රෝම 9:14-24
රෝම 9:14-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එසේ නම් අපි කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අසාධාරණ යැයි කිව හැකි ද? සත්තකින් ම නැත! මන්ද උන්වහන්සේ මෝසෙස්ට කියන්නේ, “දයාව දක්වන්නට මා කැමති කෙනාට, මම දයා වන්නෙමි; අනුකම්පා කරන්නට මා කැමති කෙනාට, මම අනුකම්පා කරන්නෙමි” කියා ය. එබැවින්, එය රඳා පවත්නේ මිනිසාගේ කැමැත්ත හෝ ප්‍රයත්න හෝ මත නො ව, දයාව දක්වන්නා වූ දෙවියන්වහන්සේ මත ය. මන්ද ශුද්ධ ලියවිල්ල පාරාවෝට පවසන්නේ, “මා නුඹ නැගිට වූයේ, මේ අරමුණ උදෙසා ම ය; එනම්, නුඹ තුළින් මගේ බලය පෙන්වා, පොළොව මුළුල්ලේ මගේ නාමය ප්‍රකාශ වන පිණිස ය” කියා ය. මෙසේ, උන්වහන්සේ දයාවන්නට කැමති තැනැත්තාට, උන්වහන්සේ දයාව පානා සේක; උන්වහන්සේ දැඩි කරන්නට කැමති තැනැත්තා, දැඩි කරන සේක. ඔබ මට මෙසේ පවසනු ඇත: “උන්වහන්සේ තවමත් දොස් පවරන්නේ ඇයි? උන්වහන්සේගේ කැමැත්තට එරෙහි වීමට පුළුවන් කවරකුට ද?” එහෙත්, එම්බා මනුෂ්‍යය, දෙවියන්වහන්සේ හා එකටෙක කීමට ඔබ කවුරු ද? “ඔබ මේ විදියට මා තැනුවේ මන්දැ?” යි මැටිවලින් තැනූ දෙයක්, එය තැනූ අයට කියයි ද? එක ම මැටි පිඩකින් එක් බඳුනක් උසස් කටයුත්තක් සඳහාත්, අනෙකක් නො වැදගත් කටයුත්තක් සඳහාත් හදන්නට කුඹල්කරුට අයිතිය නැද්ද? දෙවියන්වහන්සේ තම උදහස පෙන්වීමටත්, ස්වකීය බලය විදහා පෑමටත් කැමති ව, විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන මහත් සේ ඉවසූ සේක් නම් මොකද? එසේ කර ඇත්තේ, තේජෝ මහිමය සඳහා කල්තියා සූදානම් කරන ලද දයාවේ භාජන වෙත උන්වහන්සේගේ තේජෝ මහිමයේ ඉසුර විදහා දක්වන පිණිස ය. එසේ කැඳවනු ලැබ ඇත්තේ, යුදෙව්වරුන් වෙතින් පමණක් නො ව, අන්‍ය-ජාතීන් වන අප ද වෙතින් ය.
රෝම 9:14-24 Sinhala Revised Old Version (SROV)
එසේවී නම් කුමක් කියමුද? දෙවියන්වහන්සේ වෙත අධර්මිෂ්ඨකම ඇද්ද? එසේ නොවේවා. මක්නිසාද: මම දයාවෙන්ට කැමති තැනැත්තාට දයාවන්නෙමි, අනුකම්පාකරන්ට කැමති තැනැත්තාට අනුකම්පාකරන්නෙමියි උන්වහන්සේ මෝසෙස්ට කීසේක. ඒ නිසා එය කැමතිවන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තාගෙන්වත් නොව, දයාවෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් වේ. මක්නිසාද: නුඹ කෙරෙහි මාගේ බලය පෙන්වා මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවන පිණිසම නුඹ නැගිටවීමියි ලියවිල්ලේ ඵාරාවෝට කියා තිබේ. මෙසේ උන්වහන්සේ කැමති කෙනෙකුට දයාවනසේක, කැමති කෙනෙකු දැඩිකරනසේක. එසේවී නම් උන්වහන්සේ තවම දොස් තබන්නේ මක්නිසාද? උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව සිටින්නේ කවුදැයි නුඹ මට කියනවා ඇත. නුමුත්, අනේ මනුෂ්‍යය, දෙවියන්වහන්සේට විරුද්ධව උත්තරදෙන්නාවූ නුඹ කවුද? සාදනලද දේ එය සෑදූ අයට: නුඹ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදැයි කියයිද? එක මැටි පිඩෙන් එක් භාජනයක් ගෞරවය පිණිසත් අනිකක් අගෞරවය පිණිසත් සාදන්ට කුම්භකාරයාට මැටි කෙරෙහි බලය නැද්ද? දෙවියන්වහන්සේ තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශකරන්ටත් කැමතිව, විනාශයට සූදානම්කරනලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසා, මහිමය පිණිස පූර්වයෙන් තමන්වහන්සේ විසින් සූදානම් කරනලද දයාවේ භාජනවූ, යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්‍යජාතීන්ගෙන්ද කැඳවනලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශකරන්ට කැමතිවූසේක් නම් කිමෙක්ද?
