රෝම 5:1-20

රෝම 5:1-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් ඇදහිල්ල මගින් ධර්මිෂ්ඨ කරනු ලැබ ඇති බැවින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් අපට දෙවියන්වහන්සේ හා සමඟ සාමය ඇත්තේ ය. දැන් අප සිටගෙන සිටින මෙම අනුග්‍රහයට අප ඇතුළු ව සිටින්නේ, උන්වහන්සේ මගින් ඇදහිල්ලෙනි; එබැවින් දෙවියන්වහන්සේගේ තේජසේ බලාපොරොත්තුව තුළ අපි ප්‍රමෝද වන්නෙමු. ඊටත් වැඩියෙන් අපගේ පීඩා විඳීම්වලදීත් අපි ප්‍රමෝද වන්නෙමු. මන්ද විඳවීමෙන් ඉවසීම ද ඉවසීමෙන් චරිතය ද චරිතයෙන් බලාපොරොත්තුව ද උපදින බව දනිමු. බලාපොරොත්තුව අප ලජ්ජාවට පත් කරන්නේ නැත. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයාණන් මගින් දෙවියන්වහන්සේ ස්වකීය ප්‍රේමය අප හදවත් තුළට වගුරුවා ඇති හෙයිනි. අප බෙලහීන ව සිටියදී, නිසි කල්හි ක්‍රිස්තුස්වහන්සේ අධාර්මිකයින් උදෙසා මැරුණු සේක. දැහැමි මිනිසකු උදෙසා වුව මැරෙන්නට කෙනකු හමුවන්නේ කලාතුරකිනි. ඇතැම් විට, සද්ගුණවත් කෙනකු උදෙසා මැරෙන්නට කෙනකු ධෛර්යවත් වනු ඇත. එහෙත් දෙවියන්වහන්සේ අප උදෙසා ස්වකීය ප්‍රේමය පෙන්වන්නේ, අප තවමත් පව්කරුවන් ව සිටියදී, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මරණය විඳීමෙන් ය. එබැවින් ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින්, දැන් අප නිර්දෝෂ කරනු ලැබ ඇති බැවින්, උන්වහන්සේ මගින් ඊට කොතරම් වැඩියෙන් දෙවියන්වහන්සේගේ උදහසින් අපි ගලවනු නො ලබන්නෙමු ද! අප සතුරන් ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද! එපමණක් නො වේ; එම සමඟියට අප පත් කළ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මගින් දෙවියන්වහන්සේ තුළ අපි ප්‍රමෝද වන්නෙමු. එබැවින් එක් මිනිසකු මගින් පාපය ද පාපය මගින් මරණය ද ලොවට පිවිස, සියල්ලන් ම පව් කළ බැවින්, මුළු මිනිස් වර්ගයා වෙත ම මරණය පැමිණියේ ය. මන්ද සැබවින් ම ව්‍යවස්ථාව දීමට පෙර සිට ම, පාපය ලොවෙහි තිබිණි. එහෙත් ව්‍යවස්ථාව නැති තැන පාපය ගණන් නො ගැනිණි. කෙසේ වෙතත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වැනි අයුතුකමින් පව් නො කළ අය කෙරේ පවා, මරණය රජකම් කළේ ය. ඔහු ලොවට එන්නට සිටි තැනැත්තාණන්ගේ පූර්ව ආදර්ශයක් විය. එහෙත් තිළිණ දීමනාව, අයුතුකම වගේ නො වේ. මන්ද එක මිනිසාගේ අයුතුකම හේතු කොට බොහෝ දෙනෙක් මිය ගියාහු නම්, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයත්, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණ දීමනාවත් බොහෝ දෙනකුට ඊට වඩා කොපමණ වැඩියෙන් අධික නො වන්නේ ද! තවද තිළිණ දීමනාව, ඒ එක මිනිසාගේ පාපයේ විපාකය වගේ නො වේ. මන්ද එක අයුතුකම පසු පස ආ විනිශ්චය, දඬුවම ගෙනාවේ ය. එහෙත් බොහෝ වූ අයුතුකම් පසු පස ආ තිළිණ දීමනාව නිර්දෝෂීත්වය රැගෙන ආවේ ය. ඒ එක මිනිසාගේ අයුතුකම නිසා, ඒ එක මිනිසා මගින් මරණය රජකම් කළේ නම්, අනුග්‍රහයේ බහුලත්වයත්, ධර්මිෂ්ඨකමේ තිළිණ දීමනාවත් ලැබූ අය, මේ එක මිනිසා වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ඊට වඩා කොතරම් වැඩියෙන් ජීවනයේ රජකම් නො කරන්නේ ද? එබැවින් එක අයුතුකමක් සියලු මිනිසුන්ට දඬුවම සැලසුවා සේ ම, ධර්මිෂ්ඨත්වයේ එක් ක්‍රියාවක් සියලු මිනිසුන්ට නිර්දෝෂීත්වයත්, ජීවනයත් සලසන්නේ ය. මන්ද ඒ එක මිනිසාගේ අකීකරුකම, බොහෝ දෙනා පව්කරුවන් කළා සේ ම, මේ එක මිනිසාගේ කීකරුකම බොහෝ දෙනා ධර්මිෂ්ඨයින් කරන්නේ ය. ව්‍යවස්ථාව පැමිණියේ අයුතුකම් වැඩි කිරීමට ය. එහෙත්, පාප වැඩි වන්නේ කොතැන ද, එතැන අනුග්‍රහය අතිශයෙන් බහුල වන්නේ ය.

