රෝම 9:1-33

රෝම 9:1-33 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ක්‍රිස්තුස්වහන්සේ තුළ මම ඇත්ත කතා කරමි; බොරු නො කියමි. මගේ හෘදය සාක්ෂිය ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ඒ ගැන සාක්ෂි දරයි. මගේ හදෙහි දැඩි සංතාපයක් ද නො නවතින සංවේගයක් ද තිබේ. මන්ද මාංසයට අනුව මගේ නෑයින් වූ මගේ සහෝදරයින් උදෙසා ශාප ලද්දකු වී, ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් කරනු ලබන්නට වුව, හැකි නම් කැමති වෙමි. ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. පුත්‍රකමට පිළිගනු ලැබීමත්, තේජසත්, ගිවිසුම් හා ව්‍යවස්ථාව දීමත්, නමස්කාරයත්, පොරොන්දුත් ඔවුන්ගේ ය. මුල් පියවරුන් ඔවුන්ගේ ය. මාංසයට අනුව ක්‍රිස්තුස්වහන්සේ ද ඔවුන්ගේ පෙළපතින් ය. සියල්ලට ම උතුම් වූ දෙවියන්වහන්සේ වන උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය! ආමෙන්. එහෙත් දෙවියන්වහන්සේගේ වචනය අසමත් වූවා සේ පෙනෙනවා නො වේ; මන්ද ඉශ්‍රායෙල් වෙතින් පැවත එන සියල්ලන් ඉශ්‍රායෙල් නො වේ. ආබ්‍රහම්ගේ වංශයෙන් පැවත එන නිසා ම ඒ සියල්ලෝ ඔහුගේ දරුවන් නො වෙති. එහෙත්, “ඔබගේ වංශය නම් කෙරෙන්නේ ඊසාක් මගිනි.” මෙහි අදහස, දෙවියන්වහන්සේගේ දරුවන් වන්නේ මාංසයේ දරුවන් නො වන බවත්, වංශය වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුවේ දරුවන් බවත් ය. මන්ද පොරොන්දුවේ කියැවෙන්නේ මෙයයි: “ලබන වසරේ මේ කාලයට මම යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇත” කියා ය. එපමණක් නො වේ; රෙබෙකා, එක මිනිසකු මගින්, අප ආදි පිය ඊසාක් මගින් දරුවන් පිළිසිඳ ගත් කල, ඔවුන් උපදින්නටත් පෙර, ඔවුන් හොඳක් හෝ නරකක් හෝ කරන්නට පෙර, දෙවියන්වහන්සේගේ තෝරාගැන්මේ තීරණය රඳා පවත්නේ, උන්වහන්සේගේ කැඳවීම අනුව මිස, ක්‍රියා මත නො වන වග තහවුරු වන පිණිස, “වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇතැ” යි ඇයට පවසන ලද්දේ, “මම යාකොබ්ට ප්‍රේම කළෙමි; එහෙත් ඒසව්ට ද්වේෂ කළෙමි” යි ලියා ඇති පරිදි ය. එසේ නම් අපි කුමක් කියමු ද? දෙවියන්වහන්සේ අසාධාරණ යැයි කිව හැකි ද? සත්තකින් ම නැත! මන්ද උන්වහන්සේ මෝසෙස්ට කියන්නේ, “දයාව දක්වන්නට මා කැමති කෙනාට, මම දයා වන්නෙමි; අනුකම්පා කරන්නට මා කැමති කෙනාට, මම අනුකම්පා කරන්නෙමි” කියා ය. එබැවින්, එය රඳා පවත්නේ මිනිසාගේ කැමැත්ත හෝ ප්‍රයත්න හෝ මත නො ව, දයාව දක්වන්නා වූ දෙවියන්වහන්සේ මත ය. මන්ද ශුද්ධ ලියවිල්ල පාරාවෝට පවසන්නේ, “මා නුඹ නැගිට වූයේ, මේ අරමුණ උදෙසා ම ය; එනම්, නුඹ තුළින් මගේ බලය පෙන්වා, පොළොව මුළුල්ලේ මගේ නාමය ප්‍රකාශ වන පිණිස ය” කියා ය. මෙසේ, උන්වහන්සේ දයාවන්නට කැමති තැනැත්තාට, උන්වහන්සේ දයාව පානා සේක; උන්වහන්සේ දැඩි කරන්නට කැමති තැනැත්තා, දැඩි කරන සේක. ඔබ මට මෙසේ පවසනු ඇත: “උන්වහන්සේ තවමත් දොස් පවරන්නේ ඇයි? උන්වහන්සේගේ කැමැත්තට එරෙහි වීමට පුළුවන් කවරකුට ද?” එහෙත්, එම්බා මනුෂ්‍යය, දෙවියන්වහන්සේ හා එකටෙක කීමට ඔබ කවුරු ද? “ඔබ මේ විදියට මා තැනුවේ මන්දැ?” යි මැටිවලින් තැනූ දෙයක්, එය තැනූ අයට කියයි ද? එක ම මැටි පිඩකින් එක් බඳුනක් උසස් කටයුත්තක් සඳහාත්, අනෙකක් නො වැදගත් කටයුත්තක් සඳහාත් හදන්නට කුඹල්කරුට අයිතිය නැද්ද? දෙවියන්වහන්සේ තම උදහස පෙන්වීමටත්, ස්වකීය බලය විදහා පෑමටත් කැමති ව, විනාශයට සූදානම් කරන ලද උදහසේ භාජන ගැන මහත් සේ ඉවසූ සේක් නම් මොකද? එසේ කර ඇත්තේ, තේජෝ මහිමය සඳහා කල්තියා සූදානම් කරන ලද දයාවේ භාජන වෙත උන්වහන්සේගේ තේජෝ මහිමයේ ඉසුර විදහා දක්වන පිණිස ය. එසේ කැඳවනු ලැබ ඇත්තේ, යුදෙව්වරුන් වෙතින් පමණක් නො ව, අන්‍ය-ජාතීන් වන අප ද වෙතින් ය. හොෂෙයාගේ පොතේ උන්වහන්සේ පවසන්නේ මෙසේ ය: “මගේ ජනයා නො වූවන්ට, ‘මගේ ජනයා’ ය කියා මම අමතමි; ප්‍රේමණීය නො වූ තැනැත්තියට ‘ප්‍රේමණීය ය’ කියා අමතමි.” තවද, “ ‘ඔබ මගේ ජනයා නො වේය’ කියා ඔවුන්ට කියන ලද තැන්හි දී ම, ඔවුහු, ‘ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ’ යයි කියනු ලබන්නෝ ය” යෙසායා ඉශ්‍රායෙල් ජනයා පිළිබඳව මොරගාමින් මෙසේ කීවේ ය. “ඉශ්‍රායෙල් දරුවන්, ගණනින් මුහුදේ වැලි මෙන් වුව ද, ගලවනු ලබන්නේ ඉන් ඉතිරි ස්වල්ප දෙනකු පමණි. මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය තීන්දුව සම්පූර්ණයෙන් ද නොපමාව ද පොළොව මත ක්‍රියාත්මක කරන සේක.” තවද යෙසායා කලින් කී පරිදි මෙසේ ය: “සියලු බලැති ස්වාමින්වහන්සේ අපට වංශයක් ඉතිරි නො කළ සේක් නම්, අප, සොදොම මෙන් විය හැකි ව තිබිණි; ගොමොරාව මෙන් වන්නට තිබිණි.” එසේ නම් කුමක් කියමු ද? ධර්මිෂ්ඨකම හඹා ගිය නැති අන්‍ය-ජාතීහු, ධර්මිෂ්ඨකම අත්කර ගත්හ. ඒ, ඇදහිල්ල මගින් ලැබෙන ධර්මිෂ්ඨකම ය. එහෙත් නීතියකින් එන ධර්මිෂ්ඨකම හඹා ගිය ඉශ්‍රායෙල්, ඒ නීතියට එළැඹෙන්නට අපොහොසත් වූහ. ඒ ඇයි? ඒ, ඔවුන් ඇදහිල්ල මගින් නො ව, එය ක්‍රියා මත පිහිටා ඇති ලෙස කටයුතු කළ බැවිනි. එබැවින් ඔවුහු පැකිළවීමේ ගල පිට පැකුළුණහ. එසේ වූයේ, “මෙන්න! මම පැකිළවීමේ ගලක් ද බාධක පර්වතයක් ද සියොනෙහි තබමි. උන්වහන්සේ තුළ විශ්වාස කරන කවරකු වුව ලජ්ජාවට පත් වන්නේ නැතැ” යි ලියා ඇති පරිද්දෙනි.

