රෝම 15:9-13
රෝම 15:9-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේගේ දයාව නිසා අන්‍ය-ජාතීන් දෙවියන්වහන්සේට තේජෝ මහිමය දෙන පිණිසත් ය; ඒ ගැන ලියා ඇති පරිදි මෙසේ ය: “එබැවින් අන්‍ය-ජාතීන් අතර මම ඔබ පසසමි, ඔබගේ නාමයට ගී ගයන්නෙමි.” නැවතත්, “එම්බා අන්‍ය-ජාතීනි, උන්වහන්සේගේ ජනයා සමඟ ප්‍රීති වන්න.” නැවතත්, “සියලු අන්‍ය-ජාතීනි, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න; සියලු ජනයා උන්වහන්සේට ප්‍රශංසා කරත්වා!” නැවතත් යෙසායා මෙසේ කියයි, “ජාතීන්ට රජකම් කිරීමට නැගිටින, යෙස්සේගේ මුල වූ කෙනෙක් පැමිණෙනු ඇත. අන්‍ය-ජාතීන්ගේ බලාපොරොත්තුව උන්වහන්සේ තුළ වනු ඇත.” ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවෙහි ඔබ පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ, ඇදහීමේ සකල ප්‍රීතියෙන් හා සාමයෙන් ඔබ පූර්ණ කරන සේක්වා!
රෝම 15:9-13 Sinhala Revised Old Version (SROV)
අන්‍යජාතීන් විසින් දෙවියන්වහන්සේගේ දයාව ගැන උන්වහන්සේට ගෞරවකරන පිණිසත්ය. ඒ හැටියට: එබැවින් අන්‍යජාතීන් අතරේ ඔබ වර්ණනාකරන්නෙමි, ඔබගේ නාමයට ගීතිකා කියන්නෙමියි ලියා තිබේ. නැවතත්: අන්‍යජාතීනි, උන්වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීතිවෙන්නැයි කියා තිබේ. නැවතත්: සියලු අන්‍යජාතීනි, ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්න; සියලු වර්ගයෝ උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියා තිබේ. නැවතත් යෙසායා: යෙස්සේගේ මුලවූද අන්‍යජාතීන් කෙරෙහි රජකම්කරන්ට නැගිටින්නාවූද තැනන්වහන්සේ එනසේක; උන්වහන්සේ කෙරෙහි අන්‍යජාතීහු බලාපොරොත්තුවන්නෝයයි කියයි. ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
රෝම 15:9-13 Sinhala New Revised Version (NRSV)
විජාතීන් විසින් දෙවියන් වහන්සේගේ දයාව ගැන උන් වහන්සේට ගෞරව කරන පිණිසත් ය. ශුද්ධ ලියවිල්ලෙහි: “එබැවින් විජාතීන් අතර ඔබ පසසන්නෙමි. ඔබගේ නාමයට ගී ගයන්නෙමි”යි ලියා ඇත. නැවතත්: “විජාතීනි, උන් වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීති ප්‍රමෝද වන්නැ”යි කියා ඇත. තවදුරටත්: “සියලු විජාතීනි, සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න; සියලු ජාතීහු උන් වහන්සේට ප්‍රශංසා කරත්වා”යි ලියා ඇත. තවද: “ජෙස්සේගේ පෙළපතින් පැවත එන්නා වූ ද, විජාතීන් පාලනය කිරීමට නැඟ එන්නා වූ ද, තැනැන් වහන්සේ වඩින සේක; උන් වහන්සේ තුළ විජාතීන් බලාපොරොත්තු වනු ඇතැ”යි යෙසායා කියයි. තවද ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් ඔබගේ බලාපොරොත්තුව පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ උල්පත වූ දෙවියන් වහන්සේ ඔබේ ඇදහීම නිසා සියලු ප්‍රීතියෙන් හා සාමදානයෙන් ඔබ පූර්ණ කරන සේක් වා.
රෝම 15:9-13 Sinhala New Revised Version 2018 (SNRV)

රෝම 15:9-13 New International Version (NIV)
and, moreover, that the Gentiles might glorify God for his mercy. As it is written: “Therefore I will praise you among the Gentiles; I will sing the praises of your name.” Again, it says, “Rejoice, you Gentiles, with his people.” And again, “Praise the Lord, all you Gentiles; let all the peoples extol him.” And again, Isaiah says, “The Root of Jesse will spring up, one who will arise to rule over the nations; in him the Gentiles will hope.” May the God of hope fill you with all joy and peace as you trust in him, so that you may overflow with hope by the power of the Holy Spirit.