රෝම 2:22-24
රෝම 2:22-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
කිසිවකුත් පරදාර සේවනයේ ගැලිය යුතු නැතැයි කියන ඔබ පරදාර සේවනයේ යෙදෙනවා ද? පිළිම වන්දනාව පිළිකුල් කරන ඔබ, දේවාල කොල්ලකනවා ද? ව්‍යවස්ථාව ගැන පාරට්ටු කර ගන්නා ඔබ, එම නීතිය කඩමින්, දෙවියන්වහන්සේට නිග්‍රහ කරනවා ද? මන්ද ලියා ඇති පරිදි, “දෙවියන්වහන්සේගේ නාමය අන්‍ය-ජාතීන් අතරේ අපහාසයට ලක් ව තිබෙන්නේ ඔබ නිසා ය.”
රෝම 2:22-24 Sinhala Revised Old Version (SROV)
කාමමිථ්‍යාචාරය නොකළ යුතුයයි කියන්නාවූ නුඹ කාමමිථ්‍යාචාරය කරනවාද? දේවරූපවලට පිළිකුල්කරන්නාවූ නුඹ දේවගෘහයන් කොල්ලකනවාද? ව්‍යවස්ථාව ගැන පාරට්ටුකරගන්නාවූ නුඹ ව්‍යවස්ථාව කඩකිරීමෙන් දෙවියන්වහන්සේට අගෞරවකරනවාද? මක්නිසාද ලියා තිබෙන ප්‍රකාරයට නුඹලා කරණකොටගෙන අන්‍යජාතීන් අතරෙහි දෙවියන්වහන්සේගේ නාමය අපහාසකරනු ලබයි.
රෝම 2:22-24 Sinhala New Revised Version (NRSV)
“කාමමිථ්‍යාචාරය නොකරන්නැ”යි ඔබ කියන්නහු ය; එහෙත් ඔබ ම කාමමිථ්‍යාචාරය කරන්නහු ද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහු ය; එහෙත්, ඔබ ම දේවගෘහයන් කොල්ල කන්නහු ද? ඔබ ව්‍යවස්ථාව ගැන පාරට්ටු කරන්නහු ය; එහෙත්, ඔබ ම ව්‍යවස්ථාව කඩ කිරීමෙන් දෙවියන් වහන්සේට අගෞරව කරන්නහු ද? එබැවින් ශුද්ධ ලියවිලිවල කියා ඇති පරිදි: “ඔබ නිසා විජාතීන් අතර දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත් වී ඇත.”
රෝම 2:22-24 Sinhala New Revised Version 2018 (SNRV)
“කාමමිථ්‍යාචාරය නොකරන්නැ”යි ඔබ කියන්නහු ය; එහෙත් ඔබ ම කාමමිථ්‍යාචාරය කරන්නහු ද? ඔබ රූප නමස්කාරය පිළිකුල් කරන්නහු ය; එහෙත්, ඔබ ම දේවගෘහයන් කොල්ල කන්නහු ද? ඔබ ව්‍යවස්ථාව ගැන පාරට්ටු කරන්නහු ය; එහෙත්, ඔබ ම ව්‍යවස්ථාව කඩ කිරීමෙන් දෙවියන් වහන්සේට අගෞරව කරන්නහු ද? එබැවින් ශුද්ධ ලියවිලිවල කියා ඇති පරිදි: “ඔබ නිසා විජාතීන් අතර දෙවියන් වහන්සේගේ නාමය අපකීර්තියට පත් වී ඇත.”
රෝම 2:22-24 New International Version (NIV)
You who say that people should not commit adultery, do you commit adultery? You who abhor idols, do you rob temples? You who boast in the law, do you dishonor God by breaking the law? As it is written: “God’s name is blasphemed among the Gentiles because of you.”