සෙකරියා 3:2-4
සෙකරියා 3:2-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට සාතන් ඇමතූ ස්වාමින්වහන්සේ, “සාතන්, ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! යෙරුසලම තෝරාගත් ස්වාමින්වහන්සේ නුඹට තරවටු කරන සේක! මොහු ගින්නෙන් ඉවතට ඇදගත් ගිනි පෙනෙල්ලක් නො වේ දැ?” යි කී සේක. යෝෂුවා, දේව දූතයා අබියස සිටගෙන සිටියේ කිලිටි ඇඳුමින් යුතු ව ය. දේව දූතයා තමා අබියස සිටියවුන් අමතමින්, “ඔහුගේ කිලිටි ඇඳුම් ඉවත් කරනු” යි පැවසී ය. ඉන්පසු ඔහු ඇමතූ හෙතෙම, “ඔන්න, මම ඔබේ අයුතුකම් ඔබ වෙතින් පහ කළෙමි; මම ඔබට පවිත්‍ර ඇඳුම් හඳවන්නෙමි” යි කීවේ ය.
සෙකරියා 3:2-4 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ සාතන්ට කථාකොට: සාතන්, ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වා; එසේය, යෙරුසලම තෝරාගත් ස්වාමීන්වහන්සේ නුඹට තරවටුකරනසේක්වා. මොහු ගින්නෙන් ඇදලාගත් පෙනෙල්ලක් නොවේදැයි කීසේක. යෝෂුවා වනාහි කිලුටු වස්ත්‍ර ඇඳගන දූතයා ඉදිරියෙහි සිටියේය. දූතයා තමා ඉදිරියෙහි සිටිය තැනැත්තන්ට කථාකොට: කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගළවාදමන්නයි කීය. තවද ඔහුට කථාකොට: මෙන්න නුඹේ අපරාධකම නුඹෙන් පහකෙළෙමි, මංගල්‍ය වස්ත්‍ර නුඹට පළඳවමියි කියා
සෙකරියා 3:2-4 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ දූතයා සාතන් අමතා, “සාතන්, සමිඳාණන් වහන්සේ නුඹට තරවටු කරන සේක් වා! ජෙරුසලමට ප්‍රිය කරන සමිඳාණන් වහන්සේ නුඹට තරවටු කරන සේක් වා! මොහු ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් නොවේ දැ”යි කී ය. ජෝෂුවා වනාහි කිළුටු ඇඳුම් හැඳගෙන දේව දූතයා ඉදිරියෙහි සිටියේ ය. “කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, “මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය.
සෙකරියා 3:2-4 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේගේ දූතයා සාතන් අමතා, “සාතන්, සමිඳාණන් වහන්සේ නුඹට තරවටු කරන සේක් වා! ජෙරුසලමට ප්‍රිය කරන සමිඳාණන් වහන්සේ නුඹට තරවටු කරන සේක් වා! මොහු ගින්නෙන් ඇදගත් ගිනි පෙනෙල්ලක් නොවේ දැ”යි කී ය. ජෝෂුවා වනාහි කිළුටු ඇඳුම් හැඳගෙන දේව දූතයා ඉදිරියෙහි සිටියේ ය. “කිළුටු ඇඳුම් ඔහුගෙන් ඉවත් කරන්නැ”යි දේව දූතයා තමා පිරිවරා සිටි අයට කී ය. ඉන්පසු, “මම නුඹේ පව් පහ කෙළෙමි. නුඹට මංගල ඇඳුම් පළඳවමි”යි ජෝෂුවාට කී ය.
සෙකරියා 3:2-4 New International Version (NIV)
The LORD said to Satan, “The LORD rebuke you, Satan! The LORD, who has chosen Jerusalem, rebuke you! Is not this man a burning stick snatched from the fire?” Now Joshua was dressed in filthy clothes as he stood before the angel. The angel said to those who were standing before him, “Take off his filthy clothes.” Then he said to Joshua, “See, I have taken away your sin, and I will put fine garments on you.”