රූත්ගේ කථාව 2:14-23

රූත්ගේ කථාව 2:14-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ආහාර වේලාවේදී ඇය ඇමතූ බෝවස්, “මෙහෙ එන්න; මේ රොටි ගෙන, මිදි යුෂ ඇඹුලේ කැබැල්ල පොඟවා, කන්නැ” යි කීවේ ය. ඇය අස්වනු නෙළන්නන් පසෙක හිඳගත් කල, ඔහු විලඳ බොහොමයක් ඇයට ළං කළේ ය. සෑහීමට පත් වන තුරු කෑ පසු, ඇයට තවත් ඉතිරි විය. කරල් ඇහිඳින්නට ඇය නැගිටි කල, බෝවස් තම සේවකයිනට උපදෙස් දෙමින්, “ගොයම් මිටි අතරේ වුව කරල් ඇහිඳ ගන්නට ඇයට ඉඩ හරින්න; ඇය අපහසුතාවට පත් කරන්න එපා; එපමණක් නො වේ; ගොයම් මිටිවලින් කරල් ඇද දමා, ඒවා ඇයට ඇහිඳ ගන්නට ඉඩ හරින්න. ඇයට තරවටු කරන්න එපා” යි කීවේ ය. මෙසේ ඈ සවස් වන තුරු කුඹුරෙහි කරල් ඇහින්දා ය. පසුව ඇය ඇහිඳ තිබූ කරල්වලින් ධාන්‍ය සූරාගත් කල, ඒෆාවක් පමණ යව එහි තිබිණ. ඈ ඒවා ද ගෙන, නගරයට ගියා ය. එවිට ඇය කොපමණ ප්‍රමාණයක් එකතු කර ගෙන තිබිණිදැයි ඇගේ නැන්දම්මා දුටුවා ය. සෑහීමට පත් වන තුරු කෑ පසුත්, ඉතිරි ව තිබූ දෑ පිටතට ගත් ඈ, ඒවා ද ඇයට දුන්නා ය. ඇගේ නැන්දම්මා ඇය විමසමින්, “කොහේ ද අද ඔබ කරල් ඇහින්දේ? කොතැන ද ඔබ වැඩ කළේ? ඔබ ගැන සැලකිල්ල දැක් වූ මනුෂ්‍යයාට ආශිර්වාද ලැබේවා!” යි කීවා ය. එවිට ඈ තමා වැඩ කළේ කවරකු ළඟදැයි තම නැන්දම්මාට පවසමින්, “අද මා වැඩ කළ තැන මිනිසාගේ නම බෝවස් යැ” යි කීවා ය. එවිට නායොමි තම ලේළිය අමතමින්, “ස්වාමින්වහන්සේ ඔහුට ආශිර්වාද කරන සේක්වා! ජීවතුන්ටත්, මළවුන්ටත් උන්වහන්සේ දක්වන ආදර කරුණාව නතර කොට නැතැ” යි කීවා ය. නායොමි යළිත්, “ඒ අපේ ළඟ නෑයෙක්. අපේ මිදීම සිදු කළ හැකි නෑයින්ගෙන් කෙනෙකි” යි කීවා ය. එවිට, මෝවබිය රූත්, “එපමණක් නො වේ; ඔහු මා අමතමින්, ‘මගේ අස්වනු සියල්ල ඔවුන් නෙළා අවසන් වන තෙක්, මගේ වැඩකරුවන් සමඟ සිටින්න’ කියා ද කීවේ යැ” යි කීවා ය. එවිට නායොමි තම ලේලී වූ රූත් අමතමින්, “ඔහුගේ සේවක තරුණියන් සමඟ යෑම, ඔබට හොඳයි මගේ දූ. වෙනත් කෙනකුගේ කුඹුරකදී ඔබට අතවර විය හැකි යැ” යි පැවසුවා ය. එබැවින් ඈ, කරල් ඇහිඳිමින් යව අස්වනු නෙළීම හා තිරිඟු අස්වනු නෙළීම අවසන් වන තෙක් ම බෝවස්ගේ සේවක තරුණියන් ළඟින් ම සිටියා ය. ඇය වාසය කළේ ඇගේ නැන්දම්මා සමඟ ය.

