සෙකරියා 13:2-9

සෙකරියා 13:2-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“ඒ දවසේ මම, දේව පිළිමවල නාම පවා දේශයෙන් තුරන් කරන්නෙමි. ඉන්පසු කිසිවකුත් ඒවා ගැන සිහිපත් කරනු නැතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “දිවැසිවරුන් ද අපවිත්‍ර ආත්ම ද යන දෙගොල්ල ම මම මේ දේශයෙන් පහ කර දමන්නෙමි. යමෙක් තවදුරටත් දිවැසි වැකි කියයි නම්, ඔහු ජනිත කළ ඔහුගේ ම පියා හා මව ඔහු අමතමින්, ‘ස්වාමින්වහන්සේගේ නාමයෙන් නුඹ මුසාව කතා කළ නිසා නුඹ තවත් ජීවත් විය යුතු නැතැ’ යි කියමින්, ඔහු දිවැසි වැකි පවසන කල, ඔහුගේ ම මවු පියන් ඔහුට ඇන, මරා දමනු ඇත. “ඒ දවසේ හැම දිවැසිවරයකු ම තමාගේ අනාවැකි දර්ශනය ගැන ලජ්ජා වනු ඇත. ලෝමයෙන් කළ දිවැසිවර වස්ත්‍ර, ඔහු රැවටිලිකාරී ව අඳින්නේ ද නැත. තවද ඔහු, ‘මා දිවැසිවරයෙක් නො වේ. මම ගොවියෙක්මි. ගැටවර වියේ සිට ම මගේ ජීවිකාව වූයේ බිම වගා කිරීම යැ’ යි කියනු ඇත. ‘ඔබේ ඇඟේ ඇති ඔය තුවාල කැළැල් මොනවා දැ?’ යි එවිට යමකු ඔහුගෙන් ඇසුවහොත්, ‘මේවා මගේ මිතුරන්ගේ ගෙදරදී මා ලද තුවාල යැ’ යි ඔහු පිළිතුරු දෙනු ඇත. “එම්බා අසිපත, මගේ එඬේරාට එරෙහිව, මට සමීප මිනිසාට එරෙහිව නැගිටිනු!” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එඬේරාට පහර දෙනු; එවිට බැටළුවෝ විසුරුවනු ලබති. එවිට කුඩාවුන්ට එරෙහිව මම මගේ අත හරවන්නෙමි. මුළු දේශයෙන් ම තුනෙන් දෙකොටසක් ගසා හෙළා, වනසා දමනු ඇත. එහෙත්, තුනෙන් කොටසක් ඒ තුළ ඉතිරි කෙරෙනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මෙම තුනෙන් කොටස, මම ගිනි මැදින් ගෙනෙන්නෙමි. රිදී පවිත්‍ර කරන්නා සේ මම ඔවුන් පවිත්‍ර කරන්නෙමි. රන් පරීක්ෂා කරන්නා සේ මම ඔවුන් පරීක්ෂා කරන්නෙමි. ඔවුන් මගේ නාමයට යාච්ඤා කරනු ඇත. මම ද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. ‘මගේ ජනතාව ඔවුන් යැ’ යි මම ඔවුන්ට කියමි. ‘ස්වාමින්වහන්සේ මගේ දෙවියන්වහන්සේ’ යැයි ඔවුන් ද කියනු ඇත.”

සෙකරියා 13:2-9 Sinhala Revised Old Version (SROV)

තවද ඒ කාලයේදී දේවරූපවල නාමවල් තවත් සිහි නොවෙන හැටියට ඒවා දේශයෙන් සිඳදමන්නෙමි. මම අනාගතවක්තෘවරුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. නුමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කීවොත් ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම: නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් බොරුවූ දේ කථාකරන බැවින් නුඹට ජීවත්වෙන්ට නොලැබේයයි ඔහුට කියා, ඔහු අනාගතවාක්‍ය කියන විට ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම ඔහුට ඇන මරනවා ඇත. ඒ කාලයේදී අනාගතවක්තෘවරුන් අනාගතවාක්‍ය කියන විට එකිනෙකා තම තමාගේ දර්ශනය ගැන ලජ්ජාවෙනවා ඇත; රවටන පිණිස ඔවුන් රෝමමය සළුවක් අඳින්නෙත් නැත. එකිනකොද: මම අනාගතවක්තෘ කෙනෙක් නොව ගොවියෙක්ය; මක්නිසාද මාගේ බාල වයසේ පටන් දාසකමෙහි සිටියෙමියි කියන්නේය. එවිට: නුඹේ අත්වල තිබෙන ඔය තුවාල මොනවාදැයි කෙනෙක් ඔහුගෙන් අසන්නේය. මාගේ ප්‍රේමවන්තයන්ගේ ගෙදරදී මා ලැබූ තුවාලයයි ඔහු කියන්නේය. එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි. තවද මුළු දේශයෙහි තුනෙන් දෙකොටසක් සිඳදමනු ලැබ මැරෙනවා ඇත; නුමුත් තුන්වෙනි කොටස එහි ඉතිරිවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.

