රෝම 6:10-11
රෝම 6:10-11 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ මැරුණ මරණයෙන්, උන්වහන්සේ එක ම වරක් පාපයට මළ සේක; එහෙත් උන්වහන්සේ ජීවත් වන ජීවිතයෙන්, දෙවියන්වහන්සේට ජීවත් වන සේක. එලෙස ම ඔබත්, පාපයට මැරී, ක්රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්වන්නන් වග කල්පනාවට ගන්න.
රෝම 6:10-11 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එක වරක් පාපයට මළසේක, නුමුත් ජීවත්වන ජීවිතයෙන් දෙවියන්වහන්සේට ජීවත්වනසේක. එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතාගන්න.
රෝම 6:10-11 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ මරණයට පත් වීමෙන් එක ම වරක් පාපය නිසා මළ සේක; එහෙත් දැන් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන සේක. ඔබත් එසේ ම පාප විමුක්තිය ලත් අය බව ද, ක්රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් ව සිටින්නන් බව ද සිතට ගන්න.
රෝම 6:10-11 Sinhala New Revised Version 2018 (SNRV)