රූත්ගේ කථාව 2:14-23 Sinhala Revised Old Version (SROV)

කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් නුඹේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය. ඈ කරල් ඇහිඳින්ට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න. අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය. මෙසේ ඈ සවස් වනතෙක් කෙතෙහි ඇහිඳ ඈ ඇහිඳපු ඒවා මැඩගත්තාය, යව ඒඵාවක් පමණ තිබුණේය. ඈ ඒවා රැගෙන නුවරට ගියාය. ඈ ඇහිඳපු ඒවා ඇගේ නැන්දා දුටුවාය. ඈ තෘප්තියට පැමිණි පසු ඉතුරු කරගත් ඒවාත් එළියට අරන් ඈට දුන්නාය. ඇගේ නැන්දා: නුඹ අද ඇහින්දේ කොහේද? වැඩකළේ කොතනදැයි ඇගෙන් අසා, නුඹ ගැන සැලකූ අයට ආශීර්වාදවේවයි කීවාය. කා වෙත වැඩකළාද කියා ඈ තම නැන්දාට දන්වමින්: මා අද වැඩකළේ බෝවස් නම්වූ මනුෂ්‍යයෙකු වෙතයයි කීවාය. එවිට නායොමි ඇගේ යෙහෙළීට කථාකොට: ඔහු ජීවතුන්ටත් මළවුන්ටත් ඇති තමාගේ කරුණාව අත්නොහැරියේය, ඔහුට ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේවයි කීවාය. තවද නායොමි: ඒ මනුෂ්‍යයා අපට ළඟ නෑයෙක්ය, අපේ ළඟම නෑයෙක්යයි ඈට කීවාය. මෝවබිය රූත්ද: එසේය, ඔහු මට කථාකර–මාගේ ගොයම් සියල්ල කපා තීන්දුකරන තුරු නුඹ මාගේ වැඩකාරයන් ළඟම සිටින්න කියාත් කීවේයයි කීවාය. නායොමිද: මාගේ දියණියෙනි, වෙන කෙතකදී මිනිසුන් නුඹට අන්තරා නොකරන පිණිස ඔහුගේ යෞවනියන් සමග යාම හොඳයයි ඇගේ යෙහෙළීවූ රූත්ට කීවාය. මෙසේ යව කපන කාලයත් තිරිඟු කපන කාලයත් නිමවනතෙක් ඈ ඇහිඳින පිණිස බෝවස්ගේ යෞවනියන් එක්කම සිටියාය; ඈ වනාහි ඇගේ නැන්දා සමග විසුවාය.

රූත්ගේ කථාව 2:14-23 Sinhala New Revised Version (NRSV)

