රෝම 8:5-17

රෝම 8:5-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මන්ද මාංසයට අනුව දිවි ගෙවන අය මනස රඳවන්නේ, මාංසික දේ මත ය. ආත්මයාණන්ට අනුව දිවි ගෙවන අය මනස රඳවන්නේ, ආත්මයාණන්ගේ දේ මත ය. මාංසයේ මනස රැඳවීම මරණයයි. එහෙත් ආත්මයාණන් මත මනස රැඳවීම, ජීවනය හා සාමයයි. මාංසයේ රැඳවෙන මනස, දෙවියන්වහන්සේට විරුද්ධ ය. මන්ද එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නැත. ඇත්තෙන් ම යටත් කළ නො හැකි ය. දෙවියන්වහන්සේ සතුටු කරන්නට මාංසයේ සිටින්නන්ට බැරි ය. කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළ වසන සේක් නම්, ඔබ මාංසය තුළ නො ව, ආත්මයාණන් තුළ ය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් නැති කවරකු වුවත්, උන්වහන්සේට අයිති නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ සිටින සේක් නම්, පාපය නිසා ශරීරය මැරී ඇතත්, ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් වන්නේ ය. යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේගේ ආත්මයාණන්, ඔබ තුළ වාසය කරන සේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මරණින් නැගිට වූ තැනැන්වහන්සේ, ඔබ තුළ වෙසෙන ස්වකීය ආත්මයාණන් මගින්, මැරෙනසුලු ඔබගේ ශරීරයන්ට ද ජීවනය දෙන සේක. එබැවින් සහෝදරයිනි, අපි ණයකරුවන් ව සිටින්නෙමු; ඒ, මාංසික ව ජීවත්වීමට මාංසයට නො වේ. මන්ද මාංසයට අනුව ජීවත් වෙතොත් ඔබ මියෙනු ඇත. එහෙත් ශාරීරික ක්‍රියා, ආත්මයාණන් මගින් නසා දමනවා නම්, ඔබ ජීවත් වනු ඇත. මන්ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මග පෙන්වනු ලබන සියල්ලෝ, දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ ය. මන්ද ඔබ ලබා ඇත්තේ, නැවත බිය ගෙන දෙන වහල් භාවයේ ආත්මයක් නො වේ. ඔබ ලබා ඇත්තේ පුත්‍රයින් බවට පත් කරන ආත්මයාණන් ය; උන්වහන්සේ මගින් අපි, “අබ්බා, පියාණෙනි!” කියා හඬ ගසන්නෙමු. ආත්මයාණන් ම අපගේ ආත්මය සමඟ එක් ව, අප දෙවියන්වහන්සේගේ දරුවන් වගට සාක්ෂි දරන සේක. දරුවෝ උරුමකරුවෝ ය; දෙවියන්වහන්සේගේ උරුමකරුවෝ ය; ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමකරුවෝ ය; එසේ වන්නේ, උන්වහන්සේ සමඟ තේජසට පමුණුවනු ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක් විඳීමට හවුල් වීමෙන් ය.

බෙදාගන්න
රෝම 8 කියවන්න

රෝම 8:5-17 Sinhala Revised Old Version (SROV)

මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති. මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය. කුමක්හෙයින්ද, මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරුකමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත්වෙන්ටත් බැරිය. මෙසේ, මාංසයෙහි සිටින්නන්ට දෙවියන්වහන්සේ සතුටුකරන්ට නොහැකිය. නුමුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසයකරනසේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සිටිනසේක් නම්, පාපය නිසා ශරීරය මැරී තිබෙන නුමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත්වෙයි. තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක. එබැවින් සහෝදරයෙනි, අපි ණයකාරයෝව සිටිමුව, නුමුත් මාංසිකලෙස ජීවත්වෙන්ට මාංසයට නොවේය. මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත. මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව. අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.

