රෝම 15:1-3
රෝම 15:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ශක්තිමතුන් වූ අප, අප ම සතුටු කර නො ගෙන, දුර්වල අයගේ දුර්වලතා ඉවසා සිටීම යුතු ය. අප හැම කෙනකු ම අප අසල්වැසියාගේ වර්ධනය උදෙසා, ඔහුගේ යහපතට ඔහු සතුටු කළ යුතු ය. මන්ද, “ඔබට නින්දා කළවුන්ගේ නින්දා මා පිට පතිත විය” යනුවෙන් ලියා ඇති පරිදි: ක්රිස්තුස්වහන්සේ ද තමා ම සතුටු කර ගත්තේ නැත.
රෝම 15:1-3 Sinhala Revised Old Version (SROV)
ඉදින් බලවත්වූ අප විසින් අපම සතුටුකර නොගෙන, බෙලහීනයන්ගේ දුර්වලකම් ඉසිලිය යුතුය. අපෙන් එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ වැඩිදියුණුව පිණිස යහපත සඳහා ඔහු සතුටුකෙරේවා. මක්නිසාද: ඔබට නින්දාකළවුන්ගේ නින්දා මා පිටට පැමිණියේයයි ලියා තිබෙන ලෙස ක්රිස්තුස්වහන්සේද තමන්ම සතුටුකර නොගත්සේක.
රෝම 15:1-3 Sinhala New Revised Version (NRSV)
තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි, අප ගැන ම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්රමාද දෝෂ ඉවසීමෙන් දරාගනිමු. අප එකිනෙකා තම අසල්වැසියාගේ ශුභසිද්ධිය සලසන සේ, ඔහුගේ යහපත තකා ඔහු සතුටු කළ යුතු ය. “ඔබට නින්දා කළ අයගේ නින්දාව මා පිට පැමිණියේ ය”යි ලියා ඇති ලෙස, ක්රිස්තුන් වහන්සේ වුව ද තමන්ගේ ම සතුට නොසෙව් සේක.
රෝම 15:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
තවද ඇදහිල්ලෙහි ශක්තිමත් වූ අපි, අප ගැන ම නොසිතා ඇදහිල්ලෙහි දුර්වල වූවන්ගේ ප්රමාද දෝෂ ඉවසීමෙන් දරාගනිමු. අප එකිනෙකා තම අසල්වැසියාගේ ශුභසිද්ධිය සලසන සේ, ඔහුගේ යහපත තකා ඔහු සතුටු කළ යුතු ය. “ඔබට නින්දා කළ අයගේ නින්දාව මා පිට පැමිණියේ ය”යි ලියා ඇති ලෙස, ක්රිස්තුන් වහන්සේ වුව ද තමන්ගේ ම සතුට නොසෙව් සේක.
රෝම 15:1-3 New International Version (NIV)
We who are strong ought to bear with the failings of the weak and not to please ourselves. Each of us should please our neighbors for their good, to build them up. For even Christ did not please himself but, as it is written: “The insults of those who insult you have fallen on me.”