රූත්ගේ කථාව 1:17-18
රූත්ගේ කථාව 1:17-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබ මැරෙන තැන මමත් මැරෙන්නෙමි. එහිම වළලනු ලබන්නෙමි. මරණයෙන් මිස, අන් ලෙසකින් මා ඔබෙන් වෙන් වුවහොත්, ස්වාමින්වහන්සේ ඒ සා තදබල ලෙස මට කරන සේක්වා!” යි කීවා ය. තමා හා යෑමට රූත් අදිටන් කර ඇති වග වටහා ගත් නායොමි, ඇයට පෙරැත්ත කිරීම නැවතුවා ය.
රූත්ගේ කථාව 1:17-18 Sinhala Revised Old Version (SROV)
නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය. එවිට රූත් ඈ සමග යන්ටම නියමකරගන සිටින බව ඈ දැක ඈට කථාකිරීමෙන් නැවතුණාය.
රූත්ගේ කථාව 1:17-18 Sinhala New Revised Version (NRSV)
ඔබ මැරෙන තැන ම මමත් මැරෙන්නෙමි, එතැන ම වළලනු ලබමි. මරණය හැර ඔබෙන් මා වෙන් කළ හැකි වෙන කිසිවක් නැත; තිබුණොත්, සමිඳාණන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!” තමා සමඟ යෑමට රූත් අධිෂ්ඨාන කරගෙන තිබෙන බව නයෝමිට හැඟුණෙන් ඈ ඒ ගැන තවත් කතා නොකළා ය.
රූත්ගේ කථාව 1:17-18 Sinhala New Revised Version 2018 (SNRV)
ඔබ මැරෙන තැන ම මමත් මැරෙන්නෙමි, එතැන ම වළලනු ලබමි. මරණය හැර ඔබෙන් මා වෙන් කළ හැකි වෙන කිසිවක් නැත; තිබුණොත්, සමිඳාණන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා!” තමා සමඟ යෑමට රූත් අධිෂ්ඨාන කරගෙන තිබෙන බව නයෝමිට හැඟුණෙන් ඈ ඒ ගැන තවත් කතා නොකළා ය.
රූත්ගේ කථාව 1:17-18 New International Version (NIV)
Where you die I will die, and there I will be buried. May the LORD deal with me, be it ever so severely, if even death separates you and me.” When Naomi realized that Ruth was determined to go with her, she stopped urging her.