
සෙකරියා 7:1-14 Sinhala Revised Old Version (SROV)
දාරියුස් රජුගේ සතරවෙනි අවුරුද්දේ කිස්ලෙව් වන නවවෙනි මාසයේ සතරවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙතට පැමිණියේය. මක්නිසාද: මෙපමණ අවුරුදුවල කළාක්මෙන් අප පස්වෙනි මාසයේ සැපතින් වැලකී සිට අඬන්ට ඕනෑදැයි කියා සේනාවල ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සිටින පූජකයන්ගෙනුත් අනාගතවක්තෘවරුන්ගෙනුත් අසා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්නලව්කරන්ට බෙතෙල්හි වැසියෝ ෂරෙශෙර්ද රෙගෙම්-මෙලෙක්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇරියෝය. එවිට සේනාවල ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: නුඹ දේශයේ මුළු සෙනඟටත් පූජකයන්ටත් කථාකරමින්–නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් පස්වෙනි සහ හත්වෙනි මාසවල නිරාහාරව සිට විලාපකියද්දී නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද? නුඹලා කන විටත් බොන විටත් කන්නෙත් බොන්නෙත් නුඹලාම උදෙසා නොවේද? යෙරුසලමෙහිත් ඒ වටකර ඒකේ නුවරවලත් වැසියන් සුවසේ සිටිද්දීද දකුණු දිශාවෙහි සහ පාත රටෙහිත් වැසියන් සිටිද්දීද පළමු අනාගතවක්තෘවරුන් අතින් ස්වාමීන්වහන්සේ ප්‍රකාශකළ වචන මේවා නොවේද කියා කියන්නැයි කීය. තවද ස්වාමීන්වහන්සේගේ වචනය සෙකරියා වෙතට පැමිණ කියනුයේ: සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: සැබෑලෙස විනිශ්චයකරන්න, එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වන්න. වැන්දඹුවට සහ පියා නැත්තාටත් විදේශියාට සහ අසරණයාටත් පීඩා නොකරන්න; නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුර යෝජනා නොකරල්ලායයි කීසේක. එහෙත් ඔව්හු ඇහුම්කන්දෙන්ට අකැමැතිව, කර ඇරියෝය, නොඅසන පිණිස තමුන්ගේ කන් වසාගත්තෝය. එසේය, ඔව්හු ව්‍යවස්ථාවත් සේනාවල ස්වාමීන්වහන්සේ තමන් ආත්මයෙන් පළමු අනාගතවක්තෘවරුන් අතින් එවූ වචනත් නාසන ලෙස තමුන්ගේ සිත් වජ්‍රයක් මෙන් කරගත්තෝය. එබැවින් මහත් කෝපයක් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණේය. එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන් ඔවුන් අඬගසන කල මමත් නාසා සිට, ඔවුන් නොදන්නාවූ සියලු ජාතීන් අතරට සුළිහුළඟකින් ඔවුන් විසුරුවාදමන්නෙමි. මෙසේ ඔවුන් ගියායින් පසු දේශය මැදින් යන එන කෙනෙක් නැතුව ඒක පාළුවෙන හැටියට ඔව්හු ප්‍රියවූ දේශය පාළුවක් කළෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.
