රූත්ගේ කථාව 4:9-10
රූත්ගේ කථාව 4:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට බෝවස් වැඩිහිටියන් සියලු දෙනා අමතමින්, “එලීමෙලෙක්ට අයිති ව තිබූ සියල්ල ද කිලියොන්ට හා මාලොන්ට අයිති ව තිබූ සියල්ල ද නායොමිගෙන් මා මිලයට ගත් වගට අද ඔබ සාක්ෂිකරුවෝ ය. තවද, මළ මිනිසාගේ නාමය, ඔහුගේ පෙළපත් අතරින් හා නගර ලේඛනවලින් බැහැර නො වන්නට මළ මිනිසාගේ උරුම දේපළ සමඟ ඔහුගේ නාමය ද බල පැවැත්වෙන පිණිස, මාලොන්ගේ වැන්දඹුව වූ මෝවබිය රූත් මගේ බිරිඳ වශයෙන් මා අත්කර ගත් වගට ද අද දවසේ ඔබ සාක්ෂිකරුවෝ යැ” යි පැවසී ය.
රූත්ගේ කථාව 4:9-10 Sinhala Revised Old Version (SROV)
බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට නුඹලා අද සාක්ෂිකාරයෝය. ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට නුඹලා අද සාක්ෂිකාරයෝයයි කීවේය.
රූත්ගේ කථාව 4:9-10 Sinhala New Revised Version (NRSV)
එවිට එතැන සිටි ප්රජා මූලිකයන්ට සහ අනිකුත් අයට බෝවස් මෙසේ කී ය: “එලිමෙලෙක්ටත්, කිලියොන් සහ මාලොන්ටත් අයිති ව තිබුණු සියල්ල නයෝමිගෙන් අද මා මිලයට ගත් බවට ඔබ හැම සාක්ෂිකාරයෝ ය. තවද, මළ මිනිසාගේ පවුලට කුඹුර උරුම වන පිණිස මාලොන්ගේ වැන්දඹුව වන මෝවබ් ජාතික රූත් මාගේ භාර්යාව වශයෙන් ද ගන්නෙමි. මෙසේ කිරීමෙන් ඔහුගේ නාමය ඔහුගේ සෙනඟ අතරේ ද ඔහු උපන් නගරයේ ද අමතක නොවී පවතිනු ඇත. මේ බවට ඔබ හැම අද දින සාක්ෂිකාරයෝ වන්නහු ය.”
රූත්ගේ කථාව 4:9-10 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට එතැන සිටි ප්රජා මූලිකයන්ට සහ අනිකුත් අයට බෝවස් මෙසේ කී ය: “එලිමෙලෙක්ටත්, කිලියොන් සහ මාලොන්ටත් අයිති ව තිබුණු සියල්ල නයෝමිගෙන් අද මා මිලයට ගත් බවට ඔබ හැම සාක්ෂිකාරයෝ ය. තවද, මළ මිනිසාගේ පවුලට කුඹුර උරුම වන පිණිස මාලොන්ගේ වැන්දඹුව වන මෝවබ් ජාතික රූත් මාගේ භාර්යාව වශයෙන් ද ගන්නෙමි. මෙසේ කිරීමෙන් ඔහුගේ නාමය ඔහුගේ සෙනඟ අතරේ ද ඔහු උපන් නගරයේ ද අමතක නොවී පවතිනු ඇත. මේ බවට ඔබ හැම අද දින සාක්ෂිකාරයෝ වන්නහු ය.”
රූත්ගේ කථාව 4:9-10 New International Version (NIV)
Then Boaz announced to the elders and all the people, “Today you are witnesses that I have bought from Naomi all the property of Elimelek, Kilion and Mahlon. I have also acquired Ruth the Moabite, Mahlon’s widow, as my wife, in order to maintain the name of the dead with his property, so that his name will not disappear from among his family or from his hometown. Today you are witnesses!”