බෙදාගන්න
රෝම 9 කියවන්න

රෝම 9:1-33 Sinhala Revised Old Version (SROV)

මට බලවත් ශෝකයද හෘදයෙහි නිරන්තර වේදනාවද තිබේයයි බොරු නොකියා ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබෑව කියමි. ඒ බවට ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ මාගේ හෘදයසාක්ෂිය මා එක්ව සාක්ෂිදෙයි. මාංසාකාරයෙන් මාගේ නෑයන්වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්වී ශාපලද්දෙක් වෙන්ට පුළුවන්නම් ඊටත් කැමතිවෙමි. ඔව්හු ඉශ්‍රායෙල්වරුය; පුත්‍රකමත් මහිමයත් ගිවිසුමුත් ව්‍යවස්ථාව දීමත් දේව සේවයත් පොරොන්දුත් ඔවුන්ගේය; පියවරුද ඔවුන්ගේය, මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ පැමුණුණෙත් ඔවුන්ගෙන්ය; උන්වහන්සේ සියල්ලන්ටම උතුම්වූ සදාකාල ආශීර්වාදලත් දෙවියන්වහන්සේය. ආමෙන්. එහෙත් දෙවියන්වහන්සේගේ වචනය නිරර්ථකවුණා නොවේය. මක්නිසාද ඉශ්‍රායෙල්ගෙන් වූ සියල්ලෝම ඉශ්‍රායෙල්වරු නොවෙති. ඔවුන් ආබ්‍රහම්ගේ වංශය නිසාම සියල්ලෝම දරුවෝද නොවෙති. නුමුත්: නුඹේ වංශය නම්කරනු ලබන්නේ ඊසාක් කෙරෙහියයි (කියා තිබේ.) එනම්, මාංසයෙන් වූ දරුවෝම දෙවියන්වහන්සේගේ දරුවෝ නොවෙති. නුමුත් වංශයක් ලෙස ගණන්ගනු ලබන්නේ පොරොන්දුවේ දරුවෝය. මක්නිසාද: මේ කාලයේ හැටියට මම එන්නෙමි, සාරාට පුතෙක් ලැබෙන්නේය යන වචනය පොරොන්දුවේ වචනයක්ය. එපමණක්ද නොවේය; එක්කෙනෙකු නිසා එනම් අපේ පියවූ ඊසාක් නිසා රෙබෙකා ගර්භිණීවූ කල්හිද, ඒ තාක් දරුවන් නොඉපද, යහපතවත් අයහපතවත් නොකර සිටි කල්හිද, ක්‍රියා නිසා නොව කැඳවන තැනන්වහන්සේ නිසා, තෝරාගැනීමේ ප්‍රකාරයට දෙවියන්වහන්සේගේ නියමය ස්ථිරවන පිණිස: වැඩිමහල්ලා බාලයාට සේවයකරන්නේයයි ඈට කියනලද්දේය. එසේම: මම යාකොබ්ට ප්‍රේමකෙළෙමි, ඒසව්ට අප්‍රියවීමියි ලියා තිබේ. එසේවී නම් කුමක් කියමුද? දෙවියන්වහන්සේ වෙත අධර්මිෂ්ඨකම ඇද්ද? එසේ නොවේවා. මක්නිසාද: මම දයාවෙන්ට කැමති තැනැත්තාට දයාවන්නෙමි, අනුකම්පාකරන්ට කැමති තැනැත්තාට අනුකම්පාකරන්නෙමියි උන්වහන්සේ මෝසෙස්ට කීසේක. ඒ නිසා එය කැමතිවන තැනැත්තාගෙන්වත් දුවන තැනැත්තාගෙන්වත් නොව, දයාවෙන්නාවූ දෙවියන්වහන්සේගෙන් වේ. මක්නිසාද: නුඹ කෙරෙහි මාගේ බලය පෙන්වා මාගේ නාමය මුළු පොළොවෙහි ප්‍රකාශවන පිණිසම නුඹ නැගිටවීමියි ලියවිල්ලේ ඵාරාවෝට කියා තිබේ. මෙසේ උන්වහන්සේ කැමති කෙනෙකුට දයාවනසේක, කැමති කෙනෙකු දැඩිකරනසේක. එසේවී නම් උන්වහන්සේ තවම දොස් තබන්නේ මක්නිසාද? උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව සිටින්නේ කවුදැයි නුඹ මට කියනවා ඇත. නුමුත්, අනේ මනුෂ්‍යය, දෙවියන්වහන්සේට විරුද්ධව උත්තරදෙන්නාවූ නුඹ කවුද? සාදනලද දේ එය සෑදූ අයට: නුඹ මා මේ ආකාරයෙන් සෑදුවේ මක්නිසාදැයි කියයිද? එක මැටි පිඩෙන් එක් භාජනයක් ගෞරවය පිණිසත් අනිකක් අගෞරවය පිණිසත් සාදන්ට කුම්භකාරයාට මැටි කෙරෙහි බලය නැද්ද? දෙවියන්වහන්සේ තමන්ගේ උදහස පෙන්වන්ටත් තමන්ගේ බලය ප්‍රකාශකරන්ටත් කැමතිව, විනාශයට සූදානම්කරනලද උදහසේ භාජන ගැන බොහෝ ක්ෂාන්තියෙන් ඉවසා, මහිමය පිණිස පූර්වයෙන් තමන්වහන්සේ විසින් සූදානම් කරනලද දයාවේ භාජනවූ, යුදෙව්වරුන්ගෙන් පමණක් නොව අන්‍යජාතීන්ගෙන්ද කැඳවනලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශකරන්ට කැමතිවූසේක් නම් කිමෙක්ද? එසේම උන්වහන්සේ හොෂෙයාගේ පොතෙහි: මාගේ සෙනඟව නොසිටියවුන්ට මාගේ සෙනඟය කියාත් ප්‍රිය නොවූ තැනැත්තියට ප්‍රිය තැනැත්තිය කියාත් කියන්නෙමියි කියාද නුඹලා මාගේ සෙනඟ නොවන්නහුයයි ඔවුන්ට කියා තිබෙන තැන නුඹලා ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය කියනු ලබන්නහුයයි කියාද කීසේක. තවද යෙසායා මොරගසා ඉශ්‍රායෙල් ගැන කියන්නේ: ඉශ්‍රායෙල් දරුවන්ගේ ගණන මුහුදේ වැලිමෙන් වන නුමුත්, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් වචනය තීන්දුකොට, එය අප්‍රමාදව පොළොව පිට ඉෂ්ටකරනසේක කියාය. පළමුවෙනුත් යෙසායා කියා තිබෙන ප්‍රකාරයට, සේනාවල ස්වාමීන්වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළසේක් නම් අපි සොදොම මෙන් වීමුව, ගොමොරාවට සමාන කරනු ලැබීමුයයි කියාය. එසේවී නම් කුමක් කියමුද? ධර්මිෂ්ඨකම අනුව නොගියාවූ අන්‍යජාතීහු ධර්මිෂ්ඨකමට එනම් ඇදහිල්ලෙන්වූ ධර්මිෂ්ඨකමට පැමිණියෝය, ඉශ්‍රායෙල් වනාහි ධර්මිෂ්ඨකමේ ව්‍යවස්ථාවක් අනුව ගොස් ඒ ව්‍යවස්ථාවට නොපැමිණියේය කියාය. මක්නිසාද? ඔවුන් එය ඇදහිල්ලෙන් නොව ක්‍රියාවලින් මෙන් සෙවූ නිසාය. ඔව්හු පැකිලීමේ ගලෙහි පැකුලුණෝය. කෙසේදයත්: පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද සියොනෙහි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියා තිබෙන ලෙසය.

