සෙකරියා 13:1-2
සෙකරියා 13:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඒ දවසේ දාවිත් වංශිකයින්ට හා යෙරුසලම් වාසීන්ට ඔවුන්ගේ පාප හා දූෂ්‍යතාවලින් පවිත්‍ර වනු පිණිස, උල්පතක් විවර වන්නේ ය. “ඒ දවසේ මම, දේව පිළිමවල නාම පවා දේශයෙන් තුරන් කරන්නෙමි. ඉන්පසු කිසිවකුත් ඒවා ගැන සිහිපත් කරනු නැතැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “දිවැසිවරුන් ද අපවිත්‍ර ආත්ම ද යන දෙගොල්ල ම මම මේ දේශයෙන් පහ කර දමන්නෙමි.
සෙකරියා 13:1-2 Sinhala Revised Old Version (SROV)
ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය. තවද ඒ කාලයේදී දේවරූපවල නාමවල් තවත් සිහි නොවෙන හැටියට ඒවා දේශයෙන් සිඳදමන්නෙමි. මම අනාගතවක්තෘවරුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහකරන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
සෙකරියා 13:1-2 Sinhala New Revised Version (NRSV)
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය. ඒ කාලයේ දී දේව රූපවල නම් තවත් සිහි නොවන පරිදි මම ඒ රූප දේශයෙන් බැහැර කරන්නෙමි. බොරු දිවැසිවරුන් ද පහ කරදමා, මම රූප වන්දනාවේ ආශාව නැති කරදමන්නෙමි.
සෙකරියා 13:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය. ඒ කාලයේ දී දේව රූපවල නම් තවත් සිහි නොවන පරිදි මම ඒ රූප දේශයෙන් බැහැර කරන්නෙමි. බොරු දිවැසිවරුන් ද පහ කරදමා, මම රූප වන්දනාවේ ආශාව නැති කරදමන්නෙමි.
සෙකරියා 13:1-2 New International Version (NIV)
“On that day a fountain will be opened to the house of David and the inhabitants of Jerusalem, to cleanse them from sin and impurity. “On that day, I will banish the names of the idols from the land, and they will be remembered no more,” declares the LORD Almighty. “I will remove both the prophets and the spirit of impurity from the land.