රෝම 14:7-8
රෝම 14:7-8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මන්ද අප කිසිවකු තමා ම උදෙසා ජීවත් වන්නේ නැත. අප කිසිවකු තමා ම උදෙසා මියෙන්නේ ද නැත. ජීවත් වන්නෙමු නම්, අප ජීවත් වන්නේ ස්වාමින්වහන්සේ උදෙසා ය. මියෙනවා නම්, අප මියෙන්නේ ද ස්වාමින්වහන්සේ උදෙසා ය. එබැවින්, ජීවත් වෙතත්, මිය ගියත් අප ස්වාමින්වහන්සේගේ ය.
බෙදාගන්න
රෝම 14 කියවන්නරෝම 14:7-8 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද අපෙන් කිසිවෙක් තමාම උදෙසා ජීවත්වෙන්නේ නැත, කිසිවෙක් තමාම උදෙසා නසින්නෙත් නැත. මක්නිසාද ජීවත්වෙමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත්වෙමුව; නසිමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා නසිමුව. ඒ නිසා ජීවත්වෙතත් මැරෙතත් අපි ස්වාමීන්වහන්සේගේය.
බෙදාගන්න
රෝම 14 කියවන්නරෝම 14:7-8 Sinhala New Revised Version (NRSV)
අපෙන් කිසිවෙකු තමා ම උදෙසා ජීවත් වන්නේ වත්, තමා ම උදෙසා නසින්නේ වත් නැත. අපි ජීවත් වෙමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා ජීවත් වෙමු. නසිමු නම් සමිඳාණන් වහන්සේ උදෙසා නසිමු. අපි ජීවිතයේදීත් මරණයේදීත් සමිඳාණන් වහන්සේගේ ම වෙමු.
බෙදාගන්න
රෝම 14 කියවන්න