රූත්ගේ කථාව 3:11-18

රූත්ගේ කථාව 3:11-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් දැන් මා දියණියනි, භය වන්න එපා. ඔබ ඉල්ලූ සියල්ල මා ඔබට ඉටු කර දෙන්නම්. ඔබ උදාර කාන්තාවක වග මගේ සහෝදර නගර වාසී සැවොම දනිති. කෙසේ වෙතත් මා මිදීම සිදු කළ හැකි නෑයකු බව ඇත්තයි; එහෙත් මට වඩා ළඟ නෑයකු සිටී. මේ රැය මෙහි ගත කරන්න. හෙට උදෑසන, මිදීම සිදු කළ හැකි නෑයාගේ වගකීම ඉටු කරන්නට ඔහු කැමති වුණොත් හොඳයි. ඔහු එසේ කළා වේ! එහෙත් ඔහු මිදීම සිදු කරන්නට අකමැති නම්, ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මම මිදීම ඉටු කරන්නෙමි. පහන් වන තුරු හාන්සි වී සිටින්නැ” යි කීවේ ය. එබැවින් පහන් වන තෙක් ඔහුගේ පා අද්දර වැතිර සිටි ඈ, කෙනකුට කෙනෙක් හැඳිනගත හැකි වන්නට පළමු නැගිටුණා ය. “ස්ත්‍රියක් කමතට ආ වග දැනගන්නට නො ලැබේවා” යි ඔහු පැවසී ය. ඔහු යළි කතා කරමින්, “ඔබ හැඳ සිටින සළුව ගෙනත් අල්ලන්නැ” යි කීවේ ය. ඇය එසේ ඇල්ලූ කල, ඔහු යව හය පංගුවක් මැන, එය ඇගේ කර මත තැබී ය. ඉන්පසු ඈ නගරයට ගියා ය. ඇය තම නැන්දම්මා වෙත ආ කල, “කොහොම ද, මොකද වුණේ මගේ දුවේ?” යි ඈ ඇසුවා ය. එවිට, ඒ මිනිසා ඇය උදෙසා කළ සියල්ල ගැන ඇයට පැවසූ ඈ, “ ‘ඔබේ නැන්දම්මා වෙත හිස් අතින් යන්න එපා යැ’ යි කියමින්, ඔහු මේ යව හය පංගුවක් මට දුන්නේ යැ” යි කීවා ය. එවිට ඈ, “කුමක් සිදු වේ දැයි දැනගන්නා තෙක් සිටින්න මගේ දූ. අද ම මේ කාරණය බේරුමක් කර ගන්නා තුරු ඔහු විවේක ගන්නේ නැතැ” යි කීවා ය.

රූත්ගේ කථාව 3:11-18 Sinhala Revised Old Version (SROV)

දැන් මාගේ දියණියෙනි, භයනොවෙන්න; නුඹ කියන සියල්ල නුඹට ඉෂ්ටකරන්නෙමි. මක්නිසාද මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ නුඹ සුශිලවත් ස්ත්‍රියක් බව දනිති. ඉතින් මා නුඹට ළඟ නෑයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නෑයෙක් ඇත්තේය. අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම නුඹට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම නුඹට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය. ඈ පහන්වන තෙක් ඔහුගේ පාමුල නිදාහිඳ, එකිනෙකා ඇඳිනගන්ට පුළුවන්වෙන්ට මත්තෙන් නැගුටුණාය. ඔහුද: ඒ ස්ත්‍රිය පාවරට ආ බව කිසිවෙකුට නොදැනේවයි කීවේය. තවද ඔහු: නුඹ පොරවා සිටින සළුව මෙහි ගෙනත් අල්ලන්නැයි කීවේය; ඈ ඒක ඇල්ලූ කල යව නැළි හයක් මැන ඈ පිට තබා නුවරට ගියේය. ඈ තම නැන්දා ළඟට ආ කල: මාගේ දියණියෙනි, නුඹ කවුදැයි ඇසුවාය. එවිට ඈ ඒ මනුෂ්‍යයා තමාට කළ සියල්ල නැන්දාට දන්වා–නුඹේ නැන්දා ළඟට හිස් අතින් නොයන්නැයි ඔහු මට කියා මේ යව නැළි හය මට දුන්නේයයි කීවාය. එවිට ඈ: මාගේ දියණියෙනි, කාරණය කෙසේ සිදුවන්නේද කියා දැනගන්නා තුරු ඉන්න; මක්නිසාද ඒ මනුෂ්‍යයා අද මේ දේ තීන්දුකරනතුර නිවාඩු නොගන්නේයයි කීවාය.

