සෙකරියා 4:6-10

සෙකරියා 4:6-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට ඔහු මා අමතමින්, “සෙරුබ්බාබෙල් වෙත ස්වාමින්වහන්සේගේ වචනය මෙයයි: ‘සේනා බලයෙන්වත්, සවි බලයෙන්වත් නො ව, මගේ ආත්මයාණන්ගෙනි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක. “එම්බා මහා පර්වතය, නුඹ කවරෙක් ද? සෙරුබ්බාබෙල් ඉදිරිපිට නුඹ නිකම් සමතලා බිමක් මෙන් වනු ඇත. ‘ඊට දේවාසිරි වේවා! දේවාසිරි වේවා!’ යි නැගෙන ජය ගොස මැද්දේ ඔහු වැඩ සම්පූර්ණ කිරීමේ අවසන් ගල තබනු ඇත.” අනතුරුව, ස්වාමින්වහන්සේගේ වචනය මෙසේ කියමින්, මා වෙත පැමිණියේ ය: “සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මෙම ගෘහයේ අත්තිවාරම දැමිණි. ඔහුගේ අත් එම කාර්යය සම්පූර්ණ කෙරෙනු ඇත. සේනාංකවල ස්වාමින්වහන්සේ ම ඔබ වෙත මා එවූ වග එවිට ඔබ දැනගනු ඇත. “මන්ද කුඩා දෑහි දවස සුළුවට තැකුවේ කවුද? පොළොව මුළුල්ලේ ඔබ මොබ යන ස්වාමින්වහන්සේගේ සත් නේත්‍රයෝ සෙරුබ්බාබෙල් අත මුදුන් ගල තිබෙනු දකින විට ප්‍රීති වන්නාහ.”

සෙකරියා 4:6-10 Sinhala Revised Old Version (SROV)

එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ට ස්වාමීන්වහන්සේගේ වචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එම්බා මහත් කන්ද, නුඹ කවුද? සෙරුබ්බාබෙල් ඉදිරියෙහි නුඹ සමභූමියක් වන්නෙහිය. ඔහුද: ඊට කරුණාව ලැබේවා, කරුණාව ලැබේවයි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනෙනවා ඇතැයි කීය. තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ: සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවාක්මෙන් ඔහුගේ අත්වලින් ඒක තීන්දුකරනවා ඇත; එසේ සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලා ළඟට මා එවූ බව නුඹ දැන ගන්නවා ඇත. මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වන ස්වාමීන්වහන්සේගේ ඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය.

සෙකරියා 4:6-10 Sinhala New Revised Version (NRSV)

එකල දේව දූතයා මට කතා කරමින්, “සෙරුබ්බාබෙල්ට සමිඳාණන් වහන්සේගේ මේ පණිවුඩය දෙන්නැ”යි කී ය. එය මෙසේ ය: “නුඹට ජය අත් වන්නේ සේනා බලයෙන් වත්, සිය ශක්තියෙන් වත් නොව, මාගේ ආත්මානුභාවයෙන් ය. විශාල කන්දක් වුවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේ ය. දේව මාලිගාව නැවත ගොඩනඟා, ‘කදිම ය, කදිම ය’ කියා කෑගසන අතර එහි මුල් ගල නුඹ තබන්නෙහි ය.” සමිඳාණන් වහන්සේගෙන් තවත් පණිවුඩයක් මා වෙත පැමිණියේ ය. එය මෙසේ ය: “සෙරුබ්බාබෙල් දේව මාලිගාවේ අත්තිවාරම් දමා ඇත. ඔහු ම ගොඩනැඟිල්ල නිම කරනු ඇත. මෙය සිදු වූ විට මාගේ සෙනඟ වෙත මා නුඹ යැවූ බව ඔවුන් දැනගනු ඇත. කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.”

සෙකරියා 4:6-10 Sinhala New Revised Version 2018 (SNRV)