රෝම 4:19-21
රෝම 4:19-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අවුරුදු සියයක් වයස්ගත ව, තම ශරීරය මැරී ගිය එකක් වැනියයි කල්පනා වුව ද, සාරාගේ ගර්භය වඳ වග කල්පනා වුව ද, ඔහු ඇදහිල්ලේ දුර්වල වූයේ නැත. දෙවියන්වහන්සේගේ පොරොන්දුව ගැන අවිශ්වාසයකින්, ඔහු තමා තුළ දෙගිඩියාවක් ඇතිකර නො ගෙන, තම ඇදහිල්ලෙහි බලවත් වෙමින්, දෙවියන්වහන්සේට මහිමය දුන්නේ, පොරොන්දු වූ දේ ඉටු කරන්නට උන්වහන්සේට පුළුවනැයි සහතිකයෙන් ම ඒත්තු ගැනීමෙනි.
රෝම 4:19-21 Sinhala Revised Old Version (SROV)
ඔහු (අවුරුදු සියයක් පමණ වයස්ගතව සිටියදී,) ඇදහිල්ලෙන් දුර්වල නොවී, තමාගේම ශරීරය මළ බව හා සාරාගේ කුසය මළ බවත් සිතා ඇදහිලි නැතිකම කරණකොටගෙන චංචල නොවී, එසේය, දෙවියන්වහන්සේගේ පොරොන්දුව දෙස බලා ඇදහිල්ලෙන් බලවත්ව, දෙවියන්වහන්සේට ගෞරවකරමින්, පොරොන්දුවූ දේ ඉෂ්ටකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාසකෙළේය.
රෝම 4:19-21 Sinhala New Revised Version (NRSV)
එවකට ඔහු අවුරුදු සියයක් පමණ වයස් ගත ව සිය පුරුෂ ශක්තියත් සාරාගේ පිළිසිඳ ගැනීමේ ශක්තියත් අප්රාණික ලෙස ඔහුට පෙනුණු නමුත්, ඔහුගේ ඇදහිල්ල කිසි සේත් නොසෙල්විණි. ඔහු සිය අවිශ්වාසය නිසා කිසි විටෙක දේව පොරොන්දුව සැක නොකොට ඇදහිල්ලෙහි බලවත් ව, උන් වහන්සේට ගෞරව කෙළේ ය. පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොසත් බව ඔහු ඒකාන්තයෙන් ම විශ්වාස කෙළේ ය.
රෝම 4:19-21 Sinhala New Revised Version 2018 (SNRV)
එවකට ඔහු අවුරුදු සියයක් පමණ වයස් ගත ව සිය පුරුෂ ශක්තියත් සාරාගේ පිළිසිඳ ගැනීමේ ශක්තියත් අප්රාණික ලෙස ඔහුට පෙනුණු නමුත්, ඔහුගේ ඇදහිල්ල කිසි සේත් නොසෙල්විණි. ඔහු සිය අවිශ්වාසය නිසා කිසි විටෙක දේව පොරොන්දුව සැක නොකොට ඇදහිල්ලෙහි බලවත් ව, උන් වහන්සේට ගෞරව කෙළේ ය. පොරොන්දු වූ දෙය ඉෂ්ට කිරීමට දෙවියන් වහන්සේ පොහොසත් බව ඔහු ඒකාන්තයෙන් ම විශ්වාස කෙළේ ය.
රෝම 4:19-21 New International Version (NIV)
Without weakening in his faith, he faced the fact that his body was as good as dead—since he was about a hundred years old—and that Sarah’s womb was also dead. Yet he did not waver through unbelief regarding the promise of God, but was strengthened in his faith and gave glory to God, being fully persuaded that God had power to do what he had promised.