රූත්ගේ කථාව 1:5-22

රූත්ගේ කථාව 1:5-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මාලොන් හා කිලියොන් යන දෙදෙනා ද මළහ. එබැවින් එම කාන්තාව ඇගේ පුතුන් දෙදෙනාගේ හා තම සැමියාගේ වියොවින්, තනි වූවා ය. ස්වාමින්වහන්සේ ස්වකීය ජනතාවට ආහාර සැපයීමෙන්, ඔවුන්ගේ පිහිටට පැමිණි වග, මෝවබ්හි දී නායොමිට අසන්නට ලැබිණ. එකල ඈ, තම ලේලීන් දෙදෙනා සමඟ යළි ගම-රට බලා ආපසු යෑමට ලැහැස්ති වූවා ය. තමන් පදිංචි ව සිටි තැනින් නික්ම, තම ලේලීන් දෙදෙනා සමඟ ඈ ගමනට පිටත් ව ආපසු යූදා දේශයට යන මගෙහි ගමන් ගත්තා ය. එහෙත් නායොමි තම ලේලියන් දෙදෙනා අමතමින්, “යන්න! ඔබ එකිනෙකා තම මවගේ ගෙදරට ආපසු යන්න. ඔබේ මිය ගිය අයටත්, මටත් ඔබ සැලකූ පරිද්දෙන්, ස්වාමින්වහන්සේ ඔබටත් කරුණාව දක්වන සේක්වා! ඔබගේ සැමියකු සෙවණේ සැනසිල්ල ස්වාමින්වහන්සේ ඔබ එකිනෙකාට අත්කර දෙන සේක්වා!” යි කීවා ය. ඉන්පසු ඈ, ඔවුන් දෙදෙනා සිප ගත්තා ය. එවිට මහ හඬින් හැඬූ ඔවුහු, “නැහැ! අපි ඔබ සමඟ ඔබේ ජනයා වෙත ආපසු යනවා” යි ඇයට කීහ. එහෙත් නායොමි ඔවුන් අමතමින්, “ආපසු යන්න මා දූවරුනි, කුමට මා සමඟ එනවා ද? ඔබට සැමියන් වීමට තවත් පුතුන් මගේ කුසෙහි වේ ද? ආපසු යන්න මා දූවරුනි, ඔබට හිමි අත යන්න; තවත් සැමියකු විවාහ කර ගන්නට මා මහලු වැඩියි. ඇරත් එවැනි බලාපොරොත්තුවක් තවත් මට ඇතැයි මා සිතුවත්, අද රැයේ ම සැමියකු හමුව පුතුන් බිහි කළත්, ඔවුන් මෝරා වැඩෙන තුරු ඔබ බලා සිටින්න ද? ඔවුන් නිසා ඔබ අවිවාහක ව සිටින්න ද? නැහැ මගේ දූවරුනි, ඔබට වඩා මගේ දොම්නස තද වැඩියි. මන්ද ස්වාමින්වහන්සේගේ හස්තය එරෙහිව ගියේ මට යැ” යි කීවා ය. මෙවිට ඔවුහු යළිත් මහ හඬින් හැඬූහ. ඉන්පසු ඔර්පා සමුගනිමින්, තම නැන්දම්මා සිප ගත්තා ය. එහෙත් රූත් ඇයට ඇලුම් ව බැඳී සිටියා ය. එවිට ඈ කතා කරමින්, “බලන්න! ඔබේ නෑනා ඇගේ ජනයා හා ඇගේ දෙවිවරුන් වෙත යනවා. ඔබේ නෑනා පස්සෙන් ආපසු යන්නැ” යි කීවා ය. එහෙත් රූත් පිළිතුරු දෙමින්, “ඔබ අත්හැර යන්නටවත්, ඔබට පිටුපා යන්නටවත් මට බල කරන්න එපා. ඔබ යන තැනක, මමත් යන්නෙමි; ඔබ නවතින තැන, මමත් නවතින්නෙමි; ඔබේ ජනයා, මගේ ජනයා ද ඔබේ දෙවියන්වහන්සේ, මගේ දෙවියන්වහන්සේ ද වන්නේ ය. ඔබ මැරෙන තැන මමත් මැරෙන්නෙමි. එහිම වළලනු ලබන්නෙමි. මරණයෙන් මිස, අන් ලෙසකින් මා ඔබෙන් වෙන් වුවහොත්, ස්වාමින්වහන්සේ ඒ සා තදබල ලෙස මට කරන සේක්වා!” යි කීවා ය. තමා හා යෑමට රූත් අදිටන් කර ඇති වග වටහා ගත් නායොමි, ඇයට පෙරැත්ත කිරීම නැවතුවා ය. මෙසේ ඔවුන් දෙදෙනා බෙත්ලෙහෙමට පැමිණෙන තෙක් ගමන් කළහ. ඔවුන් බෙත්ලෙහෙමට ළඟා වූ කල, මුළු නගරය ම ඔවුන් නිසා ඇවිස්සුණි. “ඇත්තෙන් ම මේ නායොමි දැ?” යි කාන්තාවෝ විස්මය පළ කළහ. එවිට ඈ, “මට නායොමි කියන්න එපා; මට මාරා කියන්න; මන්ද සර්ව පරාක්‍රමයාණන් මගේ ජීවිතය දැඩි දොම්නසට පමුණුවා ඇත. මා පිටත් ව ගියේ පූර්ණ ව ය; එහෙත් ස්වාමින්වහන්සේ මා ආපසු ගෙන අවුත් ඇත්තේ හිස් ව ය. ස්වාමින්වහන්සේ මට දුක්-විපත් ගෙන දී තිබියදී, සර්ව පරාක්‍රමයාණන් මට අභාග්‍ය ගෙන දී තිබියදී, නායොමි යැයි මා අමතන්නේ කුමට දැ?” යි කීවා ය. මෙසේ නායොමි තම ලේළිය වූ මෝවබිය රූත් සමඟ මෝවබ් දේශයෙන් පෙරළා ආවා ය. ඔවුන් බෙත්ලෙහෙමට පැමිණියේ යව අස්වැන්න නෙළන කාලය ආරම්භයේ ය.

