රෝම 13:7-10 - Compare All Versions

රෝම 13:7-10 SROV (Sinhala Revised Old Version)

එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න. එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ. මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, ලෝභ නොවව යන ආඥාද, වෙන යම් ආඥාවක් ඇත්නම් ඒ ආඥාවද: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේ කීමෙහි අන්තර්ගතය. ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ නැත. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය.

බෙදාගන්න
රෝම 13 SROV

රෝම 13:7-10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ගෙවිය යුතු හැමට ගෙවන්න; වරිපණම් ගෙවිය යුත්තාට වරිපණම් ද බදු ගෙවිය යුත්තාට බදු ද ගෙවන්න. අවනත විය යුත්තාට අවනත වන්න. ගරු කළ යුතු අයට ගරු කරන්න. එකිනෙකාට ප්‍රේම කිරීම ගැන මිසක කිසිවකුට කිසිවක් ණය නො වන්න. මන්ද අනෙකකුට ප්‍රේම කරන්නා, ව්‍යවස්ථාව සම්පූර්ණ කරයි. “පරදාර සේවනය නො කරනු, මිනී නො මරනු, සොරකම් නො කරනු, තණ්හා නො වනු,” යන ආඥා හා සෙසු ආඥා, “ඔබට ම සේ ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන වචනයේ සම්පිණ්ඩනය වී ඇත. ප්‍රේමය අසල්වැසියාට හානියක් කරන්නේ නැත. එබැවින් ව්‍යවස්ථාවේ සම්පූර්ණත්වය ප්‍රේමයයි.

බෙදාගන්න
රෝම 13 SCV

රෝම 13:7-10 NRSV (Sinhala New Revised Version)

එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න. එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති. මන්ද, “කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න, ලෝභ නොවන්න” යන ආඥා ද තවත් අමතර ආඥා ඇත්නම් ඒවා ද, “නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන පාඨයෙහි සම්පිණ්ඩනය වී ඇත. ප්‍රේමය අසල්වැසියාට නපුරක් නොකරයි. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉටු කිරීම ය.

බෙදාගන්න
රෝම 13 NRSV

රෝම 13:7-10 SNRV (Sinhala New Revised Version 2018)

එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න. එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල්වැසියාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති. මන්ද, “කාමමිථ්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න, ලෝභ නොවන්න” යන ආඥා ද තවත් අමතර ආඥා ඇත්නම් ඒවා ද, “නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන පාඨයෙහි සම්පිණ්ඩනය වී ඇත. ප්‍රේමය අසල්වැසියාට නපුරක් නොකරයි. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ඉටු කිරීම ය.

බෙදාගන්න
රෝම 13 SNRV

රෝම 13:7-10 NIV (New International Version)

Give to everyone what you owe them: If you owe taxes, pay taxes; if revenue, then revenue; if respect, then respect; if honor, then honor. Let no debt remain outstanding, except the continuing debt to love one another, for whoever loves others has fulfilled the law. The commandments, “You shall not commit adultery,” “You shall not murder,” “You shall not steal,” “You shall not covet,” and whatever other command there may be, are summed up in this one command: “Love your neighbor as yourself.” Love does no harm to a neighbor. Therefore love is the fulfillment of the law.

බෙදාගන්න
රෝම 13 NIV