රෝම 8:36-37
රෝම 8:36-37 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ලියා තිබෙන ලෙස, “ඔබ නිසා දවස මුළුල්ලේ, අපි මරනු ලබන්නෙමු; ඝාතනයට නියම බැටළුවන් මෙන්, අපි ගණන් ගනු ලබන්නෙමු.” නැත, මේ සියල්ලේදී, අපට ප්‍රේම කළ තැනැත්තාණන් මගින් අපි ජයග්‍රාහකයින්ටත් වඩා වැඩිමනත් වම්හ.
බෙදාගන්න
රෝම 8 කියවන්නරෝම 8:36-37 Sinhala Revised Old Version (SROV)
ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ. නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව.
බෙදාගන්න
රෝම 8 කියවන්නරෝම 8:36-37 Sinhala New Revised Version (NRSV)
ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දවස පුරා අපි ඔබ නිසා මරුමුවට පත් වෙමු. ඝාතනයට වෙන් කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු.” එහෙත් අපට ප්‍රේම කළ තැනැන් වහන්සේ නිසා අපි මේ සියල්ලේ දී ම විජයග්‍රාහී වෙමු.
බෙදාගන්න
රෝම 8 කියවන්න