රූත්ගේ කථාව 3:10-13

රූත්ගේ කථාව 3:10-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා මා දියණිය. පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයින් පස්සේ නො යෑමෙන්, ඔබ දක්වා ඇත්තේ මුලින් දැක්වූවාට වඩා වැඩි පක්ෂපාතීත්වයක්. එබැවින් දැන් මා දියණියනි, භය වන්න එපා. ඔබ ඉල්ලූ සියල්ල මා ඔබට ඉටු කර දෙන්නම්. ඔබ උදාර කාන්තාවක වග මගේ සහෝදර නගර වාසී සැවොම දනිති. කෙසේ වෙතත් මා මිදීම සිදු කළ හැකි නෑයකු බව ඇත්තයි; එහෙත් මට වඩා ළඟ නෑයකු සිටී. මේ රැය මෙහි ගත කරන්න. හෙට උදෑසන, මිදීම සිදු කළ හැකි නෑයාගේ වගකීම ඉටු කරන්නට ඔහු කැමති වුණොත් හොඳයි. ඔහු එසේ කළා වේ! එහෙත් ඔහු මිදීම සිදු කරන්නට අකමැති නම්, ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මම මිදීම ඉටු කරන්නෙමි. පහන් වන තුරු හාන්සි වී සිටින්නැ” යි කීවේ ය.

රූත්ගේ කථාව 3:10-13 Sinhala Revised Old Version (SROV)

ඔහු: මාගේ දියණියෙනි, ස්වාමීන්වහන්සේගෙන් නුඹට ආශීර්වාද ලැබේවා. නුඹ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් නුඹ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය. දැන් මාගේ දියණියෙනි, භයනොවෙන්න; නුඹ කියන සියල්ල නුඹට ඉෂ්ටකරන්නෙමි. මක්නිසාද මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ නුඹ සුශිලවත් ස්ත්‍රියක් බව දනිති. ඉතින් මා නුඹට ළඟ නෑයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නෑයෙක් ඇත්තේය. අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම නුඹට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම නුඹට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය.

රූත්ගේ කථාව 3:10-13 Sinhala New Revised Version (NRSV)

“මාගේ දියණියෙණි, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!”යි ඔහු උත්තර දී තවදුරටත් මෙසේ කී ය: “ඔබ පවුලට ඇති පක්ෂපාතකම, ඔබේ නැන්දම්මාට කළ දේවලින් පෙනුණාටත් වඩා දැන් ඔබ කරන මේ ක්‍රියාවෙන් පෙනේ. මන්ද, ඔබ පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයෙකු පස්සේ ගියේ නැත. දැන් ඔබ කිසිවකට බිය වන්න උවමනා නැත. ඔබ සිල්වත් ස්ත්‍රියක බව නගරයේ හැම දෙනෙක් ම දනිති. ඔබ ඉල්ලන කුමන දෙයක් වුවත් කරන්න මම සූදානම් ය. මා ඔබේ ඇවැස්ස නෑයෙකු බව ඇත්තයි. එහෙත්, මට වඩා කිට්ටු තවත් ඇවැස්ස නෑයෙක් ඔබට ඇත. පහන් වන තුරු මෙහි සිටින්න. උදේ ඒ මිනිසා ඔබ රැකබලාගැනීමේ වගකීම භාරගන්නට සතුටු වුවහොත් මැනවි. ඊට ඔහු අකමැති වුවහොත්, මා එම වගකීම භාර ගන්න බවට ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”

රූත්ගේ කථාව 3:10-13 Sinhala New Revised Version 2018 (SNRV)

“මාගේ දියණියෙණි, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!”යි ඔහු උත්තර දී තවදුරටත් මෙසේ කී ය: “ඔබ පවුලට ඇති පක්ෂපාතකම, ඔබේ නැන්දම්මාට කළ දේවලින් පෙනුණාටත් වඩා දැන් ඔබ කරන මේ ක්‍රියාවෙන් පෙනේ. මන්ද, ඔබ පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයෙකු පස්සේ ගියේ නැත. දැන් ඔබ කිසිවකට බිය වන්න උවමනා නැත. ඔබ ගුණවත් ස්ත්‍රියක බව නගරයේ හැම දෙනෙක් ම දනිති. ඔබ ඉල්ලන කුමන දෙයක් වුවත් කරන්න මම සූදානම් ය. මා ඔබේ ඇවැස්ස නෑයෙකු බව ඇත්තයි. එහෙත්, මට වඩා කිට්ටු තවත් ඇවැස්ස නෑයෙක් ඔබට ඇත. පහන් වන තුරු මෙහි සිටින්න. උදේ ඒ මිනිසා ඔබ රැකබලාගැනීමේ වගකීම භාරගන්නට සතුටු වුවහොත් මැනවි. ඊට ඔහු අකමැති වුවහොත්, මා එම වගකීම භාර ගන්න බවට ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි.”