රූත්ගේ කථාව 2:8-9
රූත්ගේ කථාව 2:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට බෝවස් රූත්ට කතා කොට, “මේ අහන්න මා දියණිය, කරල් අහුලන්නට වෙනත් කුඹුරකට යන්න එපා. මෙතැන අත්හැර යන්නත් එපා. හැබැයි මගේ සේවක තරුණියන්ට ළං ව සිටින්න. මිනිසුන් ගොයම් කපන්නේ කවර ලියැද්දකදැයි හොඳින් බලාගෙන, ඔවුන් පස්සෙන් ම යන්න. ඔබට අත නො තබන ලෙස තරුණයින්ට මා අණ කළා. ඔබට පිපාස දැනුනාම, තරුණයින් පුරවා ඇති ජල බඳුන්වලින් ගෙන බොන්නැ” යි කීවේ ය.
රූත්ගේ කථාව 2:8-9 Sinhala Revised Old Version (SROV)
එවිට බෝවස්: මාගේ දියණියෙනි, අහන්න; වෙන කෙතකට ඇහිඳින්ට නොයන්න, මෙතැනින් නොගොස් මෙහි මාගේ තරුණියන් එක්කම සිටින්න. ඔවුන් කපන කෙත බලාගන ඔවුන් පස්සේ යන්න. නුඹට අත නොගසන ලෙස මා විසින් තරුණ පුරුෂයන්ට අණකර තිබෙනවා නොවේද? නුඹට පිපාසාවූ කල භාජන ළඟට ගොස් තරුණයන් ඇද තිබෙන වතුරෙන් බොන්නැයි රූත්ට කීවේය.
රූත්ගේ කථාව 2:8-9 Sinhala New Revised Version (NRSV)
එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න. ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.”
රූත්ගේ කථාව 2:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න. ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.”
රූත්ගේ කථාව 2:8-9 New International Version (NIV)
So Boaz said to Ruth, “My daughter, listen to me. Don’t go and glean in another field and don’t go away from here. Stay here with the women who work for me. Watch the field where the men are harvesting, and follow along after the women. I have told the men not to lay a hand on you. And whenever you are thirsty, go and get a drink from the water jars the men have filled.”