රූත්ගේ කථාව 1:3-5
රූත්ගේ කථාව 1:3-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් නායොමිගේ සැමියා, එලීමෙලෙක් මළේ ය. ඇගේ පුතුන් දෙදෙනා සමඟ ඈ තනි වූවා ය. මොවුහු මෝවබිය කාන්තාවන් ආවාහ කර ගත්හ. එක තැනැත්තියකගේ නම ඔර්පා ය. අනෙක් තැනැත්තිය රූත් ය. ඔවුහු දස වසරක් පමණ එහි විසූ පසු, මාලොන් හා කිලියොන් යන දෙදෙනා ද මළහ. එබැවින් එම කාන්තාව ඇගේ පුතුන් දෙදෙනාගේ හා තම සැමියාගේ වියොවින්, තනි වූවා ය.
රූත්ගේ කථාව 1:3-5 Sinhala Revised Old Version (SROV)
නායොමිගේ පුරුෂයාවූ එලීමෙලෙක් මළේය; ඈද ඇගේ පුත්රයෝ දෙදෙනාද ඉතිරිව සිටියෝය. ඔව්හු මෝවබ් ස්ත්රීන්ගෙන් භාර්යාවන් පාවාගත්තෝය; එක තැනැත්තියෙකුගේ නම ඔර්පාය, අනික් තැනැත්තියගේ නම රූත්ය. ඔව්හු දස අවුරුද්දක් පමණ එහි විසුවෝය. මාලොන්ද කිලියොන්ද යන දෙදෙනාම මළෝය; මෙසේ ඒ ස්ත්රී ඇගේ දරුවන් දෙදෙනාද ඇගේ පුරුෂයාද නැතිව තනිවූවාය.
රූත්ගේ කථාව 1:3-5 Sinhala New Revised Version (NRSV)
එහි දී නයෝමිගේ ස්වාමි පුරුෂයා වූ එලිමෙලෙක් මළේ ය. නයෝමිට ඉතිරි වූයේ, පුත්තු දෙදෙනා පමණි. ඔව්හු දෙදෙනා ඔර්පා සහ රූත් නම් මෝවබ් ජාතික තරුණියන් දෙදෙනකු සරණ පාවාගෙන එහි දස වසක් පමණ ජීවත් වූ හ. ඉන්පසු මාලොන් ද කිලියොන් ද මළහ. එවිට පුතුන් දෙදෙනා ද ස්වාමි පුරුෂයා ද නැති වූයෙන් නයෝමි තනි වූවා ය.
රූත්ගේ කථාව 1:3-5 Sinhala New Revised Version 2018 (SNRV)
එහි දී නයෝමිගේ ස්වාමි පුරුෂයා වූ එලිමෙලෙක් මළේ ය. නයෝමිට ඉතිරි වූයේ, පුත්තු දෙදෙනා පමණි. ඔව්හු දෙදෙනා ඔර්පා සහ රූත් නම් මෝවබ් ජාතික තරුණියන් දෙදෙනකු සරණ පාවාගෙන එහි දස වසක් පමණ ජීවත් වූ හ. ඉන්පසු මාලොන් ද කිලියොන් ද මළහ. එවිට පුතුන් දෙදෙනා ද ස්වාමි පුරුෂයා ද නැති වූයෙන් නයෝමි තනි වූවා ය.
රූත්ගේ කථාව 1:3-5 New International Version (NIV)
Now Elimelek, Naomi’s husband, died, and she was left with her two sons. They married Moabite women, one named Orpah and the other Ruth. After they had lived there about ten years, both Mahlon and Kilion also died, and Naomi was left without her two sons and her husband.