කෑම කන වේලාවේ දී බෝවස් රූත් අමතා, “මෙහි අවුත් රොටි කැබැල්ලක් ඇඹුල් මිදියුසේ පොඟවා කන්නැ”යි කී ය. රූත් ද ගොයම් කපන අය සමඟ එකට වාඩිවුණා ය. බෝවස් විළඳ ස්වල්පයක් ඇයට ළං කළේ ය. ඈ සෑහෙන පමණ කෑ පසු එහි තවත් ඉතිරි විය. ඈ නැවතත් කරල් අහුලාගන්නට යෑමට නැඟිටි විට, බෝවස් තම සේවකයන් හට මෙසේ අණ කෙළේ ය: “ගොයම් මිටි බැඳ තිබෙන තැන්වල වුවත් කරල් අහුලාගන්නට ඇයට ඉඩ හරින්න. ඇයට අවහිර නොකරන්න. ගොයම් මිටිවලින් ද කරල් ටිකක් ඇද දමා ඇයට අහුලාගන්නට ඉඩ දෙන්න. ඈට දොස් නොකියන්න.” මෙසේ හවස් වනතුරු රූත් කෙතෙහි කරල් ඇහුලුවා ය. ඈ අහුලාගත් කරල්වලින් ධාන්‍ය සූරා ගත්විට එය කිලෝග්‍රෑම් දහයක් පමණ විය. ඈ එය රැගෙන නගරයට ගිය විට තමා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එකතු කරගත්තා දැ යි ඇගේ නැන්දම්මා දුටුවා ය. රූත් ඉතුරු කර ගෙනා ආහාර කොටස ද ඇයට දුන්නා ය. නයෝමි ඇයට කතා කරමින්, “ඔබ අද කරල් ඇහුලුවේ කොහේ ද? ඔබ වැඩ කෙළේ කාගේ කෙතක ද? ඔබ ගැන සැලකූ මිනිසාට ආශීර්වාද වේ වා!”යි කීවා ය. එවිට රූත් කාගේ කෙතක තමා එදා වැඩ කළා දැ යි දන්වමින්, “මා අද වැඩ කෙළේ, බෝවස් නම් මිනිසෙකුගේ කෙතක යැ”යි කීවා ය. එවිට නයෝමි ලේලිට කතා කරමින්, “ජීවමාන අයටත්, දැනට මිය ගොස් සිටින අයටත් වූ පොරොන්දු ඉටු කරන සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කරන සේක් වා! ඒ මිනිසා අපේ නෑයෙකි. අපේ ඇවැස්ස නෑයෙකි”යි කීවා ය. එවිට රූත් කතා කරමින්, “එපමණක් නොව, ‘ගොයම් කපා හමාර වනතෙක් සේවකයන් සමඟ වැඩ කරන්නැ’යි ඔහු මට කීවේ යැ”යි නැන්දම්මාට කීවා ය. නයෝමි රූත් අමතා, “ඔව් දුව, වෙන මිනිසෙකුගේ කෙතකට ඔබ ගියොත් ඔබට හිරිහැර ලබන්නට සිදු වේ. ඒ නිසා ඔහුගේ සේවකයන් සමඟ ම ඔබ වැඩ කරනවා නම් වඩා හොඳ ය”යි කීවා ය. මෙසේ රූත් බෝවස්ගේ සේවකයන් සමඟ වැඩ කරමින් සියලු බාර්ලි සහ තිරිඟු අස්වැන්න රැස් කර හමාර වන තෙක් කරල් ඇහුලුවා ය. ඇය තම නැන්දම්මා සමඟ දිගට ම ජීවත් වූවා ය.

රූත්ගේ කථාව 2:14-23 Sinhala New Revised Version 2018 (SNRV)

රූත්ගේ කථාව 2:14-23 New International Version (NIV)

At mealtime Boaz said to her, “Come over here. Have some bread and dip it in the wine vinegar.” When she sat down with the harvesters, he offered her some roasted grain. She ate all she wanted and had some left over. As she got up to glean, Boaz gave orders to his men, “Let her gather among the sheaves and don’t reprimand her. Even pull out some stalks for her from the bundles and leave them for her to pick up, and don’t rebuke her.” So Ruth gleaned in the field until evening. Then she threshed the barley she had gathered, and it amounted to about an ephah. She carried it back to town, and her mother-in-law saw how much she had gathered. Ruth also brought out and gave her what she had left over after she had eaten enough. Her mother-in-law asked her, “Where did you glean today? Where did you work? Blessed be the man who took notice of you!” Then Ruth told her mother-in-law about the one at whose place she had been working. “The name of the man I worked with today is Boaz,” she said. “The LORD bless him!” Naomi said to her daughter-in-law. “He has not stopped showing his kindness to the living and the dead.” She added, “That man is our close relative; he is one of our guardian-redeemers.” Then Ruth the Moabite said, “He even said to me, ‘Stay with my workers until they finish harvesting all my grain.’ ” Naomi said to Ruth her daughter-in-law, “It will be good for you, my daughter, to go with the women who work for him, because in someone else’s field you might be harmed.” So Ruth stayed close to the women of Boaz to glean until the barley and wheat harvests were finished. And she lived with her mother-in-law.