සෙකරියා 7:1-14 Sinhala New Revised Version (NRSV)
දාරියුස් රජුගේ සතර වන අවුරුද්දේ කිස්ලෙව් නම් නව වන මාසයේ සතර වන දා සමිඳාණන් වහන්සේ සෙකරියාට පණිවුඩයක් දුන් සේක. බෙතෙල්හි වැසියෝ ශරෙෂෙර් ද රෙගෙම්මොලෙක් ද ඔවුන්ගේ මිනිසුන් ද සමිඳාණන් වහන්සේ ඉදිරියේ කන්නලව් කරන්න යැව්වෝ ය. සර්ව පරාක්‍රම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පූජකයන්ගෙන් ද දිවැසිවරුන්ගෙන් ද මෙසේ ප්‍රශ්න කරන්න ඔවුන්ට නියම විය: “මෙපමණ අවුරුදු ගණනක් තිස්සේ අප කළාක් මෙන් තවදුරටත් හැම පස් වන මාසයේ දී ම වැලපෙමින් උපවාස පැවැත්වීම අප කරගෙන යා යුතු ද?” සියලු බලැති සමිඳාණන් වහන්සේ මට මේ පණිවුඩය දුන් සේක: “දේශයේ සෙනඟටත් පූජකයන්ටත් කතා කොට, ඔවුන් මේ අවුරුදු සැත්තෑව තුළ දී පස් වන හා සත් වන මාසවල උපවාස පවත්වා වැලපෙමින් උපවාස කෙළේ මා උදෙසා ද? තවද, ඔවුන් කෑවේත්, බීවේත් ඔවුන්ගේ ම සන්තුෂ්ටිය උදෙසා නොවේ ද? ජෙරුසලම සෞභාග්‍යයෙන් හා ජනගහණයෙන් පිරී, ඒ නගරය අවට නගර ද දකුණු දිශාව ද පහත පළාත ද ජනාවාස වී තිබුණු කාලයේ දී පවා සමිඳාණන් වහන්සේ කලින් සිටි දිවැසිවරුන් මඟින් කීවේත් මෙය නොවේ දැ යි කියන්න.” සමිඳාණන් වහන්සේ මේ පණිවුඩය සෙකරියාට දුන් සේක: “සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘අවංක ලෙස විනිශ්චය කරන්න. එකිනෙකාට කරුණාව ද අනුකම්පාව ද පෙන්වන්න. වැන්දඹුවන්ට හා අනාථයන්ටත් විදේශීන්ටත් පීඩා නොකරන්න. නුඹලා එකිනෙකාට හිංසා කිරීමට කූට උපායයන් යොදා නොගන්න.” “එහෙත්, ඔව්හු එයට සවන් දෙන්න අකමැති වූ හ. ඔව්හු මුරණ්ඩුකම දැක් වූ හ. නොඇසෙන පිණිස කන් වසා ගත්තෝ ය. ඔව්හු ඔවුන්ගේ සිත් ගල් මෙන් දැඩි කරගෙන, සියලු බලැති සමිඳාණන් වහන්සේ සිය ආත්මානුභාවය කරණකොටගෙන ආදියේ සිටි දිවැසිවරුන් මඟින් දෙවා වදාළ ඉගැන්වීම්වලට සහ පණිවුඩවලටත් සවන් නුදුන්හ. ඒ නිසා සියලු බලැති සමිඳාණන් වහන්සේ අතිශයින් උදහස් වූ සේක. ‘මා අඬගසන කල ඔවුන් සවන් නුදුන් නිසා, ඔවුන් අඬගසන කල මම පිළිතුරු නොදෙන්නෙමි’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක. ‘සුළි සුළඟකින් මෙන් මම ඔවුන් විදේශීය රටවල විසුරුවාදැමීමි. ඒ දේශයට යන එන කෙනෙකු නැති නිසා එය පාළු විය. නුඹලා යහපත් දේශය පාළුකරයක් කළහු ය’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
සෙකරියා 7:1-14 Sinhala New Revised Version 2018 (SNRV)

සෙකරියා 7:1-14 New International Version (NIV)
In the fourth year of King Darius, the word of the LORD came to Zechariah on the fourth day of the ninth month, the month of Kislev. The people of Bethel had sent Sharezer and Regem-Melek, together with their men, to entreat the LORD by asking the priests of the house of the LORD Almighty and the prophets, “Should I mourn and fast in the fifth month, as I have done for so many years?” Then the word of the LORD Almighty came to me: “Ask all the people of the land and the priests, ‘When you fasted and mourned in the fifth and seventh months for the past seventy years, was it really for me that you fasted? And when you were eating and drinking, were you not just feasting for yourselves? Are these not the words the LORD proclaimed through the earlier prophets when Jerusalem and its surrounding towns were at rest and prosperous, and the Negev and the western foothills were settled?’ ” And the word of the LORD came again to Zechariah: “This is what the LORD Almighty said: ‘Administer true justice; show mercy and compassion to one another. Do not oppress the widow or the fatherless, the foreigner or the poor. Do not plot evil against each other.’ “But they refused to pay attention; stubbornly they turned their backs and covered their ears. They made their hearts as hard as flint and would not listen to the law or to the words that the LORD Almighty had sent by his Spirit through the earlier prophets. So the LORD Almighty was very angry. “ ‘When I called, they did not listen; so when they called, I would not listen,’ says the LORD Almighty. ‘I scattered them with a whirlwind among all the nations, where they were strangers. The land they left behind them was so desolate that no one traveled through it. This is how they made the pleasant land desolate.’ ”