රෝම 12:3-9

රෝම 12:3-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මට දෙන ලද අනුග්‍රහයට අනුව ඔබ හැම කෙනකුට ම මා කියන්නේ, යුතු පමණට වඩා තමන් ගැන උතුම් කොට නො සිතා, දෙවියන්වහන්සේ ඔබට බෙදා දෙන ලද ඇදහිල්ලේ ප්‍රමාණයට අනුව, මධ්‍යස්ථ විනිශ්චයෙන්, තමන් ගැන සිතන්න කියා ය. අපට ඇති එක සිරුරේ බොහෝ අවයව ඇතත්, ඒ අවයවයනට ඇත්තේ එක ම කාර්ය භාරයක් නො වන පරිදි, අපත් බොහෝ දෙනකු නමුදු, ක්‍රිස්තුස්වහන්සේ තුළ එක ශරීරයක් ව, අන්‍යෝන්‍ය අවයව වේ. අපට දෙන ලද අනුග්‍රහයට අනුව අප එකිනෙකාට ඇති දීමනා විවිධ ය. කෙනකුගේ දීමනාව දිවැස් වැකි පැවසීම නම්, තම ඇදහිල්ලේ ප්‍රමාණය අනුව භාවිත කරත්වා. එය සේවය කිරීම නම්, සේවය කිරීමෙහි යෙදෙත්වා. ඉගැන්වීම නම්, ඉගැන්වීමෙහි නිරත වේවා, එය, දිරිගැන්වීම නම්, දිරිගන්වත්වා. ආධාර දෙන්නා, ත්‍යාගශීලී ව දෙත්වා. නායකත්වය දෙන්නා උද්යෝගිමත් ව ඒ කටයුතු කරත්වා. දයාව දක්වන්නා සතුටු සිතින් එසේ කරත්වා. ප්‍රේමය අව්‍යාජ වේවා. නපුර පිළිකුල් කරන්න; යහපත වැලඳගන්න.

බෙදාගන්න
රෝම 12 කියවන්න

රෝම 12:3-9 Sinhala Revised Old Version (SROV)

නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි. මක්නිසාද යම්සේ අපට එකම ශරීරයෙහි බොහෝ අවයව තිබෙන නුමුත් ඒ සියලු අවයවයන්ට එකම ක්‍රියාවක් නැතුවාක්මෙන්, බොහෝ දෙනෙක්වූ අපිත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එසේම එක ශරීරයක්ව, වෙන් වෙන් වශයෙන් ඔවුනොවුන්ගේ අවයවයෝ වෙමුව. එහෙයින් අපට දෙනලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තාවූ අපට ලැබුණේ අනාගතකීම නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වචන කියමු. සේවය නම් අපගේ සේවයෙහි යෙදී සිටිමු. උගන්වන්නා තමාගේ ඉගැන්වීමටත්, උපදේශ දෙන්නා තමාගේ උපදේශ දීමටත් භාරවේවා. දෙන තැනැත්තේ ත්‍යාගවන්තකමෙන්ද ආණ්ඩුකරන තැනැත්තේ උනන්දුකමෙන්ද කරුණාව පෙන්වන තැනැත්තේ ප්‍රසන්න ලීලාවෙන්ද එසේ කෙරේවා. ප්‍රේමය වංචා රහිත වේවා. නපුරට පිළිකුල්කොට යහපතට ඇලුම්වෙන්න.

බෙදාගන්න
රෝම 12 කියවන්න

රෝම 12:3-9 Sinhala New Revised Version (NRSV)

ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත්, දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැන්පත් සිතින් සිතන ලෙසත්, මට දී ඇති දේව වරප්‍රසාදය අනුව ඔබ එකිනෙකාට කියමි. එක ම මිනිස් සිරුරෙහි අපට බොහෝ අවයව ඇතත්, ඒ අවයවයෝ එක ම කාර්යය නොකරති. එසේ ම බොහෝ දෙනෙක් වූ අපිත් ක්‍රිස්තුන් වහන්සේ හා සම්බන්ධ ව එක ශරීරයක් වී, එහි වෙන් වෙන් වශයෙන් අන්‍යොන්‍ය අවයවයෝ වම්හ. අපට දෙන ලද දේව වරප්‍රසාදය අනුව අපේ කුශලතා විවිධ ය. ඒ කුශලතාව දහම් දෙසීම පිණිස නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව දහම් දෙසමු. එය ශුභ සාධක සේවය නම්, ඒ සේවයෙහි නිරත වෙමු. ගුරුවරයා ගුරු සේවයෙහි යෙදේ වා. අනුශාසකයා තම අනුශාසනා දීමට කැප වේ වා; ආධාර දෙන්නා ත්‍යාගශීලී ව දේ වා; මූලිකත්වය දරන්නා උද්‍යෝගිමත් ව සිටී වා; ලෙඩදුකට පිහිට වන්නා ප්‍රීතියෙන් එසේ කෙරේ වා. ප්‍රේමය අවංක වේ වා. නපුර පිළිකුල් කොට, යහපතට ඇලුම් වන්න.

බෙදාගන්න
රෝම 12 කියවන්න

රෝම 12:3-9 Sinhala New Revised Version 2018 (SNRV)