රූත්ගේ කථාව 1:5-22 Sinhala Revised Old Version (SROV)

මාලොන්ද කිලියොන්ද යන දෙදෙනාම මළෝය; මෙසේ ඒ ස්ත්‍රී ඇගේ දරුවන් දෙදෙනාද ඇගේ පුරුෂයාද නැතිව තනිවූවාය. එවිට මෝවබ් රටින් හැරී එන පිණිස ඈ තමාගේ යෙහෙළීන් සමග නැගුටුණාය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවබ් රටේදී ඈට සැලවිය. ඈද ඈ සමග ඇගේ යෙහෙළීන් දෙදෙනාද තමුන් සිටි තැනින් පිටත්ව ගොස් යූදා දේශයට හැරී එන පිණිස ගමන්ගත්තෝය. නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: නුඹලා හැරී නුඹලාගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. නුඹලා මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා. නුඹලා එකිනෙකා තම තමාගේ පුරුෂයා ඇතුව ඔහුගේ ගෙදර විශ්‍රාමය ලබන ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාට වර දෙනසේක්වයි කීවාය. ඉක්බිති ඕතොමෝ ඔවුන් සිඹගත්තාය. ඔව්හුද ශබ්දනගා අඬා: නැත, අපි නුඹ සමග නුඹේ සෙනඟ වෙතට යන්නෙමුයයි ඈට කීවෝය. නායොමිද: මාගේ දූවරුනි, හැරී යන්න. මා සමග යන්නේ මොකටද? නුඹලාට පුරුෂයෝ වෙන්ට මාගේ කුසෙහි තවත් පුත්‍රයෝ ඇද්ද? මාගේ දූවරුනි, හැරී යන්න; මක්නිසාද පුරුෂයෙකු පාවාගන්ට මට වයස වැඩිය. ඉදින් මට බලාපොරොත්තුව තිබේය කියා, අද රාත්‍රියේම පුරුෂයෙකු ලැබ පුත්‍රයන් බිහිකළත්, ඔවුන් වැඩෙන තෙක් නුඹලා පුරුෂයන් සරණපාවානොගෙන ඔවුන් ගැන බලාපොරොත්තුව සිටින්නහුද? මාගේ දූවරුනි, එසේ නොවේය; ස්වාමීන්වහන්සේගේ අත මට විරුද්ධව තිබෙන නිසා නුඹලාගේ දුකට වඩා මාගේ දුක මහත්ව තිබේයයි කීවාය. ඔව්හු ශබ්දනගා නැවත ඇඬුවෝය. ඔර්පා ඇගේ නැන්දා සිඹ යන්ට ගියාය; නුමුත් රූත් ඈට ඇලුම්කමින් බැඳී සිටියාය. ඈ කථාකොට: බලව, නුඹේ නෑනා ඇගේ සෙනඟද දෙවියන්ද වෙතට හැරී ගියාය. නුඹේ නෑනා පස්සේ හැරී යන්නැයි කීවාය. රූත් කියන්නී: නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්තනොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක. නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය. එවිට රූත් ඈ සමග යන්ටම නියමකරගන සිටින බව ඈ දැක ඈට කථාකිරීමෙන් නැවතුණාය. මෙසේ ඔවුන් දෙදෙනා බෙත්-ලෙහෙමට පැමිණෙන තුරු ගමන්කළෝය. තවද ඔවුන් බෙත්-ලෙහෙමට පැමුණුණු කල මුළු නුවර ඔවුන් ගැන කැලඹී, ස්ත්‍රීහු කථාකොට: මේ නායොමිදැයි කීවෝය. ඈද: මට නායොමියයි නොකියා මාරායයි කියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වන්සේ මා අති තික්තකමට පැමිණෙවූසේක. මම සම්පූර්ණව පිටත්ව ගියෙමි, ස්වාමීන්වහන්සේ මා සිස්කොට නැවත ගෙනාසේක. ස්වාමීන්වහන්සේ මට විරුද්ධව සාක්ෂිදී සර්වපරාක්‍රමයාණන්වහන්සේ මට පීඩා පමුණුවා තිබෙද්දී, නුඹලා මට නායොමිය කියන්නේ මක්නිසාදැයි කීවාය. මෙසේ නායොමිද ඈ සමග මෝවබ් රටෙන් ආවාවූ ඇගේ යෙහෙළීවූ මෝවබිය රූත්ද හැරී ආවෝය. යව කපන කාලය පටන්ගැන්මේදී ඔව්හු බෙත්-ලෙහෙමට පැමුණුණෝය.

රූත්ගේ කථාව 1:5-22 Sinhala New Revised Version (NRSV)

ඉන්පසු මාලොන් ද කිලියොන් ද මළහ. එවිට පුතුන් දෙදෙනා ද ස්වාමි පුරුෂයා ද නැති වූයෙන් නයෝමි තනි වූවා ය. ඉශ්රායෙල් දේශයේ අස්වැන්න සරු කිරීමෙන් තම සෙනඟට සමිඳාණන් වහන්සේ පිහිට වූ බව නයෝමිට ආරංචි විය. එහෙයින්, ඈ මෝවබ් දේශය අත්හැර තම ලේලීන් දෙදෙනා සමඟ එහි යෑමට සූදානම් වූවා ය. ඈ ද ඈ සමඟ ලේලීන් දෙදෙනා ද ඔවුන් සිටි දේශය අත්හැර ජුදා දේශය බලා ආපසු ගමන්ගත්හ. නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා! තවද, ඔබ දෙදෙනා නැවත පවුල් වී සුරැකි ව සිටීමට සමිඳාණන් වහන්සේ ඔබට පිහිට වන සේක් වා!” මෙසේ කියා නයෝමි ඔවුන් දෙදෙනා සිඹ ඔවුන්ගෙන් සමුගත්තා ය. එහෙත්, ලේලීන් දෙදෙනා හඬා වැලපෙමින්, “අනේ, එසේ කළ නොහැකි ය. ඔබ සමඟ ඔබේ සෙනඟ වෙත අපි එන්නෙමු”යි කී හ. එවිට නයෝමි උත්තර දෙමින් මෙසේ කීවා ය: “මාගේ දූවරුනි, ඔබ ආපසු යන්නට ම ඕනෑ ය. මා සමඟ එන්නේ කුමක් බලාපොරොත්තුවෙන් ද? ඔබට පුරුෂයන් වශයෙන් දීමට තවත් පුතුන් මාගේ කුසෙන් දැරීමට මට පුළුවන් ද? මාගේ දූවරුනි, ආපසු ගෙදර යන්න. නැවතත් විවාහයක් කරගැනීමට මට දැන් වයස වැඩි යි. මා විවාහ වීමට අදහස් කළත්, එසේ නැති නම්, මා අද ම විවාහ වී පුතුන් ලැබුවත්, ඔවුන් නියම වයසට පැමිණෙන තෙක් බලා සිටින්නට ඔබට හැකි ද? ඒ බලාපොරොත්තුවෙන් අන් කෙනෙකු හා විවාහ නොවී සිටීමට ඔබට පුළුවන් ද? මාගේ දූවරුනි, මෙය කරන්නට බැරි දෙයකි. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සිටින බැවින් මාගේ දුක ඔබේ දුකට වඩා දැඩි ය.” ඔව්හු නැවතත් හඬා වැලපෙන්නට පටන්ගත්හ. ඔර්පා තම නැන්දම්මා සිඹ සමුගෙන තමාගේ නෑදෑයින් වෙත ගියා ය. එහෙත්, රූත් තම නැන්දම්මාට ඇළුම්කමින් බැඳී සිටියා ය. එවිට නයෝමි රූත්ට මෙලෙස කීවා ය: “බලන්න, ඔබේ නෑනා තම නෑදෑහිතවතුන් වෙත ද තම කුල දෙවියා වෙත ද ආපසු ගියා ය. ඔබත් ඈ සමඟ යන්න.” එහෙත්, රූත් උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට ඔබ අත්හැර යන්නට වත්, ඔබ සමඟ නොඑන්නට වත් පෙරැත්ත නොකරන්න. ඔබ යන ඕනෑ ම තැනකට මමත් යමි. ඔබ ජීවත් වන ඕනෑ ම තැනක මමත් ජීවත් වෙමි. ඔබේ සෙනඟ මාගේ සෙනඟ ය. ඔබේ දෙවියෝ මාගේ දෙවියෝ ය. ඔබ මැරෙන තැන ම මමත් මැරෙන්නෙමි, එතැන ම වළලනු ලබමි. මරණය හැර ඔබෙන් මා වෙන් කළ හැකි වෙන කිසිවක් නැත; තිබුණොත්, සමිඳාණන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!” තමා සමඟ යෑමට රූත් අධිෂ්ඨාන කරගෙන තිබෙන බව නයෝමිට හැඟුණෙන් ඈ ඒ ගැන තවත් කතා නොකළා ය. බෙත්ලෙහෙමට ම පැමිණෙන තෙක් ඔව්හු දෙදෙනා මෙසේ ගමන් කළහ. ඔවුන් එහි පැමිණි විට මුළු නගරය කලබල විය. එහි ස්ත්‍රීහු, “මේ නයෝමි නොවේ දැ”යි ඇසූ හ. ඈ උත්තර දෙමින් මෙසේ කීවා ය: “මට වාසනාවන්තී යන අර්ථය ඇති නයෝමි යයි තවත් නොකියන්න; කාලකණ්ණි යන අර්ථය ඇති මාරා යයි කියන්න. මන්ද, සර්ව පරාක්‍රමයාණන් මට තදබල ලෙස දඬුවම් කර ඇත. මා මෙයින් පිට වී යන විට සියලු දෙයින් පරිපූර්ණ වී සිටියෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ හිස් අතින් මා ආපසු ගෙනවුත් තිබේ. සමිඳාණන් වහන්සේ මට විරුද්ධ වී සර්ව පරාක්‍රමයාණන් මට පීඩා කර තිබිය දී මට වාසනාවන්තී යැයි කියන්නේ මන් ද?” මෙසේ නයෝමි තම ලේලි වන මෝවබ් ජාතික රූත් සමඟ මෝවබ් දේශයෙන් ආපසු පැමිණියා ය. ඔවුන් බෙත්ලෙහෙමට පැමිණියේ, බාර්ලි අස්වැන්න රැස් කරන්නට පටන්ගත් කාලයේ දී ය.