බෙදාගන්න
රෝම 9 කියවන්න

රෝම 9:1-33 Sinhala New Revised Version (NRSV)

මම කිතුනුවෙකු වශයෙන් සත්‍යය පවසමි. මෙය මුසාවක් නොවේ. ඒ බවට ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ මාගේ හෘදය සාක්ෂිය සහතික කරයි. මා තුළ බලවත් ශෝකයක් ද හදවතෙහි නිරන්තර වේදනාවක් ද ඇත. මාගේ ලේ නෑයන් වූ සහෝදරයන් උදෙසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී සාප ලද්දෙකු වීමට හැකි නම් ඊට වුවත් මම කැමැති වෙමි. ඔව්හු ඉශ්රායෙල්වරු ය, දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේ ය. ගිවිසුම් හා ව්‍යවස්ථාව ද දේව සේවය හා පොරොන්දු ද ඔවුන් සතු ය. ඔවුන් ජාතියේ පීතෘවරුන්ගේ පෙළපතට අයිති ය. මනුෂ්‍යයෙකු ලෙස ක්‍රිස්තුන් වහන්සේ උපන්නේත් එම පෙළපතෙහි ම ය. මුළු විශ්වයට අධිපති වූ දෙවියන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්. එහෙත් දෙවියන් වහන්සේගේ පොරොන්දුව නිරර්ථක වූවා නොවේ. මන්ද, ඉශ්රායෙල් පෙළපතෙන් පැවත එන සියල්ලෝ ම තෝරාගත් සෙනඟ නොවෙ‍ති. එමෙන් ම ආබ්‍රහම්ගෙන් පැවත එන සියල්ලෝ ම ඒ නිසා ම ඔහුගේ දරුවෝ නොවෙ‍ති. කෙසේ වෙතත්, “ඔබට පෙළපත ලැබෙන්නේ ඊසාක් ගෙන් ය”යි ලියා ඇත. ඉන් අදහස් කරනුයේ, ස්වාභාවික ලෙස උපන් දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවත්, ආබ්‍රහම්ගේ පෙළපත වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුව අනුව උපන් දරුවන් බවත් ය. ඒ පොරොන්දුව නම්, “නියමිත කාලයේ දී මම එන්නෙමි, එවිට සාරාට පුතෙකු ලැබෙනු ඇත” යනු යි. එපමණකුත් නොවේ, රෙබෙකාගේ දරුවන් දෙදෙනාට ඊසාක් නම් එක ම පියෙක් විය. එහෙත් ඔවුන් උපදින්න කලින්, යහපත හෝ අයහපත හෝ කරන්නටත් පෙර, “වැඩිමලා බාලයාට සේවය කරනු ඇතැ”යි ඈට කියන ලදී. එසේ කියන ලද්දේ, දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම, උන් වහන්සේගේ කැඳවීම අනුව මිස, මනුෂ්‍යයාගේ ක්‍රියා මත රඳා නැති බව ස්ථීර වන පිණිස ය. “මම ජාකොබ්ට ප්‍රේම කෙළෙමි. ඒසව්ට ද්වේෂ කෙළෙමි”යි ලියා තිබෙන්නේත් ඒ නිසා ය. එසේ නම් අපි කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේගේ තීන්දුව අසාධාරණ ද? කොහෙත් ම නැත. මන්ද, “මම දයාව දක්වන්නට කැමැති අයට දයාව දක්වන්නෙමි; අනුකම්පාව දක්වන්නට කැමැති අයට අනුකම්පාව දක්වන්නෙමි”යි උන් වහන්සේ මෝසෙස්ට වදාළ සේක. එහෙයින් සියල්ල රඳා ඇත්තේ මිනිසාගේ කැමැත්ත පිට වත්, ශ්‍රමය පිට වත් නොව, දෙවියන් වහන්සේගේ දයානුකම්පාව පිට ය. මන්ද, “මා නුඹ පත් කෙළේ හුදෙක් නුඹ කරණකොටගෙන මාගේ බලය පා මාගේ නාමය ලොව පුරා ප්‍රකාශ කරන පිණිස ය”යි ශුද්ධ ලියවිල්ලෙහි පාරාවෝට කියා