ප්‍රේම ගී 7:1-4
ප්‍රේම ගී 7:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ අධිපති දියණියනි, වහන් සහිත ඔබේ පාද කොතරම් මනහර ද! ඔබගේ වක්රාකාර කලවා, ශිල්පීය අතකින් නිම කළ ආභරණයක් වගේ ය. ඔබේ නාභිය, මිශ්‍ර මිදි යුෂ හිඟ නො වන වටකුරු පාත්‍රයක් වගේ ය; ඔබගේ උදරය, මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වගේ ය. ඔබේ පියයුරු, මුව දෙනකගේ නිවුන් පැටවුන් යුගලයක් වගේ ය. ඔබගේ ගෙල, ඇත්දත් කණුවක් වගේ ය; ඔබගේ දෙනෙත, බැත්-රබ්බීම් දොරටුව පසෙක හෙෂ්බෝන් පොකුණු වගේ ය. ඔබගේ නාසය, දමස්කය පුරය දෙස බලා සිටින ලෙබනොන් කුලුන වගේ ය.
ප්‍රේම ගී 7:1-4 Sinhala Revised Old Version (SROV)
අධිපතියාණන්ගේ දුවණියෙනි, වහන් සහිත නුඹේ අඩි තැබීම කොපමණ ලක්ෂණද! නුඹේ කළවා සන්ධි දක්ෂ කම්කරුවෙකුගේ අතින් කළ ආභරණ මෙන්ය. නුඹේ නාභිය මිශ්‍රකළ පානයෙන් පූර්ණවූ වටකුරුවූ පාත්‍රයක් මෙන්ය, නුඹේ උදරය මානෙල්වලින් වටවූ තිරිඟු ගොඩක් මෙන්ය. නුඹේ දෙතන නිඹුල් මුවපැටවුන් දෙදෙනෙකු මෙන්ය. නුඹේ ග්රීවය ඇත්දත් කුළුනක් මෙන්ය; නුඹේ ඇස් හෙෂ්බොන්හි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණු මෙන්ය; නුඹේ නාසය දමස්කය දෙස පිහිටි ලෙබනොන් කොත මෙන්ය.
ප්‍රේම ගී 7:1-4 Sinhala New Revised Version (NRSV)
රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද? ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය. ඔබේ නාභිය මිදියුස පිරුණු, වටකුරු පාත්‍රයක් වැනි ය. ඔබේ උදරය මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වැනි ය. ඔබේ පියයුරු නිවුන් මුව පැටවුන් දෙදෙනෙකු වැනි ය. ඔබේ ගෙල ඇත්දත් කුළුණක් වැනි ය. ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය. ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය.
ප්‍රේම ගී 7:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද? ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය. ඔබේ නාභිය මිදියුස පිරුණු, වටකුරු පාත්‍රයක් වැනි ය. ඔබේ උදරය මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වැනි ය. ඔබේ පියයුරු නිවුන් මුව පැටවුන් දෙදෙනෙකු වැනි ය. ඔබේ ගෙල ඇත්දත් කුලුණක් වැනි ය. ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය. ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය.
ප්‍රේම ගී 7:1-4 New International Version (NIV)
How beautiful your sandaled feet, O prince’s daughter! Your graceful legs are like jewels, the work of an artist’s hands. Your navel is a rounded goblet that never lacks blended wine. Your waist is a mound of wheat encircled by lilies. Your breasts are like two fawns, like twin fawns of a gazelle. Your neck is like an ivory tower. Your eyes are the pools of Heshbon by the gate of Bath Rabbim. Your nose is like the tower of Lebanon looking toward Damascus.