තීතස් 3:9-11 - Compare All Versions
තීතස් 3:9-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් අනුවණ තර්ක ද පෙළපත් වංශ හා වාද විවාද හා ව්‍යවස්ථාව පිළිබඳ ආරවුල් යනාදියෙන් වැළකී සිටින්න. ඒවා අවැඩදායක ය; නිෂ්ඵල ය. බෙදීම් ඇතිකරන්නාට වරක් දෙවරක් අවවාද කිරීමෙන් පසු ඔහුගෙන් අහක් වෙන්න. එබඳු අය වංක ගති ඇති පාපීන් ය. ඔවුන් තමනට ම දඬුවම් පමුණුවා ගනිති.
තීතස් 3:9-11 SROV (Sinhala Revised Old Version)
නුමුත් මෝඩ වාද, පෙළපත් කථා, විවාද, ව්‍යවස්ථාව ගැන ඩබර යන මේවායින් අහක්වෙන්න; මක්නිසාද ඒවා නිෂ්ඵලය, නිරර්ථකය. භේදකාර මනුෂ්‍යයා පෙරළී ඉන්න බවත් දැනගනම පව්කරන බවත් නුඹ දන්න බැවින්. පළමුවෙනි දෙවෙනි අවවාදයෙන් පසු ඔහු එපාකරන්න.
තීතස් 3:9-11 NRSV (Sinhala New Revised Version)
එහෙත්, අනුවණ තර්ක, පෙළපත් පිළිබඳ කතා, ආරාවුල්, ව්‍යවස්ථාව ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිෂ්ඵල ය, නිරර්ථක ය. භේදකාරී මනුෂ්‍යයාට වරක් දෙවරක් අවවාද කළ පසු ඔහුගෙන් අහක් වෙන්න. මෙබඳු මනුෂ්‍යයා සිතින් දූෂ්‍ය වී සිටින බවත්, දැන දැන ම පව් කරන බවත්, තමා පිට විනිශ්චය පමුණුවා ගන්නා බවත් ඔබ දන්නෙහි ය.
තීතස් 3:9-11 SNRV (Sinhala New Revised Version 2018)
එහෙත්, අනුවණ තර්ක, පෙළපත් පිළිබඳ කතා, ආරාවුල්, ව්‍යවස්ථාව ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිෂ්ඵල ය, නිරර්ථක ය. භේදකාරී මනුෂ්‍යයාට වරක් දෙවරක් අවවාද කළ පසු ඔහුගෙන් අහක් වෙන්න. මෙබඳු මනුෂ්‍යයා සිතින් දූෂ්‍ය වී සිටින බවත්, දැන දැන ම පව් කරන බවත්, තමා පිට විනිශ්චය පමුණුවා ගන්නා බවත් ඔබ දන්නෙහි ය.
තීතස් 3:9-11 NIV (New International Version)
But avoid foolish controversies and genealogies and arguments and quarrels about the law, because these are unprofitable and useless. Warn a divisive person once, and then warn them a second time. After that, have nothing to do with them. You may be sure that such people are warped and sinful; they are self-condemned.