සෙකරියා 13:2-9 Sinhala New Revised Version (NRSV)

ඒ කාලයේ දී දේව රූපවල නම් තවත් සිහි නොවන පරිදි මම ඒ රූප දේශයෙන් බැහැර කරන්නෙමි. බොරු දිවැසිවරුන් ද පහ කරදමා, මම රූප වන්දනාවේ ආශාව නැති කරදමන්නෙමි. තවදුරටත් දිවැස් දෙසීමට යමෙක් තැත් කරයි නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ඔහු ජනිත කළ පියාත්, මවත්, ‘නුඹ ජීවත් නො විය යුතු ය. මන්ද සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නුඹ බොරු පවසන්නෙහි ය’යි කියමින් ඔහුට ඇන මරන්නෝ ය. ඒ කාලයේ දී සෑම දිවැසිවරයෙක් තමා දකින දර්ශන ගැන ලජ්ජා වන්නේ ය; දිවැසිවරයෙකු සේ අඳින්නේ වත්, තමා දිවැසිවරයෙකු යයි කියාගන්නේ වත් නැත. ඒ වෙනුවට ඔහු, ‘දිවැසිවරයෙකු නොව මම ගොවියෙක්මි; මම බාල වියෙහි සිට ම ගොවිකම් කෙළෙමි’යි කියන්නේ ය. ‘නුඹේ පිටේ තිබෙන ඔය තුවාළ මොනවා දැ’යි යමෙකු ඔහුගෙන් ඇසුවොත්, ‘ඒවා මාගේ මිත්‍රයාගේ ගෙදර දී මා ලැබූ තුවාළ ය’යි ඔහු කියන්නේ ය.” සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා කඩුව! පිබිද මාගේ එඬේරාට එනම්, සහකාර මිනිසාට පහර දෙන්න; එඬේරාට පහර දෙන්න. එවිට බැටළු රැළ විසිර යනු ඇත. මාගේ දුබල වූවන්ට මම පහර දෙන්නෙමි. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. සෙනඟගෙන් තුනෙන් දෙකොටසක් මැරෙනු ඇත. එක කොටසක් ජීවත් වනු ඇත. දේශය මුළුල්ලෙහි මෙය සිදු වනු ඇත. එහෙත්, ඉතිරි තුන් වන කොටස මම ගින්නෙහි දමන්නෙමි; රිදී පවිත්‍ර කරන්නාක් මෙන් ඔවුන් පවිත්‍ර කරන්නෙමි; රන් උරගා බලන්නාක් මෙන් ඔවුන් උරගා බලන්නෙමි. ඔවුන් මාගේ නාමයෙන් මට යාච්ඤා කරන විට මම ද ඔවුන්ට පිළිතුරු දෙන්නෙමි. ‘ඔව්හු මාගේ සෙනඟ ය’යි මම ඔවුන්ට කියන්නෙමි; ‘සමිඳාණන් වහන්සේ මාගේ දෙවියන් වහන්සේ ය’යි ඔව්හු මට කියන්නෝ ය.”

සෙකරියා 13:2-9 Sinhala New Revised Version 2018 (SNRV)

සෙකරියා 13:2-9 New International Version (NIV)

“On that day, I will banish the names of the idols from the land, and they will be remembered no more,” declares the LORD Almighty. “I will remove both the prophets and the spirit of impurity from the land. And if anyone still prophesies, their father and mother, to whom they were born, will say to them, ‘You must die, because you have told lies in the LORD’s name.’ Then their own parents will stab the one who prophesies. “On that day every prophet will be ashamed of their prophetic vision. They will not put on a prophet’s garment of hair in order to deceive. Each will say, ‘I am not a prophet. I am a farmer; the land has been my livelihood since my youth.’ If someone asks, ‘What are these wounds on your body?’ they will answer, ‘The wounds I was given at the house of my friends.’ “Awake, sword, against my shepherd, against the man who is close to me!” declares the LORD Almighty. “Strike the shepherd, and the sheep will be scattered, and I will turn my hand against the little ones. In the whole land,” declares the LORD, “two-thirds will be struck down and perish; yet one-third will be left in it. This third I will put into the fire; I will refine them like silver and test them like gold. They will call on my name and I will answer them; I will say, ‘They are my people,’ and they will say, ‘The LORD is our God.’ ”