රෝම 9:14-24 Sinhala New Revised Version (NRSV)
එසේ නම් අපි කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේගේ තීන්දුව අසාධාරණ ද? කොහෙත් ම නැත. මන්ද, “මම දයාව දක්වන්නට කැමැති අයට දයාව දක්වන්නෙමි; අනුකම්පාව දක්වන්නට කැමැති අයට අනුකම්පාව දක්වන්නෙමි”යි උන් වහන්සේ මෝසෙස්ට වදාළ සේක. එහෙයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිට වත්, ශ්‍රමය පිට වත් නොව, දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිට ය. මන්ද, “මා නුඹ පත් කෙළේ හුදෙක් නුඹ කරණකොටගෙන මාගේ බලය පා මාගේ නාමය ලොව පුරා ප්‍රකාශ කරන පිණිස ය”යි ශුද්ධ ලියවිල්ලෙහි පාරාවෝට කියා ඇත. මෙසේ සිය කැමැත්ත අනුව උන් වහන්සේ ඇතැමෙකුට දයාව දක්වන සේක; ඇත්මෙකුගේ සිත් දැඩි කරන සේක. උන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ ව සිටීමට කිසිවෙකුට නොහැකි නම්, “උන් වහන්සේ තවමත් මිනිසාට දොස් නඟන්නේ මන්දැ”යි ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත. අනේ ඇත්තට ම, මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ සමඟ එකට එක කීමට තරම් කවරෙක් ද? “මා මෙසේ තැනුවේ මන්දැ”යි මැටි බඳුන එය තැනූ කුම්භකාරයාට කියනු ඇද් ද? එක මැටි පිඩකින් එක බඳුනක් ඉස්තරම් ලෙසත්, අනෙක සාමාන්‍ය භාවිතය පිණිසත් තැනීමට කුම්භකාරයාට බලයක් නැද් ද? දෙවියන් වහන්සේ ක්‍රියා කර ඇත්තේත් එසේ ම ය. උන් වහන්සේ සිය උදහස පෙන්වන්නට ද සිය බලය ප්‍රකාශ කරන්නට ද කැමැති වූ සේක. නමුත්, විනාශයට නියම වූ උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක්වූ සේක. තවද, උන් වහන්සේගේ මහිමය ලැබීම පිණිස කලින් තමන් වහන්සේ සූදානම් කළ දයාව ලැබිය යුතු අය වූ, ජුදෙව්වරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන් ද කැඳවන ලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශ කරන්නට උන් වහන්සේ කැමැති වූ සේක.
රෝම 9:14-24 Sinhala New Revised Version 2018 (SNRV)

රෝම 9:14-24 New International Version (NIV)
What then shall we say? Is God unjust? Not at all! For he says to Moses, “I will have mercy on whom I have mercy, and I will have compassion on whom I have compassion.” It does not, therefore, depend on human desire or effort, but on God’s mercy. For Scripture says to Pharaoh: “I raised you up for this very purpose, that I might display my power in you and that my name might be proclaimed in all the earth.” Therefore God has mercy on whom he wants to have mercy, and he hardens whom he wants to harden. One of you will say to me: “Then why does God still blame us? For who is able to resist his will?” But who are you, a human being, to talk back to God? “Shall what is formed say to the one who formed it, ‘Why did you make me like this?’ ” Does not the potter have the right to make out of the same lump of clay some pottery for special purposes and some for common use? What if God, although choosing to show his wrath and make his power known, bore with great patience the objects of his wrath—prepared for destruction? What if he did this to make the riches of his glory known to the objects of his mercy, whom he prepared in advance for glory— even us, whom he also called, not only from the Jews but also from the Gentiles?