රෝම 8:35-38
රෝම 8:35-38 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයෙන්, අප වෙන් කළ හැකි වනුයේ කවරකුට ද? පීඩාවට, විපත්තියට හෝ වධ-බන්ධනවලටවත්, සාගතයට, නග්න භාවයට, උපද්‍රවයට හෝ කඩුවටවත් එය හැකි වේ ද? ලියා තිබෙන ලෙස, “ඔබ නිසා දවස මුළුල්ලේ, අපි මරනු ලබන්නෙමු; ඝාතනයට නියම බැටළුවන් මෙන්, අපි ගණන් ගනු ලබන්නෙමු.” නැත, මේ සියල්ලේදී, අපට ප්‍රේම කළ තැනැත්තාණන් මගින් අපි ජයග්‍රාහකයින්ටත් වඩා වැඩිමනත් වම්හ. මන්ද මරණයට හෝ ජීවනයටවත්, දේව දූතයින්ට හෝ අධිපතීන්ටවත්, දැන් පවතින දේකට හෝ මතු පැමිණෙන දේකටවත්, බල-පරාක්‍රමයකටවත්
රෝම 8:35-38 Sinhala Revised Old Version (SROV)
ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද? ඒ හැටියට, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව; මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි ලියා තිබේ. නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව. මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්
රෝම 8:35-38 Sinhala New Revised Version (NRSV)
ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද් ද? විපතට වත්, දුක් වේදනාවට වත්, පීඩාවට වත්, සාගින්නට වත්, දුගී බවට වත්, උවදුරට වත්, කඩුවට වත් අප වෙන් කළ හැකි ද? ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දවස පුරා අපි ඔබ නිසා මරුමුවට පත් වෙමු. ඝාතනයට වෙන් කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු.” එහෙත් අපට ප්‍රේම කළ තැනැන් වහන්සේ නිසා අපි මේ සියල්ලේ දී ම විජයග්‍රාහී වෙමු. මන්ද, මරණයට වත්, ජීවිතයට වත්, දේව දූතයන්ට වත්, භූතාධිපතීන්ට වත්, බලධාරීන්ට වත්, දැන් තිබෙන කිසිවකට වත්, මතු පැමිණෙන කිසිවකට වත්
රෝම 8:35-38 Sinhala New Revised Version 2018 (SNRV)
ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන් කළ හැකි කිසිවක් ඇද් ද? විපතට වත්, දුක් වේදනාවට වත්, පීඩාවට වත්, සාගින්නට වත්, දුගී බවට වත්, උවදුරට වත්, කඩුවට වත් අප වෙන් කළ හැකි ද? ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති ලෙස: “දවස පුරා අපි ඔබ නිසා මරුමුවට පත් වෙමු. ඝාතනයට වෙන් කළ බැටළුවන් මෙන් ගණන් ගනු ලැබුවෙමු.” එහෙත් අපට ප්‍රේම කළ තැනැන් වහන්සේ නිසා අපි මේ සියල්ලේ දී ම විජයග්‍රාහී වෙමු. මන්ද, මරණයට වත්, ජීවිතයට වත්, දේව දූතයන්ට වත්, භූතාධිපතීන්ට වත්, බලධාරීන්ට වත්, දැන් තිබෙන කිසිවකට වත්, මතු පැමිණෙන කිසිවකට වත්
රෝම 8:35-38 New International Version (NIV)
Who shall separate us from the love of Christ? Shall trouble or hardship or persecution or famine or nakedness or danger or sword? As it is written: “For your sake we face death all day long; we are considered as sheep to be slaughtered.” No, in all these things we are more than conquerors through him who loved us. For I am convinced that neither death nor life, neither angels nor demons, neither the present nor the future, nor any powers