ඇත. මෙසේ සිය කැමැත්ත අනුව උන් වහන්සේ ඇතැමෙකුට දයාව දක්වන සේක; ඇත්මෙකුගේ සිත් දැඩි කරන සේක. උන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ ව සිටීමට කිසිවෙකුට නොහැකි නම්, “උන් වහන්සේ තවමත් මිනිසාට දොස් නඟන්නේ මන්දැ”යි ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත. අනේ ඇත්තට ම, මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ සමඟ එකට එක කීමට තරම් කවරෙක් ද? “මා මෙසේ තැනුවේ මන්දැ”යි මැටි බඳුන එය තැනූ කුම්භකාරයාට කියනු ඇද් ද? එක මැටි පිඩකින් එක බඳුනක් ඉස්තරම් ලෙසත්, අනෙක සාමාන්‍ය භාවිතය පිණිසත් තැනීමට කුම්භකාරයාට බලයක් නැද් ද? දෙවියන් වහන්සේ ක්‍රියා කර ඇත්තේත් එසේ ම ය. උන් වහන්සේ සිය උදහස පෙන්වන්නට ද සිය බලය ප්‍රකාශ කරන්නට ද කැමැති වූ සේක. නමුත්, විනාශයට නියම වූ උදහසට ලක්විය යුතු වූ අය කෙරෙහි මහත් ඉවසීමක් දැක්වූ සේක. තවද, උන් වහන්සේගේ මහිමය ලැබීම පිණිස කලින් තමන් වහන්සේ සූදානම් කළ දයාව ලැබිය යුතු අය වූ, ජුදෙව්වරුන්ගෙන් පමණක් නොව විජාතීන්ගෙන් ද කැඳවන ලද අප කෙරෙහි, තමන් වහන්සේගේ මහිමයේ සම්පත ප්‍රකාශ කරන්නට උන් වහන්සේ කැමැති වූ සේක. උන් වහන්සේ ඒ බව හොසියාගේ පොතේ මෙසේ කියා ඇත: “මාගේ සෙනඟ ව නොසිටි අයට ‘මාගේ සෙනඟ ය’ කියාත් මා ප්‍රිය නොකළ ජාතියකට ‘මාගේ ප්‍රියාවි ය’ කියාත්, ඔබ මාගේ සෙනඟ නොවෙ‍ති යි ඔවුන්ට කියා ඇති තැන, ‘ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය’ කියාත් කියනු ලබන්නහු ය.” තවද යෙසායා ඉශ්රායෙල් ගැන ප්‍රකාශයක් කරමින්: “ඉශ්රායෙල් දරුවන්ගේ ගණන මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණෙකි. මන්ද, සමිඳාණන් වහන්සේ සිය අදහස අප්‍රමාද ව හා තීරණාත්මක ලෙස මිහි පිට ඉටු කරන සේකැ”යි කියයි. කලිනුත් යෙසායා මෙසේ පවසා ඇත: “සව් බලැති සමිඳාණන් වහන්සේ අපට වංශයක් ඉතිරි නොකළ සේක් නම්, අපට වන්නේ සොදොමට වූ දෙය ම ය; ගොමොරාවට වූ දෙය ම ය.” එසේ නම් අපි කුමක් කියමු ද? දමිටු බව නොසොයා සිටි විජාතීහු එවැනි දමිටු බවට, එනම්, ඇදහිල්ලේ ප්‍රතිඵලය වන දමිටු බවට පැමිණියහ. එහෙත් නීතිය අනුව දමිටු බව සොයා ගිය ඉශ්රායෙල් සෙනඟ නීත්‍යනුකූල දමිටු බවට නොපැමිණියහ. එසේ වූයේ, ඔවුන් එය ඇදහිල්ලේ මාර්ගයෙන් නොව ක්‍රියා මාර්ගයෙන් සෙවූ බැවිනි. ඔව්හු පැකිලීම් ගලෙහි ගැටී වැටුණෝ ය. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත: “සෙනඟ පැකිලී වැටෙන පිණිස ගලක් ද ඔවුන්ට බාධා වන පිණිස පර්වතයක් ද සියොනෙහි තබමි, උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා අය කිසි සේත් ලජ්ජාවට නොපැමිණෙති.”

