සෙකරියා 2:2-5
සෙකරියා 2:2-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔහු අමතමින්, “ඔබ යන්නේ කොහේ දැ?” යි ඇසීමි. “යෙරුසලම මනින්නට; එය කොතෙක් දිග ද කෙතෙක් පළල දැයි බලන පිණිස යැ” යි ඔහු පිළිතුරු දිණි. එවිට මෙන්න, මා හා කතා කළ දේව දූතයා ඉදිරියට එත් ම, ඔහු හමුවීමට පැමිණි වෙනත් දේව දූතයෙක් ඔහුට කතා කොට, “දුවන්න; දුව ගොස් අර තරුණයාට මෙසේ කියන්න: ‘යෙරුසලම, එහි වෙසෙන්නට යන අධික ජනගහනය ද සතුන්-සීපාවුන් ද නිසා පවුරු නැතිව පවතිනු ඇත. මම ඇය වටා ගිනි පවුරක් වෙන්නෙමි. ඇය මධ්‍යයෙහි මම එහි තේජාලංකාරය වන්නෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
සෙකරියා 2:2-5 Sinhala Revised Old Version (SROV)
එවිට මම: නුඹ කොතනට යනවාදැයි ඇසීමි. යෙරුසලමේ පළල කොපමණද කියාත් දිග කොපමණද කියාත් මැන බලන පිණිසයයි මට කීවේය. එවිට මා සමග කථාකළ දූතයා පිටත්ව ගියේය, වෙන දූතයෙක් ඔහුගේ පෙරමගට ඇවිත් ඔහුට කථාකොට: නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර–යෙරුසලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසයකරන්නෝය. මක්නිසාද මම්ම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීය.
සෙකරියා 2:2-5 Sinhala New Revised Version (NRSV)
“ඔබ කොහේ යනවා දැ”යි මම ඔහුගෙන් ඇසීමි. “ජෙරුසලම මැන, එය කොපමණ දිග ද කියාත්, කොපමණ පළල ද කියාත් බලන පිණිස මම යමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට මා සමඟ කතා කළ දූතයා පිටත් ව යනවාත්, වෙන දූතයෙකු ඔහුගේ පෙරමඟට එනවාත් මම දිටිමි. ඔහු පළමු දූතයාට මෙසේ කී ය: “ඔබ දුව ගොස් අර තරුණයාට කතා කොට මෙසේ කියන්න: ජෙරුසලම පවුරකින් සීමා නොකළ හැකි නගරයක් වනු ඇත. මන්ද, එහි ජනගහණය ද ගවමහිෂයන් ද වැඩි වන්නට යන නිසා ය. ‘මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
සෙකරියා 2:2-5 Sinhala New Revised Version 2018 (SNRV)
“ඔබ කොහේ යනවා දැ”යි මම ඔහුගෙන් ඇසීමි. “ජෙරුසලම මැන, එය කොපමණ දිග ද කියාත්, කොපමණ පළල ද කියාත් බලන පිණිස මම යමි”යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට මා සමඟ කතා කළ දූතයා පිටත් ව යනවාත්, වෙන දූතයෙකු ඔහුගේ පෙරමඟට එනවාත් මම දිටිමි. ඔහු පළමු දූතයාට මෙසේ කී ය: “ඔබ දුව ගොස් අර තරුණයාට කතා කොට මෙසේ කියන්න: ජෙරුසලම පවුරකින් සීමා නොකළ හැකි නගරයක් වනු ඇත. මන්ද, එහි ජනගහණය ද ගවමහිෂයන් ද වැඩි වන්නට යන නිසා ය. ‘මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
සෙකරියා 2:2-5 New International Version (NIV)
I asked, “Where are you going?” He answered me, “To measure Jerusalem, to find out how wide and how long it is.” While the angel who was speaking to me was leaving, another angel came to meet him and said to him: “Run, tell that young man, ‘Jerusalem will be a city without walls because of the great number of people and animals in it. And I myself will be a wall of fire around it,’ declares the LORD, ‘and I will be its glory within.’