රූත්ගේ කථාව 1:5-22 Sinhala New Revised Version 2018 (SNRV)

රූත්ගේ කථාව 1:5-22 New International Version (NIV)

both Mahlon and Kilion also died, and Naomi was left without her two sons and her husband. When Naomi heard in Moab that the LORD had come to the aid of his people by providing food for them, she and her daughters-in-law prepared to return home from there. With her two daughters-in-law she left the place where she had been living and set out on the road that would take them back to the land of Judah. Then Naomi said to her two daughters-in-law, “Go back, each of you, to your mother’s home. May the LORD show you kindness, as you have shown kindness to your dead husbands and to me. May the LORD grant that each of you will find rest in the home of another husband.” Then she kissed them goodbye and they wept aloud and said to her, “We will go back with you to your people.” But Naomi said, “Return home, my daughters. Why would you come with me? Am I going to have any more sons, who could become your husbands? Return home, my daughters; I am too old to have another husband. Even if I thought there was still hope for me—even if I had a husband tonight and then gave birth to sons— would you wait until they grew up? Would you remain unmarried for them? No, my daughters. It is more bitter for me than for you, because the LORD’s hand has turned against me!” At this they wept aloud again. Then Orpah kissed her mother-in-law goodbye, but Ruth clung to her. “Look,” said Naomi, “your sister-in-law is going back to her people and her gods. Go back with her.” But Ruth replied, “Don’t urge me to leave you or to turn back from you. Where you go I will go, and where you stay I will stay. Your people will be my people and your God my God. Where you die I will die, and there I will be buried. May the LORD deal with me, be it ever so severely, if even death separates you and me.” When Naomi realized that Ruth was determined to go with her, she stopped urging her. So the two women went on until they came to Bethlehem. When they arrived in Bethlehem, the whole town was stirred because of them, and the women exclaimed, “Can this be Naomi?” “Don’t call me Naomi,” she told them. “Call me Mara, because the Almighty has made my life very bitter. I went away full, but the LORD has brought me back empty. Why call me Naomi? The LORD has afflicted me; the Almighty has brought misfortune upon me.” So Naomi returned from Moab accompanied by Ruth the Moabite, her daughter-in-law, arriving in Bethlehem as the barley harvest was beginning.