බෙදාගන්න
රෝම 9 කියවන්න

රෝම 9:1-33 Sinhala New Revised Version 2018 (SNRV)

රෝම 9:1-33 New International Version (NIV)

I speak the truth in Christ—I am not lying, my conscience confirms it through the Holy Spirit— I have great sorrow and unceasing anguish in my heart. For I could wish that I myself were cursed and cut off from Christ for the sake of my people, those of my own race, the people of Israel. Theirs is the adoption to sonship; theirs the divine glory, the covenants, the receiving of the law, the temple worship and the promises. Theirs are the patriarchs, and from them is traced the human ancestry of the Messiah, who is God over all, forever praised! Amen. It is not as though God’s word had failed. For not all who are descended from Israel are Israel. Nor because they are his descendants are they all Abraham’s children. On the contrary, “It is through Isaac that your offspring will be reckoned.” In other words, it is not the children by physical descent who are God’s children, but it is the children of the promise who are regarded as Abraham’s offspring. For this was how the promise was stated: “At the appointed time I will return, and Sarah will have a son.” Not only that, but Rebekah’s children were conceived at the same time by our father Isaac. Yet, before the twins were born or had done anything good or bad—in order that God’s purpose in election might stand: not by works but by him who calls—she was told, “The older will serve the younger.” Just as it is written: “Jacob I loved, but Esau I hated.” What then shall we say? Is God unjust? Not at all! For he says to Moses, “I will have mercy on whom I have mercy, and I will have compassion on whom I have compassion.” It does not, therefore, depend on human desire or effort, but on God’s mercy. For Scripture says to Pharaoh: “I raised you up for this very purpose, that I might display my power in you and that my name might be proclaimed in all the earth.” Therefore God has mercy on whom he wants to have mercy, and he hardens whom he wants to harden. One of you will say to me: “Then why does God still blame us? For who is able to resist his will?” But who are you, a human being, to talk back to God? “Shall what is formed say to the one who formed it, ‘Why did you make me like this?’ ” Does not the potter have the right to make out of the same lump of clay some pottery for special purposes and some for common use? What if God, although choosing to show his wrath and make his power known, bore with great patience the objects of his wrath—prepared for destruction? What if he did this to make the riches of his glory known to the objects of his mercy, whom he prepared in advance for glory— even us, whom he also called, not only from the Jews but also from the Gentiles? As he says in Hosea: “I will call them ‘my people’ who are not my people; and I will call her ‘my loved one’ who is not my loved one,” and, “In the very place where it was said to them, ‘You are not my people,’ there they will be called ‘children of the living God.’ ” Isaiah cries out concerning Israel: “Though the number of the Israelites be like the sand by the sea, only the remnant will be saved. For the Lord will carry out his sentence on earth with speed and finality.” It is just as Isaiah said previously: “Unless the Lord Almighty had left us descendants, we would have become like Sodom, we would have been like Gomorrah.” What then shall we say? That the Gentiles, who did not pursue righteousness, have obtained it, a righteousness that is by faith; but the people of Israel, who pursued the law as the way of righteousness, have not attained their goal. Why not? Because they pursued it not by faith but as if it were by works. They stumbled over the stumbling stone. As it is written: “See, I lay in Zion a stone that causes people to stumble and a rock that makes them fall, and the one who believes in him will never be put to shame.”

බෙදාගන්න
රෝම 9 කියවන්න