සෙකරියා 1:2-3
සෙකරියා 1:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔබගේ පියවරුන් කෙරෙහි ස්වාමින්වහන්සේ බෙහෙවින් උරණ ව ඇත. එබැවින්, ඔවුනට මෙසේ පවසන්න: සේනාංකවල ස්වාමින්වහන්සේ කියන්නේ මෙයයි: ‘මා වෙත හැරී එන්නැ’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක. ‘එවිට මමත් ඔබ වෙත හැරී එන්නෙමි’ යි සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක.
සෙකරියා 1:2-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන් කෙරෙහි ඉතා අප්රසන්නවූසේක. එබැවින්: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–මා වෙතට හැරීඑන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක, එවිට මම නුඹලා වෙතට හැරීඑන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
සෙකරියා 1:2-3 Sinhala New Revised Version (NRSV)
සියලු බලැති සමිඳාණන් වහන්සේ සෙකරියාට කතා කොට සෙනඟට මෙසේ ප්රකාශ කරන ලෙස වදාළ සේක: “ස්වාමීන් වන මම, නුඹලාගේ මුතුන්මිත්තන් ගැන ඉතා අප්රසන්න වීමි. එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි කියන්න. ‘මා වෙත හැරී එන්න. මම ද නුඹලා වෙත හැරී එන්නෙමි.
සෙකරියා 1:2-3 Sinhala New Revised Version 2018 (SNRV)