සෙකරියා 1:17-21

සෙකරියා 1:17-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“යළි හඬ නගන්න: සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන සේක: ‘මගේ පුර නගර නැවතත් යස ඉසුරින් පිරී ඉතිරී යනු ඇත. ස්වාමින්වහන්සේ යළිත් සියොනට සහනය සලසා, යෙරුසලම තමන් තෝරාගත් නගරය කරනු ඇත.’ ” ඉන්පසු මම ඇස් ඔසවා බැලීමි. එවිට මෙන්න! මා ඉදිරියෙහි අං සතරක්! මා හා කතා කළ දේව දූතයා ඇමතූ මම, “මේ මොනවා දැ?” යි ඇසීමි. “යූදා, ඉශ්‍රායෙල් හා යෙරුසලම විසුරුවා හළ අං මේවා යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එකල ස්වාමින්වහන්සේ කර්මාන්ත ශිල්පීන් හතර දෙනකු මට පෙන් වූ සේක. “ඔවුන් එන්නේ කුමක් කරන්නට දැ?” යි මම ඇසීමි. ඔහු උත්තර දෙමින්, “කිසිවකුට හෝ හිස එසවිය නො හැකි වන සේ, ඒ අං විසින් යූදා දේශ වාසීන් විසුරුවා හළ නමුදු, මේ කර්මාන්ත ශිල්පීන් පැමිණ ඇත්තේ, ඒ පීඩකයින් භය ගැන්වීමට ය; යූදා දේශ වාසීන් විසුරුවා, ඊට එරෙහිව තමන්ගේ අං උසස් කර ගත් ජාතීන් භය ගන්වා, ඒ ජාතීන්ගේ අං බිඳ දැමීමට යැ” යි පැවසී ය.

සෙකරියා 1:17-21 Sinhala Revised Old Version (SROV)

නැවත මොරගසා මෙසේ කියන්න: සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. නැවත මාගේ නුවරවලින් යසස ඉතිරීයන්ටත් ස්වාමීන්වහන්සේ විසින් සියොන් නැවත සනසා යෙරුසලම නැවත තෝරාගන්ටත් යෙදේයයි කීය. තවද මාගේ ඇස් ඔසවා බැලූ විට අං සතරක් දුටිමි. එවිට මම: මේවා මොනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි. මේවා යූදා සහ ඉශ්‍රායෙල්ද යෙරුසලමද විසිරෙවු අංයයි ඔහු මට කීවේය. ස්වාමීන්වහන්සේ ද ආචාරියන් සතරදෙනෙකු මට පෙන්වූසේක. එවිට මම: මොවුන් මක්කරන්ට එනවාදැයි ඇසීමි. උන්වහන්සේ කථාකොට: මේවා වනාහි කිසිවෙකු විසින් තමාගේ හිස නොඔසවන තරම් යූදා විසුරුවා දැමූ අංය. මොවුන් එන්නේ ඒවා භයගන්වා, යූදා දේශය විසුරුවාදමන්ට අඟ එසෙවූ ජාතීන්ගේ අං හෙළාදමන්ටයයි කීසේක.

සෙකරියා 1:17-21 Sinhala New Revised Version (NRSV)

“කෑමොරගසන්න, මාගේ නගරය නැවත යසඉසුරෙන් පිරී යන්නේ ය. සියොන් නැවත සනසා, ජෙරුසලම තම තමන්ගේ ම නගරය කරගනු ලබන්නේ ය කියා සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.” මා හිස ඔසවා බැලූ විට සතුන්ගේ අං සතරක් මට දර්ශනය විය. “එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය. එවිට සමිඳාණන් වහන්සේ මට කම්මල්කාරයන් සතරදෙනෙකු පෙන්වූ සේක. “මොවුන් අවුත් සිටින්නේ කුමට දැ”යි මම ඇසීමි. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවෙකු නැවත නොනැඟිටින ලෙස ජුදා රට විසුරුවාදැමූ ජාතීහු මොවුහු වෙති. ඔවුන් පැමිණෙන්නේ, ඒ ජාතීන් බිය ගන්වා ජුදා රට විසුරුවාදමන්නට බලය යෙදූ ජාතීන් මැඩලීමට ය”යි වදාළ සේක.

සෙකරියා 1:17-21 Sinhala New Revised Version 2018 (SNRV)

“කෑමොරගසන්න, මාගේ නගරය නැවත යසඉසුරෙන් පිරී යන්නේ ය. සියොන් නැවත සනසා, ජෙරුසලම තම තමන්ගේ ම නගරය කරගනු ලබන්නේ ය කියා සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.” මා හිස ඔසවා බැලූ විට සතුන්ගේ අං සතරක් මට දර්ශනය විය. “එහි තේරුම කුමක් දැ”යි මා සමඟ සිටි දේව දූතයාගෙන් මම ඇසීමි. ඔහු පිළිතුරු දෙමින්, “මේවා ජුදා, ඉශ්රායෙල් හා ජෙරුසලම විසුරුවාදැමූ ලෝක බලවත්තු සතරදෙනා ය”යි කීවේ ය. එවිට සමිඳාණන් වහන්සේ මට කම්මල්කාරයන් සතරදෙනෙකු පෙන්වූ සේක. “මොවුන් අවුත් සිටින්නේ කුමට දැ”යි මම ඇසීමි. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “කිසිවෙකු නැවත නොනැඟිටින ලෙස ජුදා රට විසුරුවාදැමූ ජාතීහු මොවුහු වෙති. ඔවුන් පැමිණෙන්නේ, ඒ ජාතීන් බිය ගන්වා ජුදා රට විසුරුවාදමන්නට බලය යෙදූ ජාතීන් මැඬලීමට ය”යි වදාළ සේක.