රූත්ගේ කථාව 4:11
රූත්ගේ කථාව 4:11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට නගර දොරටුවේ සිටි සියල්ලෝ හා වැඩිහිටියෝ, “අපි සාක්ෂිකරුවෝයි. ඔබේ නිවසට එන කාන්තාව, ඉශ්රායෙල් වංශය එක් ව ගොඩ නැංවූ රාඛෙල් හා ලෙයා වාගේ වන්නට ස්වාමින්වහන්සේ සලස්වන සේක්වා! ඔබ එෆ්රාතාහි සමෘද්ධිමත් වී, බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේවා!
රූත්ගේ කථාව 4:11 Sinhala Revised Old Version (SROV)
දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය. ස්වාමීන්වහන්සේ නුඹේ ගෙට එන මේ ස්ත්රිය ඉශ්රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න.
රූත්ගේ කථාව 4:11 Sinhala New Revised Version (NRSV)
“ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා!
රූත්ගේ කථාව 4:11 Sinhala New Revised Version 2018 (SNRV)
“ඔව්, අපි සාක්ෂිකාරයෝ ය”යි එතැන සිටි සෙනඟ කී හ. ප්රජා මූලිකයෝ මෙසේ කී හ: “ඔබේ ගෙදරට පැමිණෙන මේ ස්ත්රිය, ඉශ්රායෙල් වංශය ගොඩනැඟුව රාකෙල් සහ ලෙයා මෙන් වේ වා! ඔබ එප්රාතාහි බලවත් වේ වා! බෙත්ලෙහෙම්හි කීර්තිමත් වේ වා!
රූත්ගේ කථාව 4:11 New International Version (NIV)
Then the elders and all the people at the gate said, “We are witnesses. May the LORD make the woman who is coming into your home like Rachel and Leah, who together built up the family of Israel. May you have standing in Ephrathah and be famous in Bethlehem.