රූත්ගේ කථාව 3:11-18 Sinhala New Revised Version (NRSV)

දැන් ඔබ කිසිවකට බිය වන්න උවමනා නැත. ඔබ සිල්වත් ස්ත්‍රියක බව නගරයේ හැම දෙනෙක් ම දනිති. ඔබ ඉල්ලන කුමන දෙයක් වුවත් කරන්න මම සූදානම් ය. මා ඔබේ ඇවැස්ස නෑයෙකු බව ඇත්තයි. එහෙත්, මට වඩා කිට්ටු තවත් ඇවැස්ස නෑයෙක් ඔබට ඇත. පහන් වන තුරු මෙහි සිටින්න. උදේ ඒ මිනිසා ඔබ රැකබලාගැනීමේ වගකීම භාරගන්නට සතුටු වුවහොත් මැනවි. ඊට ඔහු අකමැති වුවහොත්, මා එම වගකීම භාර ගන්න බවට ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.” මෙසේ ඈ අලුයම වන තෙක් ඔහුගේ පය අද්දර සැතපී සිට එකිනෙකා හැඳින ගැනීමට හැකි වන්නට පෙර අවදි වූවා ය. මන්ද, ‘ඈ කමතට ආ බව කිසිවෙකු දැන නොගත යුතු ය’යි බෝවස් කී බැවිනි. එවිට බෝවස් කතා කොට, “ඔබ ඇඳගෙන තිබෙන උතුරු සළුව මෙහි ගෙනවුත් දිග හරින්නැ”යි කී ය. ඈ එසේ කළ විට ඔහු බාර්ලි කිලෝග්‍රෑම් විස්සක් එහි බහා එය ඔසවා ගැනීමට ඈට උපකාර කෙළේ ය. ඈ පෙරළා නගරයට පැමිණියා ය. සිය නැන්දම්මා සිටි තැනට පැමිණි විට, “දුව, තොරතුරු කෙසේ දැ”යි නැන්දම්මා විචාළා ය. බෝවස් තමාට සැලකූ අන්දම ගැන සියලු තොරතුරු ඈ සැළ කළා ය. ඔබ වෙත හිස් අතින් මා නොපැමිණිය යුතු යයි ඔහු මේ බාර්ලි කිලෝග්‍රෑම් විස්ස මට දුන්නේ යැ යි කීවා ය. එවිට නයෝමි “මාගේ දුව, ඊළඟට සිදු වන දේ දැනගන්න තෙක් ඉවසා සිටින්න. මන්ද, කාරණාව අද ම තීන්දු කරගන්න තෙක් බෝවස්ට ඉස්පහසුවක් නැතිවිය හැකි යැ”යි කීවා ය.

රූත්ගේ කථාව 3:11-18 Sinhala New Revised Version 2018 (SNRV)

දැන් ඔබ කිසිවකට බිය වන්න උවමනා නැත. ඔබ ගුණවත් ස්ත්‍රියක බව නගරයේ හැම දෙනෙක් ම දනිති. ඔබ ඉල්ලන කුමන දෙයක් වුවත් කරන්න මම සූදානම් ය. මා ඔබේ ඇවැස්ස නෑයෙකු බව ඇත්තයි. එහෙත්, මට වඩා කිට්ටු තවත් ඇවැස්ස නෑයෙක් ඔබට ඇත. පහන් වන තුරු මෙහි සිටින්න. උදේ ඒ මිනිසා ඔබ රැකබලාගැනීමේ වගකීම භාරගන්නට සතුටු වුවහොත් මැනවි. ඊට ඔහු අකමැති වුවහොත්, මා එම වගකීම භාර ගන්න බවට ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.” මෙසේ ඈ අලුයම වන තෙක් ඔහුගේ පය අද්දර සැතපී සිට එකිනෙකා හැඳින ගැනීමට හැකි වන්නට පෙර අවදි වූවා ය. මන්ද, ‘ඈ කමතට ආ බව කිසිවෙකු දැන නොගත යුතු ය’යි බෝවස් කී බැවිනි. එවිට බෝවස් කතා කොට, “ඔබ ඇඳගෙන තිබෙන උතුරු සළුව මෙහි ගෙනවුත් දිග හරින්නැ”යි කී ය. ඈ එසේ කළ විට ඔහු බාර්ලි කිලෝග්‍රෑම් විස්සක් එහි බහා එය ඔසවා ගැනීමට ඈට උපකාර කෙළේ ය. ඈ පෙරළා නගරයට පැමිණියා ය. සිය නැන්දම්මා සිටි තැනට පැමිණි විට, “දුව, තොරතුරු කෙසේ දැ”යි නැන්දම්මා විචාළා ය. බෝවස් තමාට සැලකූ අන්දම ගැන සියලු තොරතුරු ඈ සැළ කළා ය. ඔබ වෙත හිස් අතින් මා නොපැමිණිය යුතු යයි ඔහු මේ බාර්ලි කිලෝග්‍රෑම් විස්ස මට දුන්නේ යැ යි කීවා ය. එවිට නයෝමි “මාගේ දුව, ඊළඟට සිදු වන දේ දැනගන්න තෙක් ඉවසා සිටින්න. මන්ද, කාරණාව අද ම තීන්දු කරගන්න තෙක් බෝවස්ට ඉස්පහසුවක් නැතිවිය හැකි යැ”යි කීවා ය.