බෙදාගන්න
රෝම 8 කියවන්න

රෝම 8:5-17 Sinhala New Revised Version (NRSV)

මාංසික ලෙස ජීවත් වන්නෝ මාංසික දේවලට ද ආත්මයාණන් අනුව ජීවත් වන්නෝ ආධ්‍යාත්මික දේවලට ද මුළු සිතින් ප්‍රිය කරති. මාංසික චේතනාවේ විපාකය මරණය වේ; ආධ්‍යාත්මික චේතනාවේ විපාකය ජීවනය හා ශාන්තිය වේ. මාංසික චේතනාව දේව විරෝධකමකි. එය දෙවියන් වහන්සේගේ ආඥාවට යටත් නොවූවකි. එසේ ම යටත් නොවන්නකි. මාංසික තෘෂ්ණාවලට වසඟවූවන්ට දෙවියන් වහන්සේ සතුටු කළ නොහැකි ය. එහෙත් දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ සැබැවින් ම ඔබ තුළ වාසය කරන සේක් නම්, ඔබ ජීවත් වන්නේ මාංසික තෘෂ්ණාවල නොව, ආත්මයාණන් තුළ ය. යම් කෙනෙකුට ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන් නැති නම්, ඔහු උන් වහන්සේට අයිති නැත. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, පාපය නිසා ඔබේ ශරීරය මැරී ඇතත්, දමිටු බව නිසා ඔබේ ආධ්‍යාත්මය ජීවමාන ය. තවද, ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වැඩ වසන සේක් නම්, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ තැනැන් වහන්සේ ඔබ තුළ වසන ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබගේ මරණීය ශරීර ජීවමාන කරන සේක. එබැවින් සහෝදරවරුනි, මාංසයට ගැති ව ජීවත් වීමට අප මාංසයට බැඳී නැත. ඔබ මාංසයට ගැති ව ජීවත් වන්නහු නම් මරණයට පත් වනු ඇත. එහෙත් ආත්මයාණන් මඟින් ඔබ මාංසික ක්‍රියා නසන්නහු නම්, ඔබ සැබැවින් ම ජීවත් වන්නහු ය. දේවාත්මයාණන් විසින් මඟ පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. මන්ද, ඔබ ලබා ඇත්තේ නැවතත් බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, “අබ්බා, පියාණෙනි”යි අමතා යාච්ඤා කිරීමට ඉඩ ඇති පුත්‍රකම ලැබීමේ තත්ත්වයකි. අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති. අපි දරුවෝ නම් උරුමක්කාරයෝ ද වම්හ. දෙවියන් වහන්සේගේ උරුමක්කාරයෝ ද ක්‍රිස්තුන් වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝ ද වම්හ. මන්ද, දැන් උන් වහන්සේගේ දුක් විඳීමේ පංගුකාරයන් වීමෙන්, අනාගතයේ දී උන් වහන්සේගේ මහිමයේ පංගුකාරයෝ ද වම්හ.

බෙදාගන්න
රෝම 8 කියවන්න

රෝම 8:5-17 Sinhala New Revised Version 2018 (SNRV)

රෝම 8:5-17 New International Version (NIV)

Those who live according to the flesh have their minds set on what the flesh desires; but those who live in accordance with the Spirit have their minds set on what the Spirit desires. The mind governed by the flesh is death, but the mind governed by the Spirit is life and peace. The mind governed by the flesh is hostile to God; it does not submit to God’s law, nor can it do so. Those who are in the realm of the flesh cannot please God. You, however, are not in the realm of the flesh but are in the realm of the Spirit, if indeed the Spirit of God lives in you. And if anyone does not have the Spirit of Christ, they do not belong to Christ. But if Christ is in you, then even though your body is subject to death because of sin, the Spirit gives life because of righteousness. And if the Spirit of him who raised Jesus from the dead is living in you, he who raised Christ from the dead will also give life to your mortal bodies because of his Spirit who lives in you. Therefore, brothers and sisters, we have an obligation—but it is not to the flesh, to live according to it. For if you live according to the flesh, you will die; but if by the Spirit you put to death the misdeeds of the body, you will live. For those who are led by the Spirit of God are the children of God. The Spirit you received does not make you slaves, so that you live in fear again; rather, the Spirit you received brought about your adoption to sonship. And by him we cry, “ Abba, Father.” The Spirit himself testifies with our spirit that we are God’s children. Now if we are children, then we are heirs—heirs of God and co-heirs with Christ, if indeed we share in his sufferings in order that we may also share in his glory.

බෙදාගන්න
රෝම 8 කියවන්න

රෝම 8:5-17

රෝම 8:5-17 SROV