ප්‍රේම ගී 4:7-9
ප්‍රේම ගී 4:7-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ මුළුමනින් ම සුන්දර ය, මා ප්‍රියාවිය, කැළලක් නැත්තී ය. එන්න, මා සමඟ ලෙබනොන් වෙතින්, මගේ මනාලිය, එන්න, මා සමඟ ලෙබනොන් වෙතින්, අමානා කඳු මුඳුන වෙතින් බැස එන්න; සෙනීර් කූටය වෙතින්, හෙර්මොන් ශිඛරය වෙතින්, සිංහ ගුහාව වෙතින්, දිවියන්ගේ කඳු තිප්පොළවල් වෙතින් බැස එන්න. ඔබ මගේ හද සොරාගෙන, මගේ නගේ; මගේ මනාලියේ, එක ම එක නෙතු බැල්මකින්, ඔබේ ගෙල මාලයේ එක් මැණිකකින් මගේ හද ඔබ සොරාගෙන.
ප්‍රේම ගී 4:7-9 Sinhala Revised Old Version (SROV)
මාගේ සොඳුරිය, නුඹ මුළුමනින්ම රුව ඇත්තීය; කැලලක් නැත්තීය. මාගේ මනමාලිය, ලෙබනොන්හි සිට, එසේය, ලෙබනොන්හි සිට මා සමඟ එන්න. අමානායේ මුදුනෙත් සෙනීර් සහ හෙර්මොන් මුදුනෙත් සිංහයන්ගේ ගුහාවලත් අඳුන්දිවියන්ගේ කඳුවලත් සිට බලන්න. මාගේ සහෝදරිය, මාගේ මනමාලිය, නුඹ මාගේ සිත අල්ලාගත්තෙහිය; නුඹේ එක ඇසකින්, නුඹේ බෙල්ලේ එක මාලාවකින්, මාගේ සිත අල්ලාගත්තෙහිය.
ප්‍රේම ගී 4:7-9 Sinhala New Revised Version (NRSV)
මාගේ සොඳුරිය, ඔබ මුළුමනින් ම රුව ඇත්තී ය; කැළලක් නැත්තී ය. මාගේ මනාලිය, ලෙබනොන් සිට, එසේ ය, ලෙබනොන් සිට මා සමඟ එන්න සිංහයන්ගේ ගුහා වන, අඳුන් දිවියන්ගේ කඳු වන සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනෙන් ද අමානා කඳු මුදුනෙන් ද බලන්න. මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.
ප්‍රේම ගී 4:7-9 Sinhala New Revised Version 2018 (SNRV)
මාගේ සොඳුරිය, ඔබ මුළුමනින් ම රුව ඇත්තී ය; කැළලක් නැත්තී ය. මාගේ මනාලිය, ලෙබනොන් සිට, එසේ ය, ලෙබනොන් සිට මා සමඟ එන්න සිංහයන්ගේ ගුහා වන, අඳුන් දිවියන්ගේ කඳු වන සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනෙන් ද අමානා කඳු මුදුනෙන් ද බලන්න. මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය. ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.
ප්‍රේම ගී 4:7-9 New International Version (NIV)
You are altogether beautiful, my darling; there is no flaw in you. Come with me from Lebanon, my bride, come with me from Lebanon. Descend from the crest of Amana, from the top of Senir, the summit of Hermon, from the lions’ dens and the mountain haunts of leopards. You have stolen my heart, my sister, my bride; you have stolen my heart with one glance of your eyes, with one jewel of your necklace.