රූත්ගේ කථාව 1:1-2
රූත්ගේ කථාව 1:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
විනිසුරුවන්ගේ පාලන සමයේ, දේශයේ සාගතයක් ඇති විය. යූදාහි බෙත්ලෙහෙම් පුර එක් මිනිසෙක්, තම බිරිඳ හා තම පුතුන් දෙදෙනා කැටිව, මද කලක් වෙසෙනු පිණිස, මෝවබ් රටට ගියේ ය. ඒ මිනිසාගේ නම වූයේ, එලීමෙලෙක් ය. ඔහුගේ බිරිඳගේ නම නායොමි ය. ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් වූයේ, මාලොන් හා කිලියොන් ය. ඔවුහු යූදාහි බෙත්ලෙහෙමේ එෆ්රාත්වරු වූහ. මෝවබ් රටට ගිය ඔවුහු, එහි නැවතුණහ.
රූත්ගේ කථාව 1:1-2 Sinhala Revised Old Version (SROV)
තවද විනිශ්චයකාරයන් විනිශ්චයකරන දවස්වලදී දේශයෙහි සාගතයක් විය. එවිට යුදයේ බෙත්-ලෙහෙමේ එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමග මෝවබ් දේශයෙහි වසන පිණිස ගියේය. ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය.
රූත්ගේ කථාව 1:1-2 Sinhala New Revised Version (NRSV)
වීර පුරුෂයන් ඉශ්රායෙල් රට පාලනය කරන සමයේ දී ඒ රටේ සාගතයක් ඇති විය. එහෙයින්, ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එක්තරා මිනිසෙක් මෝවබ් දේශයෙහි ටික කලක් පදිංචි වීමට තම බිරිඳ ද පුතුන් දෙදෙනා ද කැටුව එහි ගියේ ය. ඔහුගේ නම එලිමෙලෙක් ය; ඔහුගේ බිරිඳ නයෝමි ය; ඔහුගේ පුත්තු දෙදෙනා මාලොන් සහ කිලියොන් ය. ඔව්හු ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එප්‍රාතා වංශයට අයිති අය ය. ඔව්හු මෝවබ් දේශයට ගොස් එහි පදිංචි වූ හ.
රූත්ගේ කථාව 1:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
වීර පුරුෂයන් ඉශ්රායෙල් රට පාලනය කරන සමයේ දී ඒ රටේ සාගතයක් ඇති විය. එහෙයින්, ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එක්තරා මිනිසෙක් මෝවබ් දේශයෙහි ටික කලක් පදිංචි වීමට තම බිරිඳ ද පුතුන් දෙදෙනා ද කැටුව එහි ගියේ ය. ඔහුගේ නම එලිමෙලෙක් ය; ඔහුගේ බිරිඳ නයෝමි ය; ඔහුගේ පුත්තු දෙදෙනා මාලොන් සහ කිලියොන් ය. ඔව්හු ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එප්‍රාතා වංශයට අයිති අය ය. ඔව්හු මෝවබ් දේශයට ගොස් එහි පදිංචි වූ හ.
රූත්ගේ කථාව 1:1-2 New International Version (NIV)
In the days when the judges ruled, there was a famine in the land. So a man from Bethlehem in Judah, together with his wife and two sons, went to live for a while in the country of Moab. The man’s name was Elimelek, his wife’s name was Naomi, and the names of his two sons were Mahlon and Kilion. They were Ephrathites from Bethlehem, Judah. And they went to Moab and lived there.