රෝම 16:17-20
රෝම 16:17-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සහෝදරයිනි, ඔබට උගන්වන ලද දහමට පටහැනි ව බෙදීම් හා බාධා ඇති කරන්නන් ගැන අවධානයෙන් සිටින ලෙස උදක් ම ඔබෙන් ඉල්ලමි. ඔවුන් මගහරින්න. එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේ ම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති. ඔබගේ කීකරුකමේ කීර්තිය හැමට ම දැනගන්නට ලැබී ඇත, එබැවින් ඔබ ගැන මම ප්‍රීති වෙමි. එහෙත් ඔබ, හොඳ දෑ ගැන ප්‍රඥාවන්තයින් වී, නපුර ගැන අහිංසකයින් වීම මගේ කැමැත්තයි. සාමයේ දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින් ම ඔබගේ පා යට සාතන් පොඩිකර දමනු ඇත.
රෝම 16:17-20 Sinhala Revised Old Version (SROV)
සහෝදරයෙනි, නුඹලා ඉගෙනගත් ධර්මයට විරුද්ධව භේදයන්ද බාධාවට හේතුවූ දේවල්ද උපදවන්නන් බලා, ඔවුන්ගෙන් අහක්වෙන මෙන් නුඹලාගෙන් ඉල්ලමි. මක්නිසාද එබඳු අය අපගේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේට නොව තමුන්ගේම බඩට සේවයකරමින්, තමුන්ගේ සෞම්‍ය ප්‍රිය වචනවලින් අවංක අයවලුන්ගේ සිත් මුළාකරති. මක්නිසාද නුඹලාගේ කීකරුකම සියල්ලන්ටම ප්‍රකාශවී තිබේ. එබැවින් නුඹලා ගැන ප්‍රීතිවෙමි. එසේවී නුමුත් නුඹලා යහපත ගැන ප්‍රඥාවන්තව, නපුර ගැන නිවටව සිටිනවාට කැමැත්තෙමි. සමාදානයේ දෙවියන්වහන්සේද නොබෝ කලකින් සාතන් නුඹලාගේ පාද යට දමා පොඩිකරනසේක. අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අනුග්‍රහය නුඹලා සමඟ වේවා.
රෝම 16:17-20 Sinhala New Revised Version (NRSV)
සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න. එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව, උදරයට සේවය කරති; මිහිරි ඉව්චා බසින් අහිංසක අය මුළා කරති. සුබ අස්න කෙරෙහි ඔබගේ කීකරුකම පිළිබඳ කීර්තිය දසදිග පැතිර ඇත. එය මට මහත් ප්‍රීතියකි. එසේ වුව ද, ඔබ යහපතෙහි දක්ෂයන් වී නපුරෙහි අදක්ෂයන් වනු දැක්ම මාගේ ආශාවයි. ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාද යට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා.
රෝම 16:17-20 Sinhala New Revised Version 2018 (SNRV)
සහෝදරයෙනි, ඔබ පිළිගත් ධර්මයට විරුද්ධ ව භේද උපදවා අකුල් හෙළන අය ගැන හෝදිසියෙන් සිට, ඔවුන්ගෙන් වැළකී සිටින්න. එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව, උදරයට සේවය කරති; මිහිරි ඉව්චා බසින් අහිංසක අය මුළා කරති. සුබ අස්න කෙරෙහි ඔබගේ කීකරුකම පිළිබඳ කීර්තිය දසදිග පැතිර ඇත. එය මට මහත් ප්‍රීතියකි. එසේ වුව ද, ඔබ යහපතෙහි දක්ෂයන් වී නපුරෙහි අදක්ෂයන් වනු දැක්ම මාගේ ආශාවයි. ශාන්තිදායක දෙවියන් වහන්සේ නොබෝ කලකින් සාතන් ඔබගේ පාද යට සුණු විසුණු කරන සේක. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය ඔබ සමඟ වේ වා.
රෝම 16:17-20 New International Version (NIV)
I urge you, brothers and sisters, to watch out for those who cause divisions and put obstacles in your way that are contrary to the teaching you have learned. Keep away from them. For such people are not serving our Lord Christ, but their own appetites. By smooth talk and flattery they deceive the minds of naive people. Everyone has heard about your obedience, so I rejoice because of you; but I want you to be wise about what is good, and innocent about what is evil. The God of peace will soon crush Satan under your feet. The grace of our Lord Jesus be with you.