සෙකරියා 14:5
සෙකරියා 14:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ කඳු මිටියාවත මැදින් ඔබ පලා යනු ඇත. එම මිටියාවත ආසල් දක්වා ම දිවෙනු ඇත. යූදාහි රජ වූ උස්සියාගේ දවස්හි දී වූ භූමිකම්පාවෙන් ඔබ පලා ගිය අයුරින් ම ඔබ පලා යනු ඇත. එකල මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තමන් සමඟ සියලු ශුද්ධවතුන් ද ගෙන පැමිණෙන සේක.
සෙකරියා 14:5 Sinhala Revised Old Version (SROV)
නුඹලාද මාගේ කඳුවල මිටියාවතින් පලායනවා ඇත; මක්නිසාද කඳුවල මිටියාවත ආශෙල් දක්වා වන්නේය. එසේ යූදාහි රජවූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළෝකම්පාව ඉදිරියෙන් පලාගියාක්මෙන් නුඹලා පලායනවා ඇත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත.
සෙකරියා 14:5 Sinhala New Revised Version (NRSV)
නුඹලා ද මාගේ කන්දේ මිටියාවත මැදින් බේරී පලා යන්නහු ය. මන්ද, ඒ මිටියාවත කන්දෙන් එහා පැත්ත දක්වා ඇත. ජුදාහි රජ වූ උශ්ශියාගේ කාලයේ දී භූමිකම්පාවක් ඇති වූ විට නුඹලාගේ මුතුන්මිත්තන් පලා ගිය පරිදි නුඹලාත් පලා යන්නහු ය. එවිට මාගේ දෙවි සමිඳාණන් වහන්සේ සියලු ශුද්ධවන්තයන් පිරිවරා වඩින සේක.
සෙකරියා 14:5 Sinhala New Revised Version 2018 (SNRV)