රූත්ගේ කථාව 4:3-6
රූත්ගේ කථාව 4:3-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉන්පසු ඔහු, මිදීම සිදු කළ හැකි නෑයා අමතමින්, “මෝවබ් දේශයේ සිට පෙරළා පැමිණි නායොමි, අපගේ සහෝදර එලීමෙලෙක්ට අයත් වූ ඉඩම් කැබැල්ල විකුණන්නී ය. එබැවින් මෙහි අසුන් ගෙන සිටින මේ අය ඉදිරියේ හා මගේ ජනයාගේ වැඩිහිටියන් ඉදිරියේ, එය මිලයට ගන්නැයි ඔබට දැන්විය යුතු යැයි මා සිතුවා. එය මුදා ගන්නට ඔබ කැමති නම්, එය මුදා ගන්න. එහෙත් ඔබ නො කැමති නම්, මා එය දැනගන්නා පිණිස ඒ වග මට කියන්න. මන්ද ඔබට පෙරාතුව එය මුදාගැන්මේ අයිතිය වෙන කාටවත් නැත. ඊළඟට සිටින්නේ මමයි” කීවේ ය. “මා එය මුදා ගන්නවා” යි නෑයා පැවසී ය. එවිට බෝවස්, “නායොමි අතින් ඔබ මේ ඉඩම මිලයට ගන්නා දවසේ, මළ අයගේ උරුම දේපළ සමඟ ඔහුගේ නාමය පවතින පිණිස, මළ මිනිසාගේ වැන්දඹුව වූ මෝවබිය රූත් ද අත්කර ගන්නේ යැ” යි පැවසී ය. මෙවිට, මිදීම සිදු කළ හැකි නෑයා, “එසේ නම්, මට එය මුදා ගන්න බැහැ. මන්ද, එයින් මගේ ම උරුමයට අනර්ථයක් සිදු විය හැකියි. මුදා ගැනීමේ මා සතු අයිතිය ඔබ ම බාර ගන්න. මන්ද මට එය මුදා ගත නො හැකි යැ” යි පැවසී ය.
රූත්ගේ කථාව 4:3-6 Sinhala Revised Old Version (SROV)
ඔහු ඒ ළඟ නෑයාට කථාකොට: මෝවබ් රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලීමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නීය. මෙහි හිඳින්නන් සහ මාගේ සෙනඟගේ වැඩිමහල්ලන් ඉදිරියෙහි ඒක මිලේට ගන්න කියා කාරණය නුඹට දන්වන්ට සිතුවෙමි. ඉතින් ඒක ගළවාගන්ට කැමතිනම් ගළවාගන්න. ගළවාගන්ට අකැමැතිනම් ඒ බව දැනගන්නා පිණිස මට කියන්න. මක්නිසාද ඒක ගළවාගන්ට නුඹ සහ නුඹට පසුව මාත් ඇර වෙන කිසිවෙක් නැතැයි කීවේය. ඒක මම ගළවා ගන්නෙමියි ඔහු කීය. එවිට බෝවස්: නායොමි අතින් ඒ බිම මිලේට ගන්නා දවසේදී, මැරුණු අයගේ නම උරුමය කෙරෙහි පවතින පිණිස මැරුණු අයගේ භාර්යාවවූ මෝවබිය රූත්ගෙනුත් ඒක මිලේට ගන්ට ඕනෑයයි කීවාය. ඒ ළඟ නෑයා කථාකොට: මට ඒක ගළවාගන්ට බැරිය; එසේ කළොත් මාගේ උරුමයට අලාභවෙයි. මට ගළවාගන්ට බැරි නිසා මට තිබෙන මිදීමේ බලය නුඹම භාරගන්නැයි කීවාය.
රූත්ගේ කථාව 4:3-6 Sinhala New Revised Version (NRSV)
ඉක්බිති ඔහු කිට්ටු ම නෑයාට කතා කොට මෙසේ කී ය: “දැන් නයෝමි මෝවබ් දේශයෙන් ආපසු පැමිණ සිටින බැවින් අපේ නෑයා වූ එලිමෙලෙක්ට අයිති ව තිබුණ කුඹුර විකිණීමට අදහස් කර ඇත. ඒ බව ඔබට දන්වන්නටත්, මෙසේ කියන්නටත් මම සිතුවෙමි. ඔබට එය උවමනා නම්, මෙහි සිටින තැනැත්තන් හා අපේ සෙනඟගේ මෙම ප්‍රජා මූලිකයන් ඉදිරියේ ඔබ එය මුදාගන්න. එය ඔබට උවමනා නැත්නම්, මට ඒ බව කියන්න. මන්ද, එය මුදාගැනීමේ අයිතිවාසිකම තිබෙන්නේ පළමු ව ඔබට ය; ඊට පසු ව මට ය. මම එය මුදාගනිමි.” බෝවස් තවදුරටත් කතා කරමින්, “නයෝමිගෙන් එය මිලයට ගන්න දවසේ දී, මෝවබ් ජාතික වැන්දඹුව වන රූත් ද ඔබ පෙළවහ කොට ගත යුතු ය. එසේ කළ යුත්තේ ඇගේ මියගිය පුරුෂයාගේ කුඹුර එම පවුලට ම උරුම වන පිණිස ය”යි ද කී ය. එයට ඇවැස්ස නෑයා උත්තර දෙමින්, “කාරණය එසේ නම්, මම කුඹුර මිලයට ගැනීමට මාගේ අයිතිවාසිකම යොදවන්නේ නැත. එසේ කළොත් මාගේ උරුමයන් නැති වන්නට ඉඩ තිබේ. කුඹුර මිලේට ගැනීමට මට ඇති අයිතිවාසිකම ඔබට ම භාර කරමි. මට එය උවමනා නැතැ”යි කී ය.
රූත්ගේ කථාව 4:3-6 Sinhala New Revised Version 2018 (SNRV)

රූත්ගේ කථාව 4:3-6 New International Version (NIV)
Then he said to the guardian-redeemer, “Naomi, who has come back from Moab, is selling the piece of land that belonged to our relative Elimelek. I thought I should bring the matter to your attention and suggest that you buy it in the presence of these seated here and in the presence of the elders of my people. If you will redeem it, do so. But if you will not, tell me, so I will know. For no one has the right to do it except you, and I am next in line.” “I will redeem it,” he said. Then Boaz said, “On the day you buy the land from Naomi, you also acquire Ruth the Moabite, the dead man’s widow, in order to maintain the name of the dead with his property.” At this, the guardian-redeemer said, “Then I cannot redeem it because I might endanger my own estate. You redeem it yourself. I cannot do it.”