ප්‍රේම ගී 4:9-11
ප්‍රේම ගී 4:9-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ මගේ හද සොරාගෙන, මගේ නගේ; මගේ මනාලියේ, එක ම එක නෙතු බැල්මකින්, ඔබේ ගෙල මාලයේ එක් මැණිකකින් මගේ හද ඔබ සොරාගෙන. කොතරම් ප්‍රමෝද ජනක ද ඔබේ ආදරය මගේ නගේ; මගේ මනාලියේ, ඔබගේ ප්‍රේමය මිදි යුෂවලටත් වඩා කොතරම් ප්‍රිය ජනක ද! ඔබගේ විලවුන් සුවඳ ඕනෑ ම සුවඳ ද්රව්යකටත් වඩා කෙතරම් අගනේ ද! මී වදයකින් මෙන් ඔබේ දෙතොලින් මිහිර වැගිරෙයි; මගේ මනාලිය, කිරිත්, පැණිත් ඔබේ දිව යට ඇත. ඔබේ ඇඳුම්වල සුගන්ධය ලෙබනොන්හි සුගන්ධය වගෙයි.
ප්‍රේම ගී 4:9-11 Sinhala Revised Old Version (SROV)
මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹ මාගේ සිත අල්ලාගත්තෙහිය; නුඹේ එක ඇසකින්, නුඹේ බෙල්ලේ එක මාලාවකින්, මාගේ සිත අල්ලාගත්තෙහිය. මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹේ ප්‍රේමය කොපමණ මිහිරිද! නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයටත්, නුඹේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ හොඳද! මාගේ මනමාලිය, නුඹේ තොල්වලින් මීවදය මෙන් පැණි වැගිරෙයි. නුඹේ දිව යට මීපැණිත් කිරිත් තිබේ; නුඹේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන්ය.
ප්‍රේම ගී 4:9-11 Sinhala New Revised Version (NRSV)
මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබේ ප්‍රේමය කොපමණ මිහිරි ද? ඔබේ ප්‍රේමය මිදියුසටත්, ඔබේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ අගනේ ද? මාගේ මනාලිය, ඔබේ තොල්වලින් මී වදයකින් මෙන් පැණි වැගිරෙයි. ඔබේ දිව යට මී පැණිත්, කිරිත් තිබේ. ඔබේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන් ය.
ප්‍රේම ගී 4:9-11 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබේ ප්‍රේමය කොපමණ මිහිරි ද? ඔබේ ප්‍රේමය මිදියුසටත්, ඔබේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ අගනේ ද? මාගේ මනාලිය, ඔබේ තොල්වලින් මී වදයකින් මෙන් පැණි වැගිරෙයි. ඔබේ දිව යට මී පැණිත්, කිරිත් තිබේ. ඔබේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන් ය.
ප්‍රේම ගී 4:9-11 New International Version (NIV)
You have stolen my heart, my sister, my bride; you have stolen my heart with one glance of your eyes, with one jewel of your necklace. How delightful is your love, my sister, my bride! How much more pleasing is your love than wine, and the fragrance of your perfume more than any spice! Your lips drop sweetness as the honeycomb, my bride; milk and honey are under your tongue. The fragrance of your garments is like the fragrance of Lebanon.