රෝම 14:1-6
රෝම 14:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇදහිල්ලෙහි දුර්වල අය පිළිගන්න. එහෙත් මත වාද ගැන විවාදයට නො වේ. යමෙක් කවර දෙයක් වුව කෑ හැකියයි විශ්වාස කරන අතර, දුර්වල තැනැත්තා එළවළු පමණක් ආහාරයට ගනියි. කවර දේත් අනුභව කරන තැනැත්තා, එසේ නො කන තැනැත්තා පහත් කොට නො සැලකිය යුතු ය; හැම දේ නො කන තැනැත්තා, හැම දේ අනුභව කරන තැනැත්තා විනිශ්චය නො කළ යුතු ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු පිළිගෙන ඇති බැවිනි. අන් කෙනකුගේ සේවකයා විනිශ්චය කරන්නට ඔබ කවුරු ද? ඔහු කෙළින් සිටියත්, වැටුණත් ඒ ඔහුගේ ස්වාමියා ඉදිරියෙහි ය. ඔහු නැගිටිනු ඇත. මන්ද ඔහු නැගිටුවන්නට ස්වාමින්වහන්සේ සමත් ය. කෙනෙක් එක් දවසක්, තව දවසකට වඩා උතුම් කොට සලකයි; තව කෙනෙක් හැම දවසක් ම එක සමාන ව උතුම් යයි සලකයි. හැම කෙනෙක් ම තමාගේ සිතින් නිසැක ව ඒත්තු ගත යුතු ය. දවසක් උතුම් යයි සලකන්නා එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. අනුභව කරන තැනැත්තා ඒ ගැන දෙවියන්වහන්සේට ස්තුති දෙන බැවින්, අනුභව කරන්නේ ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. යම් කෑමකින් වැළකී සිටින්නා ද ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා එසේ වැළකී සිටිමින්, දෙවියන්වහන්සේට ස්තුති කරයි.
රෝම 14:1-6 Sinhala Revised Old Version (SROV)
ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා පිළිගන්න, එහෙත් සැක සහිතවූ වාදකිරීමට නොවේය. සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාසකරන්නේය; නුමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය. කන තැනැත්තා නොකන තැනැත්තා සුළුකොට නොසිතාවා; නොකන තැනැත්තාද කන තැනැත්තා විනිශ්චය නොකෙරේවා. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු පිළිගත්සේක. අනිකෙකුගේ වැඩකාරයා විනිශ්චයකරන්නාවූ නුඹ කවුද? ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය, ඔහු සිටුවනු ලබන්නේය; කුමක් හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමීන්වහන්සේට බලය ඇත්තේය. එක්කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුමැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලු දවස්ම එකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා. දවස සලකන්නා ස්වාමීන්වහන්සේ උදෙසා ඒක සලකන්නේය. කන තැනැත්තාද දෙවියන්වහන්සේට ස්තුතිකරන බැවින් කන්නේ ස්වාමීන්වහන්සේ උදෙසාය. නොකන තැනැත්තාත්, ස්වාමීන්වහන්සේ උදෙසා නොකා සිට දෙවියන්වහන්සේට ස්තුතිකරන්නේය.
රෝම 14:1-6 Sinhala New Revised Version (NRSV)
ඇදහිල්ලෙහි දුර්වල තැනැත්තා සතුටින් පිළිගන්න; එසේ කළ යුත්තේ ඔහු දරන මත ගැන වාද විවාද කිරීම පිණිස නොවේ. කොයි දේත් කන්න නිදහස ඇතැ යි කෙනෙක් සිතයි. ඇදහිල්ලෙහි දුර්වල වූ තැනැත්තා එළවළු පමණක් කන්නේ ය. කොයි දේත් කන තැනැත්තා එසේ නොකන තැනැත්තාට අවමන් නොකෙරේ වා; නොකන තැනැත්තා ද කන තැනැත්තා විනිශ්චය නොකෙරේ වා. මන්ද, දෙවියන් වහන්සේ ඔහු පිළිගෙන ඇත. අන් කෙනෙකුගේ මෙහෙකරුවා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද? ඔහුගේ නැඟීම හෝ වැටීම හෝ පිළිබඳ තීරණය ඔහුගේ ම ස්වාමියා සතු ය. ඔහුගේ නැඟීම ගැන සැකයක් නැත, ඔහු නඟා සිටු වීමට සමිඳාණන් වහන්සේට පුළුවන්කම ඇත. එක් කෙනෙක් එක දවසක් වෙන දවසකට වඩා සුබ යයි සිතයි; වෙන කෙනෙක් හැම දවසක් ම එක සමාන යයි සිතයි. මෙවැනි කරුණු ගැන එකිනෙකා තම තමාගේ ම සිතට එකඟ ව නිසැක තීරණයක් ගත යුතු ය. යම් දවසක් උසස් කොට සලකන්නා එසේ කරන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. කොයි දේත් කන තැනැත්තා ද දෙවියන් වහන්සේට ස්තුති දී කන බැවින්, කන්නේ සමිඳාණන් වහන්සේ උදෙසා ය. එසේ නොකන තැනැත්තාත් දෙවියන් වහන්සේට ස්තුති දී නොකා සිටින බැවින් එය කරන්නේ ද සමිඳාණන් වහන්සේ උදෙසා ය.
රෝම 14:1-6 Sinhala New Revised Version 2018 (SNRV)

රෝම 14:1-6 New International Version (NIV)
Accept the one whose faith is weak, without quarreling over disputable matters. One person’s faith allows them to eat anything, but another, whose faith is weak, eats only vegetables. The one who eats everything must not treat with contempt the one who does not, and the one who does not eat everything must not judge the one who does, for God has accepted them. Who are you to judge someone else’s servant? To their own master, servants stand or fall. And they will stand, for the Lord is able to make them stand. One person considers one day more sacred than another; another considers every day alike. Each of them should be fully convinced in their own mind. Whoever regards one day as special does so to the Lord. Whoever eats meat does so to the Lord, for they give thanks to God; and whoever abstains does so to the Lord and gives thanks to God.