බෙදාගන්න
රෝම 5 කියවන්න

රෝම 5:1-21 Sinhala Revised Old Version (SROV)

එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකරනු ලැබ, අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු. අප පිහිටා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරණකොටගෙනම ඇදහිල්ලෙන් ළඟාවී සිටිමුව; තවද දෙවියන්වහන්සේගේ මහිමයේ බලාපොරොත්තුවෙහි අපි ප්‍රීතිමත්වෙමු. එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු. බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය. මක්නිසාද අප දුර්වලව සිටියදීම නියම කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ අභක්තිකයන් උදෙසා මළසේක. ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්ට කැමතිවීම දුර්ලභය. සමහරවිට සත්පුරුෂයා උදෙසා මැරෙන්ට යමෙකු ධෛර්ය ඇතුව සිටින්ට පුළුවන. නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේගේ මරණය විඳීමෙන්ය. එබැවින් ඊටත් වඩා ක්‍රිස්තුස්වහන්සේගේ ලේ කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලැබූ අපි උන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ උදහසෙන් ගළවනු ලබන්නෙමුව. මක්නිසාද අපි සතුරන්ව සිටියදීම දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරණකොටගෙන උන්වහන්සේ සමඟ අපි සමඟිකරනු ලැබුවෙමු නම්, සමඟිවුණාවූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරණකොටගෙන ගළවනු ලබන්නෙමුව. එපමණක් නොව, සමඟිකිරීම අපට ලබාදුන්නාවූ අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිද වෙමුව. එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය. මක්නිසාද ව්‍යවස්ථාව දෙන තෙක් පාපය ලෝකයෙහි තිබුණේය. නුමුත් ව්‍යවස්ථාවක් නැති කල්හි පාපය ගණන්ගනු නොලැබේ. එසේවී නුමුත් ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම්ගේ වරදකිරීමේ ආකාරයෙන් පව් නොකළවුන් කෙරෙහි පවා මරණය රජකම්කෙළේය. ඒ ආදම් වනාහි එන්නාවූ තැනන්වහන්සේගේ ආදර්ශයක්ය. නුමුත් වරද යම්සේද නොමිලයේ දීමනාව එසේ නොවේ. මක්නිසාද එක්කෙනාගේ වරදෙන් බොහෝදෙනා මළාහු නම්, ඊටත් වඩා දෙවියන්වහන්සේගේ කරුණාවත් එකම මනුෂ්‍යයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් වූ දීමනාවත් බොහෝ දෙනා සඳහා වැඩිවූයේය. ඇරත් දීමනාව වනාහි පව්කළ එක්කෙනෙකු කරණකොටගෙන මෙන් නොවේය. මක්නිසාද විනිශ්චය දඬුවම උදෙසා එක්කෙනෙකුගෙන් පැමුණුණේය, නුමුත් දීමනාව වනාහි බොහෝ වරදවලින් ධර්මිෂ්ඨකරනු ලැබීම සඳහාය. මක්නිසාද එක්කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරණකොටගෙන මරණය රජකම්කළේවී නම්, කරුණාවේද ධර්මිෂ්ඨකම නමැති දීමනාවේද බහුලත්වය ලබන අය, එක්කෙනාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ඊට වඩා ජීවනයෙහි රජකම්කරන්නෝය. එබැවින් එක වරදක් කරණකොටගෙන දඬුවමට පත්කිරීම පිණිස විනිශ්චය සියලුම මනුෂ්‍යයන් කෙරෙහි පැමුණුණාක් මෙන්ම, එක ධර්මිෂ්ඨ ක්‍රියාවක් කරණකොටගෙන ජීවනයේ ධර්මිෂ්ඨකිරීම පිණිස දීමනාව සියලු මනුෂ්‍යයන් කෙරෙහි වූයේය. මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරණකොටගෙන බොහෝදෙනා පව්කාරයන් කරනු ලැබුවා සේම, එක්කෙනාගේ කීකරුකම කරණකොටගෙන බොහෝදෙනා ධර්මිෂ්ඨකරනු ලබන්නෝය. ඒ ඇර ව්‍යවස්ථාව පැමුණුණේ වරද බොහෝ වන පිණිසය; නුමුත් පාපය මරණයෙහි රජකම්කළාක්මෙන්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම්කරන පිණිස, පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය.

බෙදාගන්න
රෝම 5 කියවන්න

රෝම 5:1-20 Sinhala New Revised Version (NRSV)

අප ඇදහිල්ලෙන් දමිටු බවට පමුණුවනු ලැබූ බැවින් අපේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ හා සමඟ අපට සාමදානය ඇත. තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දේව වරප්‍රසාදයට පිවිසෙන මඟ අපට සලසා දුන්නේ උන් වහන්සේ ය. ඒ නිසා අපට හිමි වන්නට යන දේව මහිමයේ බලාපොරොත්තු ගැන අපි අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු. එපමණක් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ල ද, ඉවසිල්ලෙන් තැන්පත් බව ද, තැන්පත් බවෙන් බලාපොරොත්තුව ද උපදින බව දැන, අප විඳින පීඩාවල දී වුව ද, අපි ප්‍රීති ප්‍රමෝද වෙමු. එබඳු බලාපොරොත්තුවකින් කිසි ම කලකිරීමක් ඇති නොවෙයි. මන්ද, අපට දෙන ලද ශුද්ධාත්මයාණෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවන සේක. අප අනාථ ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ පව්කාරයන් උදෙසා නියමිත කාලයේ දී සිය දිවි පිදූ සේක. සත් ගුණවත් කෙනෙකු උදෙසා දිවි පිදීමට යමෙකු තුළ ධෛර්යය තිබුනත් එවැන්නෙකු උදෙසා දිවි පිදීමක් සිදුවන්නේ කලාතුරකිනි. අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි. ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය හේතුවෙන් දමිටු බවට පමුණුවනු ලැබ, උන් වහන්සේ කරණකොටගෙන දේව උදහසින් මිදීම ගැන අපට වඩාත් සහතික ය. අපි සතුරන් ව සිටිය දී ම දේව පුත්‍රයාණන්ගේ මරණය නිසා උන් වහන්සේ සමඟ සමඟි කරනු ලැබුවෙමු නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, දැන් ඊටත් වඩා ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිතය නිසා ගැළවීම ලබමු. එපමණකුත් නොව, දෙවියන් වහන්සේ හා සමඟ නැවත අපට සමඟිය අත් කර දුන් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් අපි දෙවියන් වහන්සේ කෙරේ අතිශයින් ප්‍රීති ප්‍රමෝද වෙමු. එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී. කිසි ම නීතියක් ඇති වීමට පෙර ලෝකයෙහි පාපය තිබිණි. එහෙත් නීතියක් නැති තැන මිනිසාට විරුද්ධ ව පාපය ගණන් ගනු නොලැබේ. එසේ ව තිබියදීත්, ආදම් පටන් මෝසෙස් දක්වා, ආදම් මෙන් ආඥා කඩ කිරීමෙන් පව් නොකළ අය කෙරේ පවා මරණය රජකම් කෙළේ ය. ආදම් වනාහි එන්නට සිටින තැනැන් වහන්සේ පිළිබඳ පූර්ව ආදර්ශයක් විය. එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත්, ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ, එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේ ම මරණයට හේතු වූ නමුත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතු ම හේතුවක් වූ බැවිනි. දෙවියන් වහන්සේගේ දීමනාව හා එක පුද්ගලයෙකුගේ පාපී ක්‍රියාව අතර සමානත්වයක් නැත. මන්ද, එක පාපී ක්‍රියාවක් නිසා ඇති වන දේව විනිශ්චය, දඬුවමට හේතු විය; එහෙත් බොහෝ පාපී ක්‍රියා සම්බන්ධයෙන් ඇති වූ උන් වහන්සේගේ දයාන්විත දීමනාව, වරදින් නිදහස් කිරීමේ තීන්දුව දෙයි. එක මනුෂ්‍යයෙකුගේ පාපය නිසා එක ම තැනැත්තෙකු මඟින් මරණය සියල්ලන් කෙරෙහි රජකම් කෙළේ නම්, කොතරම් අධිකතර ලෙස දේව වරප්‍රසාදය හා දමිටු බවට පැමිණවීමේ දීමනාව ලබන හැම දෙන ම එක ම ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ජීවනයේ රජකම අත් කර නොගනිද් ද? මෙසේ එක මිනිසෙකුගේ පාපී ක්‍රියාව නිසා හැම මිනිසාට ම දඬුවමේ ඉරණම පැමිණියේ නම්, එක මිනිසෙකුගේ දමිටු ක්‍රියාව නිසා හැමට ම ජීවනදායක නිදොස්කමේ වරප්‍රසාදය ලැබෙනු ඇත. එක මිනිසෙකුගේ අකීකරුකමින් සියල්ලන් ම පව්කාරයන් වූ සේ ම, එක මිනිසෙකුගේ කීකරුකමින් සියල්ලෝ ම දමිටු බවට පමුණුවනු ලබන්නෝ ය. ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. එහෙත් පාපය වැඩි වූ තැන දේව වරප්‍රසාදය ඊටත් වැඩි විය.

බෙදාගන්න
රෝම 5 කියවන්න

රෝම 5:1-20 Sinhala New Revised Version 2018 (SNRV)

රෝම 5:1-20 New International Version (NIV)

Therefore, since we have been justified through faith, we have peace with God through our Lord Jesus Christ, through whom we have gained access by faith into this grace in which we now stand. And we boast in the hope of the glory of God. Not only so, but we also glory in our sufferings, because we know that suffering produces perseverance; perseverance, character; and character, hope. And hope does not put us to shame, because God’s love has been poured out into our hearts through the Holy Spirit, who has been given to us. You see, at just the right time, when we were still powerless, Christ died for the ungodly. Very rarely will anyone die for a righteous person, though for a good person someone might possibly dare to die. But God demonstrates his own love for us in this: While we were still sinners, Christ died for us. Since we have now been justified by his blood, how much more shall we be saved from God’s wrath through him! For if, while we were God’s enemies, we were reconciled to him through the death of his Son, how much more, having been reconciled, shall we be saved through his life! Not only is this so, but we also boast in God through our Lord Jesus Christ, through whom we have now received reconciliation. Therefore, just as sin entered the world through one man, and death through sin, and in this way death came to all people, because all sinned— To be sure, sin was in the world before the law was given, but sin is not charged against anyone’s account where there is no law. Nevertheless, death reigned from the time of Adam to the time of Moses, even over those who did not sin by breaking a command, as did Adam, who is a pattern of the one to come. But the gift is not like the trespass. For if the many died by the trespass of the one man, how much more did God’s grace and the gift that came by the grace of the one man, Jesus Christ, overflow to the many! Nor can the gift of God be compared with the result of one man’s sin: The judgment followed one sin and brought condemnation, but the gift followed many trespasses and brought justification. For if, by the trespass of the one man, death reigned through that one man, how much more will those who receive God’s abundant provision of grace and of the gift of righteousness reign in life through the one man, Jesus Christ! Consequently, just as one trespass resulted in condemnation for all people, so also one righteous act resulted in justification and life for all people. For just as through the disobedience of the one man the many were made sinners, so also through the obedience of the one man the many will be made righteous. The law was brought in so that the trespass might increase. But where sin increased, grace increased all the more

බෙදාගන්න
